CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3484 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Tantiram (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Tantiram (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 06, 2023India99 Min.
Your rating: 0
5.5 11 votes
Tantiram (2023) Sinhala Subtitles | “වේදනාවකින් කෙළවර වූ තණ්හාව”

ඔන්න අදත් තවත් අලුත් තෙළිඟු චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙන ආවා..මේක නමින් Tantiram (2023)..Tantiram කියලා කිව්වට මේකේ සම්පූර්ණ නම වෙන්නේ Tantiram: Chapter 1: Tales of Shivakasi කියන එක..තෙලිඟු සිනමාව කිව්වොත් අපි ගොඩක්ම දකින්නේ මසාලා ටයිප් එකේ ෆිල්ම් සෙට් එකක්..ඒත් මේක ඊට වඩා වෙනස් තෙළිඟු සිනමාව තුළ අඩුවෙන් කතා වුණ මාතෘකාවකින් නිර්මාණය වුණ චිත්‍රපටයක්..මොකද මම එහෙම කියන්නේ මේක අයිති වෙන්නේ Fantasy /Horror /Mystery / Thriller කියන කාණ්ඩ වලට..ඉතින් මේ Fantasy , Supernatural කාණ්ඩයේ චිත්‍රපට තෙළිඟු සිනමාව තුළ එන්නේ ගොඩක්ම අඩුවෙන් කියලා තමයි මමනම් හිතන්නේ..

Tantiram - Rotten Tomatoes

පහුගිය ඔක්තොම්බර් 13 වෙනිදා තිරගත වුණ මේ චිත්‍රපටය රචනා කරලා තියෙන්නේ Shabaz MS සහ Wineeth Ponnuru විසින්..ඒ වගේ අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Muthyala Meher Deepak විසින් වගේම නිෂ්පාදනය Srikanth Kandragula ගේ අතින් තමයි සිද්ධ වෙලා තියෙන්නේ..ප්‍රධන චරිත සඳහා Srikanth Gurram සහ Priyanka Sharma රංගනයෙන් දායක වෙලා තියනවා..ඊට අමතරව Avinash, Srinivasa Murthy වගේ අයත් රංගන දායකත්වය ලබා දීලා තියනවා..Ratings පැත්තට හැරිලා බැලුවොත් මේ වෙද්දි IMDb දර්ශකයේ 8.4/10 (1.8K+ Votes) සහ Rotten Tomatoes දර්ශකයේ 98% ක අගයකුත් ලබාගන්න මේ චිත්‍රපටයට හැකියාව ලැබිලා තියනවා..

Tantiram: Chapter 1 - Tales of Shivakasi' teaser garners tremendous response, film all set to hit theatres | Telugu Movie News - Times of India

දැන් අපි මේ ෆිල්ම් එක ගැන ටිකක් කතා කරමු..

ඉතින් මේකේ නම වෙන Tantiram: Chapter 1: Tales of Shivakasi (2023) කියන එක දැක්ක ගමන්ම ඔයාලට තේරෙනවා ඇතිනේ මේක ඉදිරියෙදි තවත් කොටස් වලින් සමන්විත වෙන්න නියමිතයි කියලා..ඉතින් මේක තමයි එහෙම එන්න නියමත මේ ෆිල්ම් සීරිස් එකේ පළවෙනි පරිච්ඡේදය..ඉතින් මේ කතාව පදනම් වෙලා තියෙන්නේ එක්තරා අමනුෂ්‍ය කොටසක් පාදක කරගනිමින්..⁣⁣මේ ෆිල්ම් එකේ එන අමනුෂ්‍ය කොටස හඳුවන්නේ ‘ජින්’ කියන නමින්..ඇත්තටම මේ ජින්,ජින්නි කියන වචනේ ගොඩක්ම දකින්න ලැබෙන්නේ අරාබි සහ මුස්ලිම් පුරාවෘත්ත වල..ඒවට අනුව ජින් කෙනෙක් කියන්නේ දෙවියන්ට වඩා පහත් මනුෂ්‍ය සහ සත්ත්ව කියන වේෂයන්ගෙන් පෙනී ඉදන් මිනිස්සුන්ව තමන්ට නතුකරගන්න පුලුවන් අමනුෂ්‍ය කොටසක්..ෆිල්ම් එකේ ගොඩක් තැන් වල මේ “ජින්” කියන වචනේ කියවෙන නිසා තමයි ⁣මම මේ පැහැදිලි කිරීම කරේ..

