EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Falimy (2023) | අවුල් පවුල් වන්දනාව.

කාලයක් උණුසුම් මලයාලම් චිත්‍රපටි ගෙනාවට පස්සෙ ආයෙත් ඔන්න ලස්සන මලයාලම් කොමඩියක්. මේක ගැන ගොඩක් අය බලාපොරොත්තු තියාගෙන හිටියෙ OTT release වෙනකල්. ඔන්න 18 වෙනිද ආව. දැනට IMDB 7.0 ක් තියෙන නිතින් සහදේව්ගෙ පළමු අධ්‍යක්ෂනය මේ.
මේක පවුලෙ කතාවක්. නම දැක්ක ගමන් තේරෙනවනේ. ඒත් අකුරක් පැටලිලා වගේ නේද? ඔව් ෆැමිලි නමේ අකුරු පැටළුන වගේම පවුලත් පැටළිලා. සීයා. තාත්තා, අම්ම, පුතාල දෙන්න ඉන්න පවුලකට කොච්චර ලස්සනට ඉන්න පුළුවන්ද? ඒත් ඔක්කොම එකිනෙකාට වෙනස් පුද්ගලයො නිසා පවුලම මඤ්ඤං. ලෝකෙ එහෙම තියෙන එකම පවුල නෙමෙයි නේ. ගොඩක් පවුල් එහෙම තමයි.

Falimy (2023) Sinhala Subtitles
මේකෙ සීයා අවුරුදු 82ක්. ඒ මනුස්සය නිතරම ගෙදරට හොරෙන් පැනල යන්න හදනවා බරණැස් වල වන්දනාවකට. කිලෝ මීටර් 2500ක් විතර දුර. ඒත් කොහෙන් හරි ස්ටේශමට යන කොට කාට හරි අහුවෙලා ආපහු ගෙදර ගෙනත් දානවා. කම්මැලි, නිදිමත ආත්මාර්ථකාමී තාත්තෙක් ඉන්නවා මෙලෝ දෙයක් නොකරන. ලෝකෙ කඩා වැටුනත් ගාණක් නෑ. අම්මා තමයි සේරම ගෙදර රන් කරන්නෙ. බාල සහෝදරයගෙ එකම සිහිනය එංගලන්තයට පනින එක. ඒත් ඒ සිහිනයට යන්න තරම් මිනිහගෙ ලොකු කැප වීමකුත් නෑ. ලොකු එකා තමයි ප්‍රධාන චරිතය. ඌ අහිංසකය ටිකක් පවුල ගැන හිතනවා ඒත් අත ගහන කිසිම වැඩක් හරි යන්නෙ නෑ. එයාගෙ කසාදෙටත් ඒකමයි වෙන්නෙ. අන්තිම දවසෙ ඒකත් අවුල් වෙනවා.

Falimy (2023) Sinhala Subtitles
අවුලෙන් ඉන්න එයා ඔන්න සීයව බරණැස් අරන් යන්න තීරණය කරනවා. ඔන්න අනිත් අයත් ඒකට එකතු වෙනවා. කට්ටිය පවුලක් හැටියට කාලෙකට පස්සෙ ඔන්න චාරිකාවක් යනවා. ඔන්න චාරිකාව ආරම්භ කරනවා ත්‍රිවේන්ද්‍රම් සිට කෝච්චියෙන්. එතැන් සිට මුළු කතාවම දුවන්නෙ ඒ අපූරු චාරිකාව ගැන තමයි. අත ගහන හැම දේම වරදින ඒත් අහිංසක අපේ කතා නායකයා කට්ටිය බරණැස් එක්ක යයිද? පවුලක් හැටියට එකමුතුව මේ දීර්ඝ චාරිකාව යයිද? ත්‍රාස ජනක උනත් බලන අපිට නම් විනෝදෙන් බලා ගෙන ඉන්න පුළුවන් එයාලගෙ මේ අපූරු සිදුවීම් පෙළක් සහිත මේ චාරිකාව දිහා.

Falimy (2023) Sinhala Subtitles
BASIL JOSEPH, JEGADISH, MANJU PILLEI ප්‍රධාන චරිත රඟපානවා. නත්තලට කම්මැලි නැතුව උණු උණුවෙම බලන්න. නැවත හමු වෙමු.

Comments