EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Naa Saami Ranga (2024) | “කෝපයෙන් රත් වූ ලේ”

මේ ෆිලුම තියෙටර් රිලීස් උනේ 2024 ජනවාරි 14 වෙනිදා.. එතකොට මේක අයත් වෙන්නෙ Action/Costume Drama කියන කැටගරියට.. මේක අධ්‍යක්ෂණය කරන්නෙ සහ තිර රචනයත් Vijay Binni කියන අධ්‍යක්ෂකතුමා විසින්..

ප්‍රධාන චරිතය සදහා රංගනයෙන් දායක වෙන්නෙ තෙලිගු ෆිල්ම්ස් බලන අය කවුරුත් දන්න කියන Nagarjuna කියන තෙලිගු සුපිරි තරුව.. ඒවගේම ප්‍රධාන නිළිය විදිහට රංගනයෙන් දායක වෙන්නෙ Ashika Ranganath කියන නිළිය විසින්…මේක හිතපු තරම් හිට් එකක් කරගන්න නම් බැරි උනා.. සාමාන්‍ය තෙලිගු ස්ටයිල් ෆිලුමක් කියල තමයි කියන්න වෙන්නෙ.. ටිකක් පරණ කාලෙ සිද්දියක් විදිහට තමයි පෙන්නන්නෙ..ඒ වගේම තෙලිගු සිනමාවේ අපි ආදරේ කරන ගොඩක් නළු නිළියො මේකට රංගනයෙන් දායක වෙලා තිබුනා.. ඒ අයගෙ නම් පහලින් දාන්නම්..

Nagarjuna as Kishtayya
Ashika Ranganath as Varamahalakshmi “Varalu”, Kishtayya’s girlfriend
Allari Naresh as Anji, Kishtayya’s younger brother
Mirnaa Menon as Manga, Anji’s wife
Raj Tarun as Bhaskar, Kishtayya’s friend
Rukshar Dhillon as Kumari, Bhaskar’s love interest
Nassar as Peddayya
Shabeer Kallarakkal as Dasu, Peddayya’s son
Ravi Varma as Lakshmipathi
Rao Ramesh as Varadaraju
Madhusudan Rao as Veerabhadrudu

ඇත්තටම විස්තරේ නම් කියන්න තරම් මහා ලොකුවට නෑ.. ගමක සිද්දියක් තියෙන්නෙ.. කිෂ්ටයියා කියන තරුණ පොඩි කොල්ලා, ගමේ ප්‍රධානියවයි එයාගෙ දාස් කියන පුතාවයි ගැටුමකදි බේරගන්නව.. කිෂ්ටයියා ඉන්නෙ අන්ජි කියන එයාගෙම නොවෙන සහෝදරය එක්ක..කිෂ්ටයියගෙ අම්මත් මැරුණට පස්සෙ මේ ගමේ ප්‍රධානිය මේ අන්ජිවයි කිෂ්ටයියවයි බලාකියාගන්නව.. හැබැයි මේ ප්‍රධානියගෙ පුතාල නම් මේකට කැමති වෙන්නෙ නෑ.. ඒත් අන්ජි වගේම කිෂ්ටයියත් මේ ප්‍රධානියගෙ පවුල වෙනුවෙන් පණ උනත් දෙන්න සූදානම්..ඔහොම කාලයක් ගියාම ආදර සම්බන්ධයක් වගේම කිෂ්ටයියා එක්ක තියෙන කේන්තිය නිසා දාස් කියන පුද්ගලයා කිෂ්‍ටයියා සහ අන්ජි එක්ක ඇතිකරගන්න ගැටුම තමයි ෆිලුම පුරාවටම තියෙන්නෙ..

මේ ටයිප් ෆිල්ම් බලන අයට නම් ෆිලුම සෙට්.! ඔයාලම බලන්නකො එහෙනම් කිෂ්ටයියගෙ කේන්තිය කොහොමද කියලා..

Comments

October 31, 2024

❤️👍