EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Bridge to Terabithia (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageBridge to Terabithia (2007) | ටෙරබීතියාවට පාළමක්…
මේ චිත්‍රපටිය ගැන කියනවනම් මේක IMDb ශ්‍රේණිගත කිරීම් වල 7.4/10ක් අරගෙන තියන මනාප ඡන්ද 34,069කට හිමිකම් කියන එකක්. WALT DiSNEY සමාගම විසින් නිෂ්පාදනය කරල තියෙන මේ චිත්‍රපටියට විවිධ සම්මාන පවා ලැබී තියෙනවා.විශේෂයෙන්ම පොඩි කට්ටිය ගොඩක් ආස වෙන විදිහෙ චිත්‍රපටියක් කියල කියන්න පුළුවන්.
කතාව ගැන කියනවනම් මේක Jess Aarons කියන පිරිමි ළමයෙක් වටා තමයි මූලික වශයෙන්ම ගලාගෙන යන්නෙ.තරමක් හුදෙකලා දිවියක් ගෙවන Jessගේ ජීවන රටාව වෙනස් වීමට පටන් ගන්නේ Leslie Burke කියන නව සිසුවියක් පාසැලට පැමිණීමත් සමඟයි.මේ අතර Leslieගේ නිවස තියෙන්නෙත් Jessගේ නිවසට යාබදවයි. කාලයත් සමඟ මොවුන් හොඳ මිතුරන් බවට පත්වෙනවා.
මේ අතර දවසක් මොවුන් සෙල්ලම් කරමින් ඉන්නකොට මොවුන් දකිනව අතහැර දැමු පරණ භූමියක්. පසුව මොවුන්ට වැටහෙනවා මේක එසේ මෙසේ එකක් නෙවෙයි කියලා. මේකෙ ඉන්නව විස්මයජනක සතුන් වර්ග, යෝධ කුරුමිට්ටන් ආදිය. කෙසේ වෙතත් මොවුන් මෙම භූමිය තුල පසුව තමන්ගේම ලෝකයක් ගොඩනගා ගන්නවා. මොවුන් මෙම ලෝකය Terabithia කියන නමින් හදුන්වනු ලබනවා.මොවුන් විශ්වාස කරනව මේක කලින් පැවති රාජධානියක් බවටත්. කතාවෙ ඉතුරු ටික දැන ගන්න නම් ඉතින් පාලම දිගේ Terabithiaට යන්නම වෙනවා.ඒ කියන්නෙ ඉතින් බාගන්නම වෙනවා.
අනිත් වැදගත්ම දේ තමයි ලොකු කට්ටිය මේක සුරංගනා කතාවක් කියලා නොබල ඉන්න එහෙම එපා…ලස්සන කතාවක්… අවසානය නම් ටිකක් සංවේදී විදිහට තමයි ඉවර කරලා තියෙන්නෙ…











