EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Mission Raniganj (2023) | රානිගන්ජ් මෙහෙයුම

(Mission Raniganj (2023) Sinhala Subtitles) (Mission Raniganj (2023) Sinhala Sub) (Mission Raniganj Sinhala Subtitles) (Mission Raniganj Sinhala Sub)

හැමෝටම සුබ දවසක්…

ඉන්දියාවේ සිටි වීරයෙක්ගේ දැවැන්ත මෙහෙයුමක් මත පදනම්ව නිර්මාණ වූ ෆිල්ම් එකක සිංහල උපසිරැසි අරගෙන ආවා. නමින් Mission Raniganj. ඉතින් මේ ෆිල්ම් එක

IMDb – 7.3/10

Release date – October 6, 2023

Running Time – 134 minutes

තවද මෙම ෆිල්ම් එක

Directed by – Tinu Suresh Desai
Produced by – Vashu Bhagnani, Deepshikha Deshmukh, Jackky Bhagnani, Ajay Kapoor
Story by – Deepak Kingrani, Poonam Gill
මෙහි නළු/නිළියන් ලෙස (Cast)

Akshay Kumar – ජස්වන්ත් සිං ගිල් ලෙසත්,
Parineeti Chopra – නිර්දෝෂ් ලෙසත්,
Kumud Mishra – උජ්වාල් ලෙසත්,
Pavan Malhotra – බින්දල් ලෙසත්
Rajesh Sharma – ගෝවර්ධන් මහත්තයා ලෙසත්,
Ravi Kishan – බෝලා ලෙසත්,
Varun Badola – ශාලිග්‍රාම් ලෙසත් රංඟනයෙන් දායක වෙනවා.
කතාව ගැන කෙටියෙන්…

1983 දී රානිගන්ජ් ප්‍රදේශයේ “කෝල් ඉන්දියා” සමාගම යටත් අයත් එක් පතලක මධ්‍යම රාත්‍රියේ පසු රෑ වරුව වැඩ කිරීම සඳහා බෝලා, පාශු, බාකේලාල්, ශාලිග්‍රාම් සහ බෙහේරා ඇතුළු එක් කණ්ඩායමක් පතල තුළට යනවා. මේ අතරතුරදි නව පතල් කොටසක් විවෘත කිරීම සඳහා පිපිරීමක් සිදු කරනවා. ඒ අවස්ථාවේදී එම පතල ආසන්යේ තිබී චාස්නාලා නම් ජල රැදි තිබු කොටස විනාශ වී පත්ල තුළට කාන්දු වෙනවා. මේ හදිසි අනතුර පතල තුළ වෙනත් කොටස් වල සිටි මිනිස්සුන්ට ආරංචි වූවත් පාශුගේ කණ්ඩායමේ අයට පරක්කු වී මේ නිවේදනය ලැබෙනවා. ඒ දුරකථන අංශය ළඟ සිටි බෙහේරා නම් කෙනාට ඇසීමේ යම් කිසි දුර්වල කම නිසාය.

මේ නිසා ඔවුන් පතලේ කොටු වෙනවා. ඉතින් මේ කණ්ඩායම බේරා ගැනීමට ජස්වන්ත් සිං ගිල් නම් කෙනෙක් ඊට මැදිහත් වෙනවා.

ඉතින් මේ පතල්කරුවන් බේරා ගැනීමට ඔහු යොදන උපක්‍රම මොනවද?

Comments