EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageKhamoshi the Musical (1996) AKA Khamoshi: The Musical | නිහඬ පෙම…
කාලෙකට පස්සේ චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙන මේ පැත්තට ආවා, සුපුරුදු පරිදි හින්දි චිත්‍රපටයක් තමා අරගෙන ආවේ, 1996දී තිරගත වුණු Khamoshi: The Musical චිත්‍රපටය තමා මම මේ පාර අරගෙන ආවේ.
Hum Dil De Chuke Sanam (1999), Devdas (2002), Black (2005), වැනි සම්මානනීය, ජනප්‍රිය චිත්‍රපට රැසක් අධ්‍යක්ෂණය කළ සංජේ ලීලා බන්සාලිගේ මුල්ම සිනමා සලරුව තමයි කාමෝෂි කියන්නේ. කතාව ලියා ඇත්තේ ද ඔහු විසින්.
මනීෂා කොයිරාළ, සල්මන් ඛාන්, නානා පටේකාර්, සීමා බිස්වාස්, හෙලන්, රඝුවිර් යාදව් රංගනයෙන් දායක වෙයි. මනීෂා මෙන්ම නානාගෙන් ද අද්විතීය රංගනයක් මේ චිත්‍රපටයෙන් බලාගන්න පුළුවන්. එවර පැවතුණු ෆිල්ම්ෆෙයාර් සම්මාන උළලේ හොඳම චිත්‍රපටය, හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම සහය නිළිය ඇතුළු සම්මාන දහතුනකට ජනප්‍රිය අංශයෙන් නිර්දේශ වුණු අතර එය එවර එක් චිත්‍රපටයක් සඳහා ලැබුණු වැඩිම නිර්දේශ බවට පත්විය, ඉන් හොඳම ගායිකාව ලෙස කවිතා ක්‍රිෂ්ණමූර්ති සහ හොඳම කලා අධ්‍යක්ෂණය, හොඳම ශබ්දප්‍රයෝග සම්මාන ත්‍රිත්වය හිමිකරගත් අතර විචාරක අංශයේ හොඳම චිත්‍රපටය කාමෝෂි විය, විචාරක අංශයේ හොඳම නිළිය වුණේ කාමෝෂි වෙනුවෙන් මනීෂා කොයිරාළයි.
කතාව කිව්වොත්, ජෝසෆ් සහ ෆ්ලෙවි කියන්නේ ගෝආවල ජීවත් වෙන ගොළු බිහිරි යුවලක්, මේ යුවලගේ දියණිය වන ඇනීගේ කතාව තමා මේ චිත්‍රපටයේ දිගහැරෙන්නේ, ඇය තමන්ගේ ආශාවන් පසෙක ලා සම්පූර්ණ අවධානය යොමු කරන්නේ තමන්ගේ ගොළු බිහිරි දෙමාපියන්ට, අයගේ මිත්තණියගේ ආභාෂයෙන් ඇය සංගීතයට ප්‍රියයි, නමුත් තම මාපියන්ට සංගීතයට සවන් දෙන්න බැරි නිසා ඇය දෙලොවක් අතර තනි වෙනවා. ඔහොම කාලය ගෙවෙනකොට ඇයට රාජ්ව මුණ ගැහෙනවා… මේක සංවේදී, සංගීතමය කතා පුවතක්.
මේක සංගීතමය චිත්‍රපටයක් කිව්වොත් නිවැරදියි. ජතින් – ලලිත් දෙපලගේ සංගීතයෙන්, මජ්රූහ් සුල්තාන්පූරිගේ පද රචනයෙන් හැඩවුණු ජනප්‍රිය ගීත රැසක් මේ චිත්‍රපටයේ තිබෙනවා, මේ ගීත කවිතා ක්‍රිෂ්ණමූර්ති, අල්කා යාග්නික්, කුමාර් සානු, උදිත් නාරායන්, හරිහරන් වැනි විශිෂ්ට ගායක, ගායිකාවන් විසින් ගායනා කරනු ලබයි.
අනූව දශකයේ හින්දි සිනමාවේ සොඳුරු කතන්දරවලට ප්‍රිය කරන ඔබ අනිවාර්යයෙන් නැරඹිය යුත්තක් ලෙස මේක නිර්දේශ කරනවා.


