EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Quicksand (2023) | බොරු වැල්ල

Quicksand (2023) යනු IMDb හි ඒකක 4.3ක අගයක පවතින චිත්‍රපටයකි. මෙය ඉතාමත් සිත් ඇදබැඳගන්නා සුලු කතාවක් වටා ගෙතී ඇත. සොෆියා සහ ජෝෂ් යනු වෘත්තියෙන් වෛද්‍යවරුන් වන අඹුසැමි යුවලකි. ඹවුන් කොළොම්බියාවේ පවැත්වීමට නියමිත වෛද්‍ය සමුළුවකට සහභාගී වීමට කොළොම්බියාවේ අගනගරය වන බොගෝටා වන අති සුන්දර නගරය වෙත පැමිණෙන්නේ ජෝෂ්ගෙ හිතවත් මාර්කොස් නැමති ඔහුගේ විශ්වවිද්‍යාල සගයාගේ ආරාධනාවකට අනුවයි. ඉතින් මේ කතාව ආරම්භවන්නේ සමුළුවට ඇති කාලයත් සමග පවතින නිදහස් කාලසීමාව තුල මොවුන් කඳු නැගීමට යාමෙන්. කතාවේ ඉතුරුටික චිත්‍රපටය නැරඹීමෙන්ම රසවිඳින්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

Quicksand (ගිලෙන වැල්ල / බොරු වැල්ල ලෙසද හැඳින්වේ) මෙය සියුම් කැටිති ද්‍රව්‍ය (වැලි, රොන්මඩ හෝ මැටි වැනි) සහ ජලයෙන් සමන්විත ඝන ද්‍රව්‍යයකින් පාටවන වලත් / අගලක්වේ. වැලි හදිසියේම කැළඹී ඇති විට එය සංතෘප්ත ලිහිල් ලෙස පාවෙන වැලි වල ජලය ගැලවී යාමට නොහැකි වූ විට, ශක්තිය නැති වී බර දරාගත නොහැකි ද්‍රව පසක් නිර්මාණය කරයි. නිශ්චල ජලයේ හෝ ඉහළට ගලා යන ජලයේ (ආටේෂියන් උල්පතකින් මෙන්) වැලි සෑදිය හැක. ඉහළට ගලා යන ජලයේ දී, බලවේග ගුරුත්වාකර්ෂණ බලයට විරුද්ධ වන අතර පාංශු අංශුව අත්හිටුවයි.

බොරුවැල්ල ගැන වැඩිදුර විස්තර අන්තර්ජාලය පිරික්සීමේදී මාහට “රසුදැල්” නැමති බ්ලොග් අඩවියෙන් හමු උනා. මේ පිළිබද ඔයාලට තව දැනගැනීමට අවශ්‍යනම් රසුදැල් බ්‍ලොග් අඩවිය වෙත ගොස් කියවා බලන්න පුලුවන්.

Comments

October 30, 2024

❤️👍

April 16, 2025

Good