EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Trial (2023) | “මිනීමැරුම් චෝදනාව”

තෙළිගු භාෂාවේ චිත්‍රපටියක් වෙන මේක අධ්‍යක්ෂණය කරන්නේ Raam Ganni කියන අධ්‍යක්ෂකතුමා… මේකෙ ධාවන කාලය නම් එච්චර නෑ.. පැයයි විනාඩි 37 ක්‌ වගේ තමයි ෆිලුම දුවන්නේ..

මොන හේතුවක්ද මන්ද මට මේ ටිකේම මට සෙට් උනේ කාන්තාවක් ප්‍රධාන චරිත කරන ෆිල්ම්ස්.. හැමදාම බලන ප්‍රධාන නළු ෆිල්ම් රැල්ලෙන් පොඩ්ඩක් එහාට වෙලා මේවගේ ඒවාට සබ් ගේන්න වෙච්ච එකටත් මං ආසයි

ප්‍රධාන නිළිය විදියට රංගනයෙන් දායක වෙන්නෙ Spandana Palli කියන තෙළිගු සිනමාවට අලුත් නිලියක්.. රංගනය නම් ඉහළ මට්ටමක් තිබ්බ කියලා මට කියන්න අමාරුයි.. නෝමල් තමයි..එතකොට රංගනයෙන් දායක වෙන අනික් අය නම් තෙළිගු සිනමාවේ නිතර හමුවෙන අය නෙවෙයි.. ගොඩක් අය අලුත් වගේ.. එයාලගෙ නම් ගම් පහලින් දාන්නම්

Cast

Spandana Palli as Sub-Inspector Roopa
Yug Ram as Ajay, Roopa’s husband
Vamsi Kotu as Circle Inspector Rajeev
Udhay Pulime
Sakhi Uttada

විස්තරේ පැත්තට එනකොට,

රූපා කියන්නේ උප පොලිස් පරීක්ෂකවරියක්.. මෙයාගේ මහත්තය තමයි “අජේ” කියන්නෙ.. මෙයාල දෙන්න බැදලා හරියටම අවුරුද්දක්‌ පිරීමේ සතුට නිසා මෙයාල දෙන්න දවසක් එපාට්මන්ට් එකකට ගිහින් සන්වත්සරේ සමරනවා.. ඒකත් මෙයාල දෙන්න විතරයි.. ඔහොම විනාඩි 5ක්‌ 10ක්‌ ඉන්නකොට අජේ හදිස්සියේම බැල්කනි එකෙන් පහලට වැටිලා මැරෙනවා.. අජේගේ ගෙවල් වල අය රූපාව සැක කරනවා මේ මරණෙට..මේ නඩුව විසදන්න ඒ බල ප්‍රාදේශය බාර උසස් පොලිස් නිලධාරියෙක් මෙයාගේ ගෙදරට ඇවිත් මෙයාව අත්අඩංගුවට ගන්නවා.. ඒවගේම රූපාගෙන් ප්‍රශ්න කරනවා..

  • ඇත්තටම රූපා මේ මිනීමැරුම කරලද.?
  • නැත්තම් මේක හදිස්සි අනතුරක්ද.?
  • අජේ කියන්නේ පිටට පෙන්නන තරම් හොද මිනිහෙක්ද.?
  • කව්ද මේ නඩුව බාරගත්ත උසස් පොලිස් නිලධාරියා.?

ඔන්න ඔය ප්‍රශ්න ටිකත් ඔළුවේ තියාගෙනම මේ ෆිලුම බලන්න ගන්නකො එහෙනම්..

Comments