EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageSajini Shinde Ka Viral Video (2023) | සියල්ලෝම විත්ති කරුවන්
IMDB අගය 6.5 වගේ ගත්ත ඉතා සංවේදී කතා පුවතක් සහිත චිත්‍රපටයක්. මෑතදී නිකුත් වූ ඇක්ෂන් හිංදි චිත්‍රපට අත අරියම බලන්න සුදුසු වෙනත් ශානර වල චිත්‍රපට වලින් ඉහලින්ම තියන්න පුළුවන්.
Sajini Shinde Ka Viral Video (2023) Sinhala Subtitles
තාක්ෂනය දියුණුවත් සමග බිහි වුන විවිධ සමාජ මාධ්‍ය ජාලාවන් මිනිසාගේ පෞද්ගලිකත්වය සෑහෙන දුරකට පාලනය කරලා තිබෙන යුගයක ඉන්දියානු ගුරුවරියකගේ වීඩියෝවක් ලීක් වීමකින් සිදු ඇයට මුහුණ දෙන්න සිදුවෙන අවාසනාවන්ත ඉරණම මෙයට පාදක වෙලා තිබෙනවා.කොතරම් සමාජය ඉදිරියට ගියත් ඉන්දියානු සමාජය තවමත් විශ්වාස කරන්නේ පවුලක ගෞරවය තනිකරම රඳා පවතින්නේ පවුලේ කාන්තාවන් මත කියලායි.
Sajini Shinde Ka Viral Video (2023) Sinhala Subtitles
සජිනි ශින්ඩේ නම තරුණ පාසල් ගුරුවරියක් ඉතාම පෞද්ගලිකව සිය මිතුරියන් කීප දෙනෙකු සමග විදේශ චාරිකාවකදී සිය උපන්දිනය සමරනවා.වැරදීමකින් එහි දර්ශනයක් යෙහෙළියක් අතින් අන්තර්ජාලයට මුදා හරිනවා.මෙය එතරම් ගණන්ගත යුතු තත්වයක් නොවුනත් ඇය ගුරුවරියක් වූ නිසාම සමාජයට මෙය විශාල අපරාධයක් ලෙස සලකා ඇය වෙත ඇඟිලි දික් කරනවා.ඉතා දැඩි පවුල් පසුබිමක හැදී වැඩුනු ඇයට ඇගේ පවුල. පෙම්වතා පමණක් නොව රැකියාවත් අහිමි වන අවස්ථාවක ඇය සිය දිවි හානි කර ගැනීමේ සටහනක් සමාජ මාධ්‍යට මුදා හැර අතුරු දහන් වෙනවා.ඇයට මොකද උනේ? ඇය මියගිහින්ද? සැඟවුනාද? වැරදි කරුවෝ කවුද? පොලිසිය මෙය විමර්ෂනය කරද්දී විවිධ පාර්ශවයන්ට ඇඟිල්ල දිගු වෙනවා.
Sajini Shinde Ka Viral Video (2023) Sinhala Subtitles
දියණියගේ අතුරුදහන් වීමට වඩා පවුලේ ගෞරවය වදගත් සේ සලකන පියෙක්. පෙම්වතියගේ අතුරුදන් වීමට සැකයට බඳුන් වීම නිසා ඉන් මිදීමට දඟලන ආත්මාර්ථකාමී පෙම්වතෙක්, සිය ගෞරවය වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලන විදුහල්පතිනියක්. තම අත්වැරදීම වසා ගනිමින් සිය යෙහෙළියගේ ඉරණම තුලින් කාන්තා විමුක්තිය සඳහා සටන් කරන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිණියක්, අහිංසක ගැහැණීයක් ගල් ගැසූ එහෙත් ඇයගේ අතුරුදහන් වීමත් සමග එකිනෙකාට ඇඟිලි දික් කරමින් ආතල් ගන්නා සමාජයක්.
Sajini Shinde Ka Viral Video (2023) Sinhala Subtitles
මේ සියල්ල මැද ඇයට සිදු වූයේ කුමක්ද? අපි සොයමු.
Radhika Madhan, Nimrath Kavur,Soham Majumdar , ප්‍රධාන චරිත රඟන මෙහි අධ්‍යක්ෂනය Mikhil Musale ගෙන් .



