EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageJoe (2023) | සිංහල උපසිරැසි සමඟ
ඔන්න එහෙනම් 2024 වර්ෂයට ඔයාලට අලුත්ම ආදර කථා දෙකක් අඩංගු චිත්‍රපටයක් තමයි අරන් ආවේ. ඔයාලා Raja Rani බලල තියෙනවනේ.. අන්න ඒ වගේ ලයිට් වර්ශන් එකක් මේ.
මුල භාගයේ සිනාවෙන් අරන් ගිහින් අඩවලා, දෙවෙනි භාගෙදි ආයෙම දුක අමතක කරවන ජාතියේ ෆීල් ගුඩ් මූවි එකක් තමයි මේක. ඉතිං සෑහෙන කාලෙකින් තමයි දමිළ චිත්‍රපටයකට අසා ලිවීමක් කලේ. IMDB දර්ශකයේ 6.8ක අගයක් ගත්තු මේ Rom-Com චිත්‍රපටයට බොහෝ ප්‍රේක්ශක ප්‍රතිචාර ලැබුනා. ඒ වගේම 2023 හොඳම දමිළ චිත්‍රපට ලැයිස්තුවලත් මේ චිත්‍රපටය අන්තර්ගත වුනා.
කථාව පැත්තට ගියාම කොලේජ් එකක තමයි කථාව ආරම්භ වෙන්නේ.. කොලේජ් වල සීන් බලන්න ආසයි නේද? හිනාවෙන් පිරුණු සුන්දර මොහොතයන් තමයි අඩංගු වෙන්නේ. මෙහි සිටින එක් කණ්ඩායමක් ගැන සහ එහි සිටින ජෝ නම් කොල්ලෙක් සුචී නම් කෙල්ලෙක්ගෙ ආදරය පසු පස යෑමකින් තමයි ආරම්භ වෙන්නේ.
ඉතිං බොහෝ ලැජ්ජ ශීලී කෙනෙක් තමයි ජෝ කියන්නේ, සුචී කියන්නෙත් ජෝ සමග වැඩි කථා බහක් කර නැති අහිංසක මලයාලි කෙල්ලක්. ඉතිං මේ ආදරේ පස්සෙ යද්දි කොල්ලා මූණ පාන දේවල් හාස්‍යමය විදියට මෙහි අඩංගු වෙලා තියෙනවා.
ඒ වගේම මෙහි නිළියන් දෙන්නෙක් ඉන්නවා. ඉතිං මේ අනිත් නිළිය කවුද ඇයි ඉන්නෙ කියලා ඔයාලටම තමයි බලාගන්න වෙන්නේ.
ඉතිං අවසානේ සුචීගෙ හදවත දිනාගන්න ජෝ සමත් වෙනවා. එතැන් පටන් ලස්සන ආදර සමයක් ඇරඹෙනවා.