ෆිල්ම් එකේ ස්ටොරිය ගැනත් ටිකක් මෙහෙමම කිව්වොත් මම කලින් කිව්වා වගේ මේක ගෙතෙන්නේ අමනුෂ්‍ය බලවේගයක් වටා..අජේ කියන තරුණයා තමන්ගේ යාලුවොත් එක්ක පොඩි අඩියක් ගහන්න රෑ එක තැනකට යනවා..එතනදි හොල්මන් කතාවක් කියන්න කියලා අජේට යාලුවෙක් කියනවා..ඉතින් අජේ තමන්ගේ ගමේම වුණ එක ඇත්ත හොල්මන් කතාවක් කියන්න පටන් ගන්නවා..ඉතින් මේ කතාවේ ප්‍රධාන චරිත වෙන බාලචන්ද්‍රන් කියන්නේ ආදිලක්ෂ්මි කියන ගිණිකෙළි නිෂ්පාදන ආයතනේ අයිතිකාරයා වුණ අධිබාන්ගේ පුතා..බාලචන්ද්‍රන්ගේ අම්මා එහෙමත් නැත්තන් අධිබාන්ගේ බිරිඳ බාලචන්ද්‍රන් පොඩි කාලෙම වෙන කෙනෙක් එක්ක පැනලා යනවා..ඉතින් ඒ නිසා බාලචන්ද්‍රන් ලොකු වෙද්දි ගෑණු අයත් එක්ක තරහතින් තමයි ඉන්නේ..ඒත් අධිබාන් බලචන්ද්‍රන්ව බලෙන්ම කසාද බන්ඳලා දෙනවා..ඒත් බාලචන්ද්‍රන්නම් තමන්ගේ බිරිඳ එක්ක කිසිම සම්බන්ධයක් තියාගන්න කැමති වෙන්නෑ…ඒත් දවස් ගෙවීගෙන යද්දි මේ දෙන්නා ටික ටික කිට්ටු වෙනවා..දෙන්නා ආදරෙන බැඳෙනවා..ඒත් එක්කම බාලචන්ද්‍රන්ගේ ජීවිතේ වෙනස් කරමින් බාලචන්ද්‍රන්ට තමන්ගේ ෆැක්ට්‍රියෙදි විකාර සද්ද ඇහෙන්න ගන්නවා..එක ආත්මයක් තමන් එක්ක කතා කරන්න ගන්නවා..ඔන්න ඔතනින් තමයි මේ කතාව පටන් ගන්නේ..

  • මේ කියන ජින් කියන අමනුෂ්‍ය බලවේගේ කවුද?
  • එයාගෙන් බාලචන්ද්‍රන්ට මොන වගේ බලපෑමක් වෙයිද?
  • අවසානේ බාලචන්ද්‍රන්ට මේකෙන් ගැලවීමක් ලැබෙයිද ?

කියන ප්‍රශ්න වලට උත්තර දැනගන්නම් ඔයාලට මේ චිත්‍රපටය බලන්නම වෙනවා..මේක තවත් කොටස් වලින් සමන්විත වෙන නිසා මේක ඇත්තටම කිව්වොත් එක්තරා කතාවක ආරම්භයක් විතරයි..නියම කතාව දැනගන්නනම් දෙවනි පරිච්ඡේදයත් එනකන්ම ඉන්න වෙනවා..😁 එහෙනම් Tantiram Chapter 1 බලලා වැඩේට ආරම්භයක් ගන්නකෝ…

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අංජුල උමේෂ් (Cinerulk)
IMDb 8.4 /10 1,883 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

The Lost Bus (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sinners (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Malaikottai Vaaliban (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hotel Transylvania 3: Summer Vacation (2018) Sinhala Sub
The Twilight Saga: Breaking Dawn – Part 2 (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mourning Grave (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Naruto: Blood Prison (2011) with Sinhala Subtitles
U Turn (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Till Death (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Beautiful Vampire (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Asterix & Obelix: Mission Cleopatra (2002) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Killer Influence (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published