EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

A Million Miles Away (2023) | හීන දුර වැඩි නැහැ

2023 අවුරුද්දේ නිකුත් වුණ චිත්‍රපටියක් තමයි අද අරගෙන ආවේ. මේ චිත්‍රපටිය ගැන කියන්න කලින් මම ඔයාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නම්… මතකද කල්පනා චව්ලාව? මතක අය කීප දෙනෙක්ට හරි තාමත් බයිස්කෝප් පැත්තේ ඇවිත් යන්න තරම්වත් ජීවිතේ ඉස්පාසුවක් ඇති කියලා මම හිතනවා. ඔයා 2000ට කලින් ඉපදුනු කෙනෙක් නම් ඉතින් සමහර විට පොඩි හරි මතකයක් ඇති ඒ ගැන. මොකද කොළොම්බියා අභ්‍යාවකාශ ෂටලය දින 15 ක අභ්‍යාවකාශ චාරිකාවක් නිමා කරලා 2003 පෙබරවාරි 1 වෙනිදා නැවත පෘථිවි වායුගෝලයට ඇතුළු වීමේ දී පුපුරා යාම නිසා එහි ගමන් කළ කාර්ය මණ්ඩලයේ සියළු දෙනාම මිය ගිය සිද්ධිය ඒ කාලෙ ලෝකය පුරාම විශාල වශයෙන් කතාබහට ලක් වුණ මාතෘකාවක්. රූපවාහිනි ප්‍රවෘත්ති වල විතරක් නෙවෙයි පුවත් පත් වල පවා පිටු ගණන් වාර්තා ඒ පිළිබඳව පළ වුණා. මිය ගිය ගණන 7 දෙනෙක් වුණත් ඒ අතරින් විශේෂයෙන් කතා බහට ලක් වුණ කෙනෙක් හිටියා. ඒ තමයි කල්පනා චව්ලා. කල්පනා උපතින් ඉන්දියානු ජාතිකයෙක් වුණ නිසා සමහර විට ආසියාතිකයෝ ඒ ගැන වැඩි වශයෙන් කතා කළා වෙන්නත් පුළුවන්. කොහොම හරි මිය ගිය අනික් පුද්ගලයන්ගේ නම් කාලයත් එක්ක මතකයෙන් ඈත් වෙලා ගියත්, කල්පනා චව්ලා කියන නම ගොඩක් දෙනාට අමතක වුණේ නැහැ. ඇයව වීරවරියක් සහ පරමාදර්ශී චරිතයක් විදියට බොහෝ දෙනා සැළකුවා. ඇගේ ජීවිත කතාව විවිධ මාධ්‍යයන් ඔස්සේ ප්‍රකාශයට පත් කෙරුණා. මේ විදියට තමන්ගේ මරණයෙන් පස්සේ ලෝකය පුරාම ඉතාම ගෞරවනීය විදියේ ප්‍රසිද්ධියක් ලබපු ඇගේ වයස මිය යන විට අවුරුදු 40 ක් පමණක් වුණා.

 

 

චිත්‍රපටිය පටන් ගන්නේ ද මමාස් ඇන්ඩ් ද පපාස් සංගීත කණ්ඩායමේ කැලිෆෝනියා ඩ්‍රීමිං කියන ගීතයේ ඛණ්ඩයක් පසුබිමෙන් වාදනය කරමින්. 1965 දී නිකුත් කරන ලද මේ ගීතය එම සංගීත කණ්ඩායමේ වඩාත් ජනප්‍රිය ගීතයක් බවට පත් වුණා. සිසිර සෘතුවේ සීතල දිනෙක දී, කැලිෆෝනියාවේ උණුසුම සහ හිරු රශ්මිය විඳ ගැනුමට ඇති ආශාවක් පිළිබඳව එම ගීතයෙන් කියැවෙනවා. හොසේ සහ ඔහුගේ පවුලත් ඒ විදියට මෙක්සිකෝවේ ඉඳලා වඩාත් සුවපහසු ජීවිතයක් බලාපොරොත්තුවෙන් කැලිෆෝනියාවට ගිය අය. ඉතින් කැලිෆෝනියාවෙදි ඔවුන් කොහොමද ජීවිතේ ඉලක්ක සපුරා ගන්න වෙහෙස වෙන්නේ කියල බලන්න පුළුවන් වෙනවා ඔයාටත් මේ චිත්‍රපටිය බැලුවොත්. එහෙනම් චිත්‍රපටිය බලලා රසවිඳින්න කියලා ආරාධනා කරන ගමන් ගිහින් එන්නම්.

Comments