EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Teen Titans: Trouble in Tokyo (2006) | ටීන් ටයිටන්ලගේ ටෝකියෝ සවාරිය!

අද අරගෙන ආවේ ටිකක් පරණ DC ඇනිමේෂන් ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ නම තමයි Teen Titans: Trouble in Tokyo. Teen Titans ලගේ ටෝකියෝ සවාරිය මේකෙන් බලාගන්න පුළුවන්.

ෆිල්ම් එකට IMDb දර්ශකයේ 7ක අගයකුත්, Rotten Tomatoes දර්ශකයේ 75%ක අගයකුත් ලැබිල තියෙනවා. ෆිල්ම් එක නිෂ්පාදනය කරල තියෙන්නේ Teen Titans (2003) කාටූන් එක ආශ්‍රයෙනුයි. පස්වෙනි සීසන් එකෙන් කාටූන් එක ඉවර වුණත් එතැනින් පස්සේ Teen Titans ලගේ අපි දකින අවසාන වික්‍රමය මේකෙන් බලාගන්න පුළුවන්.

චරිතවලට හඬකවන්න කාටූන් කතා මාලාවේ හඬකැවීම් ශිල්පීන්ම දායක වෙනවා. Greg Cipes (බීස්ට් බෝයි), Scott Menville (රොබින්), Khary Payton (සයිබෝග්), Tara Strong (රේවන්), Hynden Walch (ස්ටාර්ෆයර්) ආදී ශිල්පීන් හඬකැවීමෙන් දායක වෙනවා. එහෙනම් අපි මේ ටීන් ටයිටන්ස්ලා කියන්නේ කවුද කියල බලමු.

DC රසිකයෙක්ට නම් අමුතුවෙන් Teen Titans ල කියන්නේ කවුද කියලා හඳුන්වලා දෙන්න ඕන නෑ. මෙයාලා කොමික් ක්ෂේත්‍රයේ සුප්‍රසිද්ධ කණ්ඩායමක්. Bob Haney සහ Bruno Premiani විසින් මෙයාලව මුලින්ම හඳුන්වලා දුන්නේ 1964 දී පළ වුණු The Brave and the Bold #54 වන කලාපය තුළිනුයි. එදා ඉඳන් අද වෙනකන්ම කණ්ඩායමේ සාමාජිකයන් වෙනස් වුණත් Teen Titans කියන කණ්ඩායම DC වල ප්‍රධානම කණ්ඩායමක් විදියට ඉන්නවා.

එහෙනම් චරිත ටික ඉක්මනට හඳුන්වලා දෙන්නම්කෝ. මුලින්ම ඉන්නවා කණ්ඩායමේ නායකයා වන රොබින් හෙවත් ඩික් ග්‍රේසන්. රොබින් කියන්නේ බැට්මෑන්ගේ sidekick එක නේ. ඉතින් මෙයත් බැට්මෑන්ට වඩා ලොකු වෙනසක් නෑ. හැමතිස්සෙම එයාලගේ “මෙහෙයුම” ගැනමයි කල්පනාව. විනෝද වෙන්න කාලය වෙන් කරන්නේ නෑ. ඊළඟට ඉන්නවා “ස්ටාර්ෆයර්”. මෙයා පිටසක්වළින් පෘථිවියට ආව කෙනෙක්. පෘථිවියේ සංස්කෘතිය වැඩිය තේරෙන්නේ නැති, හිත හොඳ අහිංසක චරිතයක්. ඒවගේම මෙයා සහ රොබින් අතර ආදර සම්බන්ධයක් ඇති වෙමින් තියෙනවා.

ඊළඟට ඉන්නේ සයිබෝග්. විනෝදෙට කැමති කෙනෙක්. හැබැයි තත්වේ බරපතළ වෙනකොට විශ්වාසය තියන්න පුළුවන් චරිතයක්. ඊළඟට ඉන්නවා “රේවන්”. මෙයා නම් ටිකක් අඳුරු චරිතයක්. අනිත් අයගෙන් ටිකක් වෙන් වෙලා ඉන්න බලන, විනෝදෙට වැඩිය ආස නැති කෙනෙක්. අන්තිමට “බීස්ට් බෝයි”. මෙයාට පුළුවන් තමන් කැමති ඕනම සතෙක් බවට හැරෙන්න. සෙල්ලක්කාර සහ විහිළු තහළුවට බර ගතිය නිසා කවුරුවත් මෙයාව වැඩිය ගණන් නොගත්තට කණ්ඩායමේ බලවත්ම චරිත අතරින් එකක් තමයි බීස්ට් බෝයි. ඉතින් මේ ෆිල්ම් එකේ දී ඔයාලට හම්බවෙන ටයිටන්ලා ඉන්නේ මෙච්චරයි.

කතාව ගැනත් ටිකක් කියලා ඉන්නම්කෝ. ෆිල්ම් එක පටන් ගන්නේ සයිකෝ-ටෙක් නම් අලුත් හතුරෙක් ඇවිත් Teen Titans ලගේ මූලස්ථානය වන Titans Tower එකට පහර දීමෙන්. ටයිටන්ස්ලා මෙයාව අල්ලගෙන ප්‍රශ්න කරනකොට එළි වෙනවා එයාව ටයිටන් ටවර් එකට පහර දෙන්න එව්වේ “බ්‍රෂොගන්” කියලා කෙනෙක් බව. ඉතින් මේක ගැන හොයන්න Teen Titans ලා යනවා “සයිකෝ-ටෙක්” සහ “බ්‍රෂොගන්”ගේ මූලස්ථානය වන ටෝකියෝවට. ඉතින් එතනින් ඉස්සරහට වෙන්නෙ මොනවද කියල ඔයාලා බලලම හොයාගන්නකෝ.

Comments