EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Godfather Part 2 (1974) | පිය උරුමයේ සිරගතව…

ජාලගත සිනමා දත්ත සමූහයේ (IMDb)’හි දෙවැනි තැන හිමිකර ගත් Godfather චිත්‍රපටය 1972 වසරේ තිරගත වීමෙන් පසු එය ලැබූ අතිශය උත්කෘෂ්ඨ ජනාදරයත්, ජනාකර්ශනයත් නිසා කොපොල්ලා’ගේ සහ පුසෝ’ගේ දායකත්වය සහිතව එහි දෙවැනි කොටසක් නිෂ්පාදනය කරන්නට තීරණය වෙනවා. ඒ අනුව කොපොල්ලා සහ පුසෝගේ සම රචනා දායකත්වයෙන් යුතුව කොපොල්ලා විසින්ම අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කරනු ලබන මෙම චිත්‍රපටය ලොව ඉතාමත්ම කලාත්මක සහ මනාව ඉදිරිපත් කරන ලද චිත්‍රපට අතරෙහි පෙරමුණම ‍රැ‍ඳෙන්නට සමත් වෙනවා.

2003 වසරේ තිරගත වීම ආරම්භ වූ ‘The Lord of the Rings‘ චිත්‍රපට පෙළෙහි ‘The Return of the King‘ සිනමා පටය හොඳම චිත්‍රපටය සඳහා වන Academy සම්මානය දිනා ගැනීමට පළමුව සමස්ත Academy Awards ඉතිහාසය තුළ හොඳම චිත්‍රපටය යන සම්මානයෙන් පිදුම් ලබන්නට සමත් වූ ප්‍රථම සහ එකම චිත්‍රපට පෙළ බවට පත් වූයේ කොපොල්ලා‘ගේ මෙම Godfather චිත්‍රපට පමණයි. (කොපොල්ලාගේ සහ පුසෝගේ ප්‍රකාශයන්ට අනුව 1990 වසරේ නිකුත් වූ මෙහි අවසාන චිත්‍රපටය හෙවත් Godfather III යනු මෙම චිත්‍රපට පෙළට අයත් වන්නක් නොවෙයි! එය පළමු චිත්‍රපට දෙකට එක්කළ අපරකථනයක් පමණයි!)

මෙහි පළමු චිත්‍රපටයෙන් ලත් ආභාෂයත් පන්නරයත් පෙළඹවීමත් ඔස්සේ මුල පුරන මෙම චිත්‍රපටය එහි පූර්වයා අනුවම යමින් ඊට පහළ ස්ථානයේ අභිමානනීයව වැජඹෙන්නට වරම් ලබා ගන්නවා IMDb‘හි Top 250 වර්ගීකරණය තුළ. එනම් මුල් චිත්‍රපටය එහි දෙවැනි තැන ‍රැ‍ඳෙද්දී, මෙය තුන් වැනි තැනට පත් වෙනවා. ඇමරිකානු සිනමා ඉතිහාසය තුළ බිහිවූ ඉතාමත්ම සංවිධිත සහ ප්‍රශස්ථතම චිත්‍රපටයක් ලෙසටත් අති විශිෂ්ටතම නිර්මාණ කාර්යයක් ලෙසටත් අද දක්වාම මේ චිත්‍රපටය ගරු සැලකිලි ලබනවා. එමෙන්ම ලොව බිහි වූ වඩාත් වටිනාම සහ උසස්ම චිත්‍රපට කිහිපය අතුරින් එකක් ලෙස මෙය ඇගැයීමට පාත්‍ර වනවා.

මේ කතාවේ දිව යන්නේ තම පියාගේ මරණින් පසු කොර්ලියෝනි අපරාධ හවුලේ අධිපතිත්වයට පත්වන මයිකල් කොර්ලියෝනි හෙවත් පවුලේ බාල පුතු සිය පියා ගොඩනැගූ අපරාධ අධිරාජ්‍ය ව්‍යාප්ත කරන ආකාරය. මයිකල් ගේ අතීතාවර්ජන ලෙස පියා එම වැඩ කටයුතු අරඹන ආකාරය සහ ඒ ඔස්සේ ඉහළටම නැගයන ආකාරයත් ඔහුගේ අඩි පාරේ යමින් මයිකල් එම හවුල පුළුල් කරමින් එහි අගරජ පදවිය පිරිසිඳින ආකාරයත් අතරින් ඒ ඔස්සේ ඔහු අත්විඳින ඉරණම සහ ඛේදය පිළිබඳවත් කියැවෙන අනර්ග කතාවක් මෙහි අඩංගුයි. නොසරුප් සමාජයේ පෙළඹවීම සහ බලකිරීම නිසාම බිහිවන, සමාජ පංතියක ආරම්භය සහ පැතිරීම වටා මෙහි කතාව දිගහැරෙනවා. මේ චිත්‍රපටය තුළ Al Pacino මයිකල් කොර්ලියෝනි ලෙසත් Robert De Nero තරුණ වීටෝ කොර්ලියෝනි ලෙසත් (මයිකල්ගේ පියා) අනර්ඝ රංගනයක නිරත වනවා.

Comments