EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Call Me Chihiro (2023) | “චිහිරෝ”

(Call Me Chihiro (2023) Sinhala Subtitles ) (Call Me Chihiro Sinhala Subtitles ) (Call Me Chihiro (2023) Sinhala Sub) (Call Me Chihiro Sinhala Sub)

චිහිරෝ කියන්නේ මුහුදු බඩ ප්‍රදේශයක ජීවත් වෙන ,බෙන්තෝ කඩේක වැඩ කරන ගැහැනු ළමයෙක් .චිහිරෝට වයස අවුරුදු 29.චිහිරෝ කියන්නේ නිදහසේ ඉන්න කැමතී,ආදෙරේ විශ්වාස කරන්නේ නැති, ජීවිතෙන් පැනලා දුවන කෙනක් .මෙයා බෙන්තෝ කඩේ වැඩ කරන්න කලින් ලිංගික ශ්‍රමිකයෙක් විදියට වැඩ කරේ .

ඒ නිසාම මෙයා නගරේ කවුරුත් දන්න කෙනෙක්. දවසක් මෙයා බෙන්තො කඩේ වැඩ කරනකොට වයසක ගෙයක් නැති සීයා කෙනෙක් හම්බවෙන්ව.චිහිරෝ එයාට කන්න හැමදාම බෙන්තො එකක් අරන් යනවා.එයා ළඟ ගඳ නිසා ගෙදර එක්කරගෙන ගිහින් නාවලා චිහිරෝගෙ ඇදුමකුත් දෙනවා ඇදගන්න.

චිහිරෝ හැමදාම වැඩ ඉවර වෙලා මේ සියව හොයාගෙන යනවා බෙන්තො එකකුත් අරගෙන ,මෙහෙම සියව හොයාගෙ යනකොට චිහිරෝට බසිල් කියලා ගෙදරින් එලියට දාපු උසස් පාසල් ගැහැනු ලමයෙකුත් හම්බවෙන්වා. දවසක් චිහිරෝ මේ සියව හොයාගෙන යනකොට එයා වත්තක මැරිලා ඉන්නවා.චිහිරෝ තනියම වලක් කපලා එයාව වල දානවා. මේ විදියට චිහිරෝට ගොඩක් අය මුනගැහෙනවා.කුනිකෝ කියල එයාට ඕන මොනවද කියලා හරියට දන්නේ නැති උසස් පාසල් ගැහැනු ලමයෙක්,

මකොතෝ කියන අම්මත් එක්ක ජීවත් වෙන අම්මව ගොඩක් මගහැරෙන ප්‍රාථමික පාසල් යන පිරිමි ළමයෙක් ,උට්සුමි කියන ලිංගික ශ්‍රමිකයෙක් විදියට වැඩ කරපු තැන ලොක්කා මේ වගේ තව ගොඩක් අය මෙයාට මුනගැහෙනවා.අනික චිහිරෝ කියන්නේ මෙයාගෙ ඇත්ත නම නෙවෙයි.චිහිරෝ කියන්නේ එයා ලිංගික ශ්‍රමිකයෙක් විදියට වැඩ කරපු කාලෙ පාවිච්චි කරපු නම.

මෙයා චිහිරෝ කියලා නම තියන්නත් හේතුවක් වුන කෙනක් ඉන්නවා. චිහිරෝ නිසා ගොඩක් අයගේ ජීවිත වෙනස් වෙනවා. චිහිරෝත් ජීවිතෙන් පැනලා යන එක නවත්තනවා.අලුතෙන් ජීවිතේ පටන් ගන්නවා.

Comments