EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Margazhi Thingal (2023) | කවීගේ ප්‍රේමය

මාර්ගලි තිංගල් නොහෝත් මර්තු මස සදුදින , මේ දවස විශේෂවෙන්නේ ඒ පොහොදිනයක් වෙන නිසයි. මේ චිත්‍රපටයට ප්‍රධාන චරිතය භාරතිරාජා කරනවා. මේ අධ්‍යක්ෂකත් නවකයෙක්. ඒ මනෝජ් භාරතිරාජා….. භාරතිරාජා කියපු ගමන් හිතුනා නේද ? ඔව් මේ භාරතිරාජාගේ පුත් මනෝජ් , මේ චිත්‍රපටය මනෝජ් සිනමාවට අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් ඇතුල්වෙන දොරකඩක් වෙනවා. මෙක මෙයගෙ පළවෙනි චිත්‍රපටය. ආරම්භයේදී භාරතිරාජා කියනවා එයා ආශාකලේ පුතා නලුවෙක් වෙනවට නමුත් පුතා ආශාකලේ අධ්‍යක්ෂකවරයෙක් වෙන්න කියල, මනෝජ් චිත්‍රපටි කිහිපයක රගපෑවත් එයාගේ ආශාව අධ්‍යක්ෂවරයෙක් වීමයි. භාරතිරාජා කියන්නේ ග්‍රාමීය ප්‍රේමය ගැන කවියක්වගේ චිත්‍රපටිදෙන්න පුලුවන් දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්. ඒ ගැන වෙනම කියවන්න ඕන දෙයක්. ඉතින් මේ පුතු මනෝජ් තාත්තගේ අඩිපාරේම යන්න හදනපාටක් පේන්නේ. ග්‍රාමිය ප්‍රේම වෘතාන්තයක් ආරම්භකරන්නද හදන්නේ කියල හිතාගන්න බෑ. ආරම්භය සුබයි .

මේකේ කතාව සුසීන්දිරන්ගේ නිෂ්පාදනත් එයාමයි. මේ චිත්‍රපටයේ හොදම එක තමයි සංගීතය. ඒ ග්‍රාමීය සංගීතය කිව්වම ඔලුවට එකපාරටම එන පුද්ගලයා තමයි ඉලයරාජා. ආයේ සංගිතයගැන කියන්න ඕනේ නෑනේ. කැමරාකරණයෙන් වනචිත්තන් මුරුගේසන් විසින් වන අතර සංස්කරණය තියාගු විසිනි. මේ අයැගේ කැපවීමෙන් ඔක්තෝබර් 27 වෙනිදා තිරයට පායපු මාර්ගලි තිංගල් රොමැන්ටික් ඩ්‍රාමා මූවීස්වලට කැමති අයට රසදෝතක් වෙනවා නිසකයි.

කතාව බලමු.
අම්මා තාත්තා නැති කවිට මුලු ලෝකයම වුනේ එයාගේ සීයා. සීයටත් කවීගෙන් තොර ලෝකයක් නෑ. කවිගේ ආකල්පය තමයි හොදම දෙන්නෙක්නම් දෙන්නා අතර කිසිම රහසක් නොතිබිය යුතුයි කියන එක. කවීගේ ලෝකයට විනෝද් එනවා. කවි සීයට කිසිම දෙයක් හංගන්නේ නෑ. සීයා කැමතිවෙනවා. සීයත් කැමතිනම් මේ ෆිල්ම් එකේ තියෙන විශේෂත්වය මොකක්ද ? ඒක තමයි බලන්නම ඕන එක. එහෙනම් බලලම කියන්න. අනිවාර්යෙන් මේ මොකක්ද වුණේ කියලනම් හිතේවි…

Comments