EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Nothing to Hide (2018) | හැමෝගෙම රහස් එළියට ආවොත්…

2018දී නිකුත් වුණ Nothing to Hide කියන ප්‍රංශ ෆිල්ම් එක. මේක Drama/Thriller/Comedy යන genres වලට තමයි අයිති වෙන්නේ. IMDB අගය 6.8 කුත්, Rotten Tomatoesවල 83% ප්‍රතිශතයකුත් ගන්න මේ ෆිල්ම් එක සමත් වෙලා තියෙනවා. මේක Perfect Strangers කියන ඉතාලි ෆිල්ම් එකේ remake එකක්.

ඒවගේම මට අනිවාර්යෙන් කියන්න පුළුවන් මේක ඔයාලට පටන් ගත්ත වෙලාවේ ඉදන් අන්තිම වෙනකන්ම කිසිම කම්මැලිකමක් නැතිව බලන්න පුළුවන් ෆිල්ම් එකක් වෙයි කියලා! ඔයාල මේකෙ ඉංග්‍රීසි හඩකවපු එකට වඩා, original audio(french) එකෙන්ම බැලුවොත් හොදයි කියලත් මතක් කරනවා. මොකද English එකේදි තැන් කීපයක උපසිරැසි හරියටම sync වෙන්නෙ නැතිවෙනවා..ලොකුවට ගැටලුවකුත් නැහැ ඉතිං.. Nothing to Hide (2018) Sinhala Subtitles

කතාව ගැන කිව්වොත්, මේ ෆිල්ම් එකේ වෙන්නේ වින්සන්ට් කියන කෙනාගෙ ගෙදර වෙන සිද්ධියක් ගැන. මේ වින්සන්ට් එයාගෙ ගෙදර ඩිනර් එකකට එයාගේ යාළුවන්ට ආරාධනා කරනවා..පස්සෙ කට්ටියම ඇවිල්ලා, කතා කර කර එහෙම ඉද්දි එක දෙයක් නිසා එක්කෙනෙක්ට පොඩි ගේම් එකක් කරන්න අදහසක් එනවා. ඒකෙදි කරන්න ඕනේ තම තමන්ගෙ ෆෝන් මේසය උඩින් තියලා, ඒ වෙලාවේදි එන හැම කෝල් එකක්ම, මැසේජ් එකක්ම, ඊමේල් එකක්ම අනෙක් අයටත් ඇහෙන්න කියවන්න ඕන එක. මුලදිනම් කට්ටිය හිනාවෙවී හිටියට කට්ටිය හංගගෙන හිටය දේවල් ටික ටික එළියට එද්දිනම් ඒක එහෙම වෙන්නෙ නෑ..ඒක ඉතිං ඔයාල ෆිල්ම් එක බලලම දැනගන්න.. Nothing to Hide (2018) Sinhala Subtitles

තව දෙයක්, මේ ෆිල්ම් එකේ අන්තිමේදි එක තැනක ඉදන් ඔයාලට හිතෙයි මේ මොකද මේ වෙන්නේ කියලා.spoil වෙන නිසා මම මෙතනදි ඒක කියන්නෙ නෑ, ඔයාලම කල්පනා කරලා බලන්න…”හැමෝගෙම රහස් එළියට ආවොත් මොකක් වෙයිද?” කියන එක hint එකක් විදියට ගන්න.

Comments

December 30, 2024

Okay