Dunki (2023) | “සෙබලෙකුගෙ පොරොන්දුවක්”

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

මේක ගැන ඉතින් මම අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ.. හැමෝම දන්නවා මේක ගැන

මේකෙ ඩිරෙක්ටර් තමයි අපි හැමෝම දන්න 3 idiots / sanju / munna bhai mbbs / pk වගේ අති විශිෂ්ඨ සිනමා නිර්මාණ බිහි කරපු ඉන්දියන් සිනමාවෙ හොදම ඩිරෙක්ටර් කෙනෙක් කියලා කියන්න පුලුවන් රාජ්කුමාර් හිරානි සර්..

ඉන්දියන් රු. කෝටි 120කින් පමණ බජට් එකකින් හදපු මේ ෆිල්ම් එක ඉන්දියන් රු.කෝටි 470ක් පමන (US$59 million) ආදායමක් ලබාගන්න සමත් වෙලා තියෙනවා

ෆිල්ම් එකට ලැබුන ප්‍රතිචාර ගැන කියනවනම් හොද ප්‍රතිචාර ගොඩක් ලැබිලා තියෙනවා.. හැබැයි මේක හිරානිගෙ හොදම ෆිල්ම් එක කියන්නම් බෑ..ඒත් බලලා හොදට රසවිදින්න පුලුවන් ලස්සනම ෆිල්ම් එකක් කියලානම් කියන්න පුලුවන්

ඉතින් මේකෙ කතාව පැත්තට ගියොත් ලාල්ටූ කියන ගමෙ ඉන්නවා යාලුවො තුන් දෙනෙක්..එක්කෙනෙක් මන්නූ අනිත් කෙනා බල්ලි අනිත් කෙනා බුග්ගු..

ඉතින් මේ 3 න් දෙනාගෙම ජීවිත වල එක එක ප්‍රශ්න තිබුනෙ..මෙයාලා තුන් දෙනාගෙම හීනය තමයි ලන්ඩන් යන එක..ඉතින් මෙයාලට හීනය හැබෑ කරගන්න පුලුවන් වෙයිද කියලා දැනගන්න ඕනනම් ඔයාලට මේ ෆිල්ම් එක බලන්න වෙනවා😁

ඒ වගේම මේ ෆිල්ම් එකෙ රසවිදින්න පුලුවන් ලස්සනම ගීත 5ක් තියෙනවා..මේ ටිකත් සිංහල දෙබසින් රසවත් කරලා තියෙන්නෙ ඔයාලට තේරුම් අරගෙනම අහන්න පුලුවන් වෙන්න..

මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

Comments

June 6, 2024

Thank you very muche