CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2190 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Sam Bahadur (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sam Bahadur (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 01, 2023India148 Min.
Your rating: 0
7.8 5 votes
Sam Bahadur (2023) | නිර්භීත සෑම්

අද ඔන්න මම නැවතත් අළුත්ම හිංදි චිත්‍රපටයක උප සිරැසියක් ඔබ හමුවේ තබනවා. මෙවර ෆිල්ම් ෆෙයාර් සම්මාන උළලේ සම්මාන ලාභී චිත්‍රපට ලයිස්තුව ඔබ දැනටමත් දන්නවානේ. එහෙනම් මේ පාර නොමිනේශන් නමයක් සහ ජයග්‍රහන තුනක් ලබපු මේ ෆිල්ම් එක ගැන ඔබ දන්නවා ඇති. IMDB 8 ක් වැනි ඉහළ ප්‍රතිචාර ලබපු මේ චිත්‍රපටය අපට කෙසේ වෙතත් ඉන්දියානුන්ට නම් විශේෂ චිත්‍රපටයක්. ඉන්දියානු හමුදාවේ වීරත්වය සැබෑ චරිතයක් තුලින් විදහා දක් වන නවතම චිත්‍රපටය මෙය නිසා.

ෆීල්ඩ් මාෂල් සෑම් හෝමුස්ජි ෆ්‍රම්ජි ජම්ෂෙඩ්ජි මනෙක්ෂෝ (1914-2008) කියන්නෙ ඉන්දියානු හමුදාවෙ හිටපු පලමු ෆීල්ඩ් මාෂල් නිලය දැරූ හමුදා නිලධාරියා.ඔහුගේ ක්‍රියාකාරී හමුදා දිවිය දශක හතරක් සහ යුද්ධ පහක් පුරා විහිදුණු අතර එය දෙවන ලෝක යුද්ධයේ සේවයෙන් ආරම්භ උනා.ඉන්දියානු මිලිටර්ඩර්මි ඇකඩමියෙ පලමු නිලධාරී කණ්ඩායමේ පුහුණුව ලැබූ parsi ජාතික සෑම් බ්‍රිතාන්‍යයන් අතින් වීරත්වය උදෙසා මිලිටරි ක්‍රොස් සම්මානයෙන් පුද ලබන්නේ තරුණ නිලධාරියෙක් ලෙස දෙවන ලෝක යුද්ධයේදී බුරුමයේදී ජපන් හමුදා සමග කල සටනක ප්‍රතිඵලයක් ලෙස. එතැන් සිට ඉන්දීය යුධහමුදාව තුලට ඔහු ගෙන ආ වීරත්වය අනුව එම හමුදාවේ සදානුස්මරණීය නායකයෙක් ලෙස ඔහුගේ චරිතාපදානය මේඝනා ගුල්සාර් අධ්‍යක්ශක වරිය තිරයට මෙසේ නගා තිබෙනවා

දෙවන ලෝක යුද්ධයත් සමග තීව්‍ර වන ඉන්දියානු නිදහස් සටනේ ප්‍රතිඵලයක් ලෙස ඉන්දියානු අර්ධද්වීපයේ බ්‍රිතාන්‍ය පාලනය අවසන් වෙනවා. ඒත් ඔවුන් ආපසු යන්නෙ ඒ සුවිස්ල ඉන්දියාව ජාතිය අනුව දෙකට කඩලා. එක් වරම හින්දූන් හා අනිත් ජාතීන්ට ඉන්දියාවද මුස්ලිම් ජාතීන්ගේ ප්‍රදේශ පාකිස්ථානයටද අයිති වන ලෙස සීමා ලකුණු වීමත් සමග බොහෝ ඉන්දියානුන්ට තමන් අයිති විය යුත්තේ කුමන රටටද යන්න තීරණය කරන්නට සිදු වෙනවා. ඉන්දියානු හමුදාවේ එකට හිටිය මිතුරන්ටද මේ බෙදීම බලපානවා.parsi ජාතික සෑම් ඉන්දියානු කඳවුර තෝරා ගත්තත් ඔහුගේ මුස්ලිම් මිතුරන් කිහිප දෙනෙක් පකිස්ථානය තෝරා ගන්නවා. මේ අනුව සියළු ජාතීන් සාමයෙන් දිවි ගෙවූ එකම රට පසු කාලීනව රට වල් දෙකක් බවට පත් වද්දී ඒ ඒ හිතමිතුරුකම් සමාජ සම්බන්ධතා බිඳී යන ආකාරයත් සමග මේ කතාව ආරම්භ වෙනවා

Sam Bahadur (2023) Sinhala Subtitles

එතැන් පටන් සෑම්ගේ වීරත්වය මෙන්ම ඒ හා බැඳුන ඉන්දියානු ඉතිහාසයේ දශක හතරක පමණ කාලය ඔවුන් මුහුන දුන් විවිධ සිදු වීම් මේ කතාවට පාදක වෙනවා. ඉන්දු පකිස්ථාන, ඉන්දු චීන යුධ ගැටුම්ද, නාගලන්තයේ මිසෝ රාම් කරළි කරුවන්ගේ සිවිල් යුද්ධයද අනතුරුව සෑම් හමුදාපති ලෙස මුහුණ දුන් බංගලිදේශයේ නිදහස් සටන(නැගෙනහිර පකිස්ථානය පකිස්ථානයෙන් වෙන් කිරීමේ සටන) ද මෙහි අන්තර්ගත වෙනවා.

මෙහි ප්‍රධාන චරිතය රඟපානු ලැබූ විකී කෞශාල් මෙවර ෆිල් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම නළුවාටද නිර් දේශ උනා.ඊට අමතරව ෆාතිම්සා සානා නායික් සහ සාන්‍යා මල්හෝත්‍රා මෙහි ප්‍රධාන චරිත රඟ පානවා.

එසේ නම් මෙය නරබන්න ආරාධනා කරමින් නවතිනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම BANDULA K (Baiscopelk)
IMDb 8 /10 11,002 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Vicky Kaushal isSam Manekshaw
Sam Manekshaw
Sanya Malhotra isSilloo Manekshaw
Silloo Manekshaw
Fatima Sana Shaikh isIndira Gandhi
Indira Gandhi
Edward Sonnenblick isLord Mountbatten
Lord Mountbatten
Neeraj Kabi isPM Jawaharlal Nehru
PM Jawaharlal Nehru
Govind Namdeo isSardar Vallabhai Patel
Sardar Vallabhai Patel
Paul O'Neill isMajor (General) David Cowan
Major (General) David Cowan
Rajiv Kachroo isHormusji Manekshaw
Hormusji Manekshaw
Sammy Jonas Heaney isCaptain McLaren
Captain McLaren

Similar titles

Sister Death (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Roudhra Rupaya (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
It’s Entertainment (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Orey Bujjiga (2020) Sinhala Subtitles
Chor Nikal Ke Bhaga (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lakshya (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mohra (1994) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
The Platform AKA El hoyo (2019)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bro Daddy (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Horizon: An American Saga – Chapter 1 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Unarvu (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Prosecutor (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published