EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Sam Bahadur (2023) | නිර්භීත සෑම්

අද ඔන්න මම නැවතත් අළුත්ම හිංදි චිත්‍රපටයක උප සිරැසියක් ඔබ හමුවේ තබනවා. මෙවර ෆිල්ම් ෆෙයාර් සම්මාන උළලේ සම්මාන ලාභී චිත්‍රපට ලයිස්තුව ඔබ දැනටමත් දන්නවානේ. එහෙනම් මේ පාර නොමිනේශන් නමයක් සහ ජයග්‍රහන තුනක් ලබපු මේ ෆිල්ම් එක ගැන ඔබ දන්නවා ඇති. IMDB 8 ක් වැනි ඉහළ ප්‍රතිචාර ලබපු මේ චිත්‍රපටය අපට කෙසේ වෙතත් ඉන්දියානුන්ට නම් විශේෂ චිත්‍රපටයක්. ඉන්දියානු හමුදාවේ වීරත්වය සැබෑ චරිතයක් තුලින් විදහා දක් වන නවතම චිත්‍රපටය මෙය නිසා.

ෆීල්ඩ් මාෂල් සෑම් හෝමුස්ජි ෆ්‍රම්ජි ජම්ෂෙඩ්ජි මනෙක්ෂෝ (1914-2008) කියන්නෙ ඉන්දියානු හමුදාවෙ හිටපු පලමු ෆීල්ඩ් මාෂල් නිලය දැරූ හමුදා නිලධාරියා.ඔහුගේ ක්‍රියාකාරී හමුදා දිවිය දශක හතරක් සහ යුද්ධ පහක් පුරා විහිදුණු අතර එය දෙවන ලෝක යුද්ධයේ සේවයෙන් ආරම්භ උනා.ඉන්දියානු මිලිටර්ඩර්මි ඇකඩමියෙ පලමු නිලධාරී කණ්ඩායමේ පුහුණුව ලැබූ parsi ජාතික සෑම් බ්‍රිතාන්‍යයන් අතින් වීරත්වය උදෙසා මිලිටරි ක්‍රොස් සම්මානයෙන් පුද ලබන්නේ තරුණ නිලධාරියෙක් ලෙස දෙවන ලෝක යුද්ධයේදී බුරුමයේදී ජපන් හමුදා සමග කල සටනක ප්‍රතිඵලයක් ලෙස. එතැන් සිට ඉන්දීය යුධහමුදාව තුලට ඔහු ගෙන ආ වීරත්වය අනුව එම හමුදාවේ සදානුස්මරණීය නායකයෙක් ලෙස ඔහුගේ චරිතාපදානය මේඝනා ගුල්සාර් අධ්‍යක්ශක වරිය තිරයට මෙසේ නගා තිබෙනවා

දෙවන ලෝක යුද්ධයත් සමග තීව්‍ර වන ඉන්දියානු නිදහස් සටනේ ප්‍රතිඵලයක් ලෙස ඉන්දියානු අර්ධද්වීපයේ බ්‍රිතාන්‍ය පාලනය අවසන් වෙනවා. ඒත් ඔවුන් ආපසු යන්නෙ ඒ සුවිස්ල ඉන්දියාව ජාතිය අනුව දෙකට කඩලා. එක් වරම හින්දූන් හා අනිත් ජාතීන්ට ඉන්දියාවද මුස්ලිම් ජාතීන්ගේ ප්‍රදේශ පාකිස්ථානයටද අයිති වන ලෙස සීමා ලකුණු වීමත් සමග බොහෝ ඉන්දියානුන්ට තමන් අයිති විය යුත්තේ කුමන රටටද යන්න තීරණය කරන්නට සිදු වෙනවා. ඉන්දියානු හමුදාවේ එකට හිටිය මිතුරන්ටද මේ බෙදීම බලපානවා.parsi ජාතික සෑම් ඉන්දියානු කඳවුර තෝරා ගත්තත් ඔහුගේ මුස්ලිම් මිතුරන් කිහිප දෙනෙක් පකිස්ථානය තෝරා ගන්නවා. මේ අනුව සියළු ජාතීන් සාමයෙන් දිවි ගෙවූ එකම රට පසු කාලීනව රට වල් දෙකක් බවට පත් වද්දී ඒ ඒ හිතමිතුරුකම් සමාජ සම්බන්ධතා බිඳී යන ආකාරයත් සමග මේ කතාව ආරම්භ වෙනවා

Sam Bahadur (2023) Sinhala Subtitles

එතැන් පටන් සෑම්ගේ වීරත්වය මෙන්ම ඒ හා බැඳුන ඉන්දියානු ඉතිහාසයේ දශක හතරක පමණ කාලය ඔවුන් මුහුන දුන් විවිධ සිදු වීම් මේ කතාවට පාදක වෙනවා. ඉන්දු පකිස්ථාන, ඉන්දු චීන යුධ ගැටුම්ද, නාගලන්තයේ මිසෝ රාම් කරළි කරුවන්ගේ සිවිල් යුද්ධයද අනතුරුව සෑම් හමුදාපති ලෙස මුහුණ දුන් බංගලිදේශයේ නිදහස් සටන(නැගෙනහිර පකිස්ථානය පකිස්ථානයෙන් වෙන් කිරීමේ සටන) ද මෙහි අන්තර්ගත වෙනවා.

මෙහි ප්‍රධාන චරිතය රඟපානු ලැබූ විකී කෞශාල් මෙවර ෆිල් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම නළුවාටද නිර් දේශ උනා.ඊට අමතරව ෆාතිම්සා සානා නායික් සහ සාන්‍යා මල්හෝත්‍රා මෙහි ප්‍රධාන චරිත රඟ පානවා.

එසේ නම් මෙය නරබන්න ආරාධනා කරමින් නවතිනවා.

Comments