EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Land of Bad (2024) | “නපුරේ දේශයට සාදරයෙන් පිළිගනිමු..!!”

ඉතින් මේ Land of Bad චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ William Eubank විසින්..ඒ වගේම David Frigerio, William Eubank, Michael Jefferson, Adam Beasley කියන අයගේ නිෂ්පාදනයක්..මේක අයිත් වෙන්නේ Action/ Thriller කාණ්ඩයට වගේම මේක පැය 1 යි විනාඩි 53 ක ධාවන කාලයක් හිමි චිත්‍රපටයක්..රේටින්ග්ස් පැත්තට හැරිලා බැලුවොත් IMDb දර්ශකයේ 6.5/10 ක් වගේ හොඳ අගයකුත් Rotten Tomatoes දර්ශකයේ 61% කුත් ගූගල් පරිශීලක මනාප 81% කුත් හිමිකරගෙන තියනවා..කාස්ට් එක ගැන බැලුවොත් Russell Crowe, Luke Hemsworth, Liam Hemsworth, Ricky Whittle, Milo Ventimiglia ප්‍රධාන චරිත වලට පණ පොවනවා…

එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..

⁣මේක Action මූවි එකක් නිසා සරලවම මේකේ ස්ටෝරි ගැන කිව්වොත්, මේක සම්පූර්ණයෙන්ම ගෙතිලා තියෙන්නේ ත්‍රස්තවාදීන්ගේ අතට අහුවුණු CIA නිළධාරියෙක්ව නිරුපද්‍රිතව බේරගන්න විශේෂිත හමුදා ඒකකයක් විසින් සිදු කරන මෙහෙයුමක් සහ ඒ මෙහෙයුමට ගුවන් සහය සහ අවශ්‍ය සන්නිවේදන කටයුතු සිදු කරමින් පාලකමැදි⁣රියක රැඳිලා ඉන්න කපිතාන් වරයෙක් වටා..ඉතින් මේ මෙහෙයුම සාර්ථකව අවසන් වුණාද කියලා දැනගන්නනම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා..මේක හමුදා මෙහෙයුමක් වටා ගෙතිලා තියන නිසා කිසිම කම්මැලිකමක් නැතුව එක හුස්මට නරඹන්න පුලුවන් චිත්‍රපටයක් කියලා කියන්න පුලුවන්..

ඒ වගේම තවත් එක දෙයක් කියන්න ඕන..මේක හමුදාව හා බැඳුණු චිත්‍රපටයයක් නිසා හමුදාව විසින් භාවිතා කරන විවිධ සංඥා නාම, විවිධ කෙටි යෙදුම් ව⁣ගේම ඉංග්‍රීසි භාෂාවේ එන ඉඟි වැකි ⁣වගේ දේවල් ගොඩක් අන්තර්ගත වෙලා තියනවා..ඉතින් ඒ දේවල් මගේ දැනුමේ හැටියට උපරිම සාධාරණයක් වෙන විදියට පරිවර්තනය කරලා තියනවා වගේම අත්‍යවශ්‍යම තැන් වල පැහැදිලි කිරීම් එහෙමත් කරලා තියනවා..

එහෙනම් සුපිරි Action/Thriller ෆිල්ම් එකක් රසවිඳින්න කියලා ආරධනා කරනවා.

Comments