EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Outrage (2023) | “පළිගැනීමේ සිදුවීමක්”

මේ ෆිල්ම් එක Thriller catogary එකට අයත් ඉතාම බිහිසුණු කථාවක්. පැය 1යි විනාඩි 18ක් දිග මේ ෆිල්ම් එක, එක හුස්මටම බලාගෙන යන්න පුළුවන් තරම් ත්‍රාසජනකයි.

මේක අද්‍යක්ශනය කරන්නේ Mathieu Bonzon කියන අද්‍යක්ෂකවරයා. ඒ වගේම මේ කථාව ලියන්නේ Mathieu Bonzon, R.F.I. Porto සහ Marlène Poste කියන තුන්දෙනා. එතකොට මෙ ෆිල්ම් එකේ ප්‍රධාන චරිථ වලට රංගනයෙන් දායක වෙන්නේ Julie Gayet, Adelaide KaneJay සහ O. Sanders.

කථාව ගැන කියනවනම්, මෙතන තියෙන්නේ පළිගැනීමේ සිදුවීමක්. මැක්ස් මොරියු කියන අහිංසක තරුණයාව පොලීසිය සහ දේශපාලන පක්ෂයක් එකතුවෙලා මරලා දානවා. ඒකට මැක්ස් ගෙ අම්මා ඉතාමත් සූක්ෂම විදියට සැළසුම් කරල කරන පළිගැනීමක් තමා මේ ෆිල්ම් එකට තේමා වෙන්නේ. තමන්ගේ පුතාගේ මරණයට හේතු උන දේශපාලකයෝ පොලිස් නිළධාරීන් ඔක්කොම එකම තැනකට ගෙනල්ල මාරාන්තික උගුලකට අහු කරලා මරල දාන එක තමා මේ අම්මාගේ සැලැස්ම. එහෙනම් කථාව බලන්නකෝ. ඒ අම්මා සාර්ථක වෙයිද?කාට හරි බේරිලා යන්න පුළුවන් වෙයිද? කියලා.

Comments