EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Adrishya Jalakangal (2023) | කවුද පිස්සා?

2023 අවසානය මලයාලම් සිනමාව හරිම උණුසුම්. එක දිගට කොමඩි ගොඩක් පොම්ප කරපු මලයාලියො දැන් දැන් අපූරු නිර්මාණ එළි දක්වන්න පටන් අරගෙන. මෙන්න අමුතුම රසක් තියෙන මලයාලමක්. IMDB 6.1ක් ලෙස දැක්වෙන මේක නම් අනිවාර්‍යයෙන්ම ඔබට දැනෙන එකක් වෙයි.

ටොවිනො තෝමස් මේ පාඅර 2018ත් අරන් ඔස්කා යන්න ඉන්නෙ. ඔහු නිශ්පාදනයෙන් දායක වෙන මේ චිත්‍රපටියෙ කඩවසම් ටොවිනෝට මොකද වෙලා තියෙන්නෙ?පෝස්ටරය දැක්කම එහෙම හිතෙයි. ඇත්තටම මම දකින විදිහට මේ ඔහුගෙ විශිෂ්ඨතම රංගනය. මලයාලම් සිනමාවෙ ඉන්න දක්ෂතම තරුණ නිළියක් නිමිශා සජයන්. ඇයත් දක්ෂ රඟ පෑමක් මෙහි කරනවා. බිජුකුමාර් දමෝදරන්ගෙ අධ්‍යක්ෂණයක්. කතාව වැඩිය කියන්නෙ නෑ. ඒත් එක ප්‍රශ්ණයක් තියෙනව ප්‍රධාන චරිත දෙකේ නම් මොනවද? පුළුවන් නම් කියන්න. මට නම් අහු උනේ නෑ.

“සෑම දෙනාම තුවක්කුව වෙනුවට අතට පොතක් ගත්ත නම් මේ ලෝකෙ කොච්චර සාමකාමී වෙනවද?!”

” සෑම දෙනාම සංගීතයට සවන් දුන්න නම් මේ ලෝකය කොච්චර සාමකාමී අරගල නැති එකක් වෙන්න තිබුණාද”

මේ ලෝකෙ ටිකක් හරි පිස්සු මිනිස්සු විතරයි සමාදානෙන් ඉන්නෙ.

මැරුණට පස්සෙ නම් වලින් වැඩක් තියෙනවද?

Comments