EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Blue Valentine (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Director:Adam Escott, Brad Robinson, Derek Cianfrance, Mariela Comitini, Tony Osso
Cast
Go Full Cast PageBlue Valentine (2010) | විවාහය සහ ප්‍රේමය… (18+)
IMDb වෙබ් අඩවියේ 7.4/10 ක් තරම් ඉහල ඇගයුම් අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි 5000 අතර 102වැනි තැන තවමත් තියා ගෙන ඉන්න සමත් වෙලා තියෙනවා. ඔස්කාර් සම්මානයකට සහ වෙනත් සම්මාන 36කට නාම යෝජනා ලබපු මේ චිත්‍රපටිය තවත් සම්මාන හයක් ජයග්‍රහණය කරන්නත් සමත් වෙලා තියෙනවා. යුවළක් ආදරය කරන කාලයේදි සහ විවාහයෙන් පසුව ඇති වන මානසික තත්වය පදනම් කර ගෙන නිපදවපු මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වන ඩීන් ගෙ චරිතය රඟ දක්වන්නේ Gangster Squad (2013), Crazy, Stupid, Love. (2011), Drive( 2011) වැනි සුපිරි චිත්‍රපටි වලට රංගනයෙන් දායකත්වය සැපයූ Ryan Gosling විසිනුයි. ප්‍රේම වෘතාන්ත සහ නාට්‍යමය ගණයට ගැනෙන මේ චිත්‍රපටිය විවාහ දිවියට පත් උන අයට වගේම ඉදිරියේදී විවාහ දිවියට එළඹෙන්න ඉන්න අයටත් වැදගත් පණිවිඩයක් ගෙන එනවා.
චිත්‍රපටියේ කතාව ගැනත් ටිකක් කියන්නම්. සින්ඩි කියන්නේ තමන්ගෙ දෙමව්පියන් නිතරම පොඩි පොඩි දේවල් වලටත් රණ්ඩු වෙන ජාතියේ දෙන්නෙක් නිසා කවදාවත් කසාද බඳින්නෙ නෑ කියලා තීරණය කරලා ඉන්න ලස්සන ගෑනු ළමයෙක්. ඇය වෘත්තියෙන් වෛද්‍යවරියක්. ඒ වගේම ඩීන් කියන්නේ අම්මා නොමැතිව තාත්තා ගාව හැදී වැඩුණ තරුණයෙක්. ඔහු කම්කරුවෙක් වශයෙන් රැකියාවක් කරනවා. චිත්‍රපටිය පටන් ගැන්මෙදි පෙන්නන්නේ මේ විවාහ වෙන්නෙ නෑ කියලා හිටිය සින්ඩි, ඩීන්ව කසාද බැඳලා ඉන්න සිද්ධියකින්. මේ දෙන්නට පුංචි දුවෙකුත් ඉන්නවා. මේ තුන් දෙනා ඉතා සතුටින් තම පවුල් ජීවිතය ගත කරනවා. නමුත් ටිකෙන් ටික පොඩි පොඩි දේවල් නිසා මේ සතුටින් ගෙවන පවුල් ජීවිතයට පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙන්න ගන්නවා. ඇත්තටම බැලුවොත් ඒවා ලොකු දේවල් නෙවෙයි. ඒත් ඒ පොඩි දේවල් නිසා ඇති වෙන පොඩි ප්‍රශ්න කාලයත් එක්කම ලොකු ප්‍රශ්න බවට පත් වෙනවා. ඒත් මේ දෙන්නට දෙන්නා ගොඩක් ආදරෙයි. ඒ වගේම මේ දෙන්නා තමන්ගෙ පුංචි දියණියටත් පණ වගේ ආදරෙයි.
ඉතිං යාළුවනේ. කතාව ඊට වැඩිය කියන්න යන්නෙ නෑ. කොහොමද මොවුන් දෙන්නා හමු වෙන්නේ? වෛද්‍යවරියක් සහ කම්කරුවෙක් අතර විවාහ ජීවිතය මොන වගේ වේවිද? විවාහ වෙන්නෙ නෑ කියලා හිතා ගෙන ඉන්න සින්ඩි වගේ වෛද්‍යවරියක් ඇයි ඩීන් වගේ කම්කරුවෙක් එක්ක විවාහ වෙන්නේ? ඩීන් සහ සින්ඩි තමන්ගෙ පවුල් ජීවිතය රැක ගන්න මොන වගේ දේවල් ද කරන්නේ? එම උත්සාහයන් සාර්ථක වේවිද? කියලා චිත්‍රපටිය බලලම දැනගන්න.






