EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Pippa (2023) | “යුධ මෙහෙයුම”

මේ 2023 අවුරුද්දේ නොවැම්බර් 10 වෙනිදා රිලීස් වෙච්ච මේ ෆිලුම අයත් වෙන්නෙ Action / War කියන Category එකට.. War කියන එක දැක්ක ගමන් දන්න අය දන්නවා මේක ආමි ෆිලුමක් කියලා..ඔව් ෆිල්ම් එකෙන් බාගෙකටත් වැඩියෙන් තියෙන්නේ යුද්දේ.. කොහොම හරි ඔයාලම බලලා තීරණය කරන්නකෝ මේක කොහොමද කියලා…

ගොඩක් අය මේක බලන්න තෝරාගන්න ලොකු හේතුවක් තමා Mrunal Thakur ඉන්න එක..ගොඩක් අයගෙ ක්‍රෂ් එකනේ ඉතින් 🤭 අපේ නානි කොල්ලගේ Hi Nanna 2023 ෆිලුමත් මෘනාල් එක්ක මේ දවස් වල ජයටම යනවනේ..මට මේක බලන් යද්දී නිකමට වගේ හිතුනා එයාව ෆිලුම හිට් කරගන්න වගේ බලෙන් ඔබලා දෝ මන්ද කියලා.. හැමෝම බලාපොරොත්තු වෙන්නේ මෙයා මේකෙ පෙම්වතියගෙ චරිතේ කරයි කියලා..හැබැයි ප්‍රධාන නළුවාව දැකපු ගමන් මගේ ඒ බලාපොරොත්තුව නම් නැති උනා.. කොහොමින් කොහොමින් හරි මෘනාල් මේකෙ කරන්නේ අපේ වීරයාගේ “අක්කා” ගෙ චරිතේ…

අපේ වීරයා කව්ද කියලා කියනවනම් 2018 ආපු Dhadak කියන හින්දි ෆිලුම ගොඩක් අය බලලා ඇති.. අන්න එකේ රංගනයෙන් දායක වෙන Ishaan Khatter තමයි මේකෙත් ප්‍රධාන චරිතේ කරන්නේ..ඉන්දියානු හමුදාවේ කැප්ටන් කෙනෙක්ගෙ චරිතයක්‌ කරන්නේ.. මට හිතෙනවා කොල්ලා චරිතෙට උපරිම සාදාරනයක්‌ කළා කියලා..

Cast
Ishaan Khatter as Captain Balram Singh Mehta
Mrunal Thakur as Radha Mehta
Priyanshu Painyuli as Major Ram Mehta
Soni Razdan as Maati
Inaamulhaq as Shibli

ඇත්තටම විස්තරේ නම් කියන්න දෙයක් නෑ.. නැගෙනහිර පකිස්තානුවන්ගෙන් බංගලාදේශයට නිදහස අරන් දෙන්න කරන යුද්දය තමයි තියෙන්නේ..

War ෆිල්ම්ස් වලට ආස කට්ටියට බලන්න පුළුවන් හොද ෆිල්ම් එකක් ❤️

Comments

October 23, 2024

❤️👍