CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1718 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Three of Us (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Three of Us (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 03, 2023India100 Min.
Your rating: 0
9.6 5 votes
Three of Us (2023) | අපි තුන් දෙනා

මේ ගැන අපූරු අර්ථකථනයන් සමාලෝචන ගොන්නක් මුහුණ පොතෙනුන් දකින්න හම්බවුණා. ඒවා හරිම ලස්සනයි..මේ ඩිජිටල් අවකාශයට පින් සිද්ධ වෙන්න දැන් ඉස්සරට වඩා ඉක්මනටම හැමෝම අතරට මේ නිර්මාණ යනවා..ඉතිං ඒකත් ගොඩක් හොඳ දෙයක්.. කොහොමහරි සයිට් එක පැත්තෙනුත් වෙන්නට ගිය තවත් එක අඩු පාඩුවක් ඔයාල වෙනුවෙන් මකා දාන්නයි මේ සූදානම.. Three of Us අරගෙන කාලෙකට පස්සේ ඔන්න එහෙනම් මං ආව ඔයාල හමුවෙන්න ආයෙමත්.. කණගාටුව මේ උපසිරැසියේ නියම උරුමක්කරුවා ඇත්තටම මේක කරන්න ඕන හරියනම කෙනා ඇත්තටම මේක කළේ නැති එක..කොහොමහරි දැන් ඉතිං නොබැලු අය ඉන්නවා නම් මෙහෙමවත් සෑහෙන්න පුළුවන්

අතීතය හාරවුසස්න්න එපා අතීතයේ ඕනවට වඩා එල්ලීගෙන ඉන එපා වර්තමානයේ ජිවත් වෙන්න අපිට නිතරම ඇහෙන වචන මේවා..නමුත් අපිට හැම වෙලාවකම ජීවිතේ මුහුණ දෙන්න ප්‍රශ්න එක්ක සමහර අත් විඳින්න දේවල් එක්ක සමහර සිදුවීම් එක්ක අපේ අතීතය වෙතට අපිව නිරායාසයෙන්ම ඇදගෙන යනවා..

Three of Us කියන්නේ ගිය වසරේ නිකුත් වුණ සිනමාපට අතරින් කලාත්මක රාමුව තුළ ප්‍රේක්ෂකයාව ස්පර්ශ කල සිනමා සිත්තම් අතරින් ඉහලින්ම තියන නිර්මාණයක් විදිහට හඳුන්වන්නට පුළුවන්. අපිව ටිකක් අතීතය දිහාට ඉබේටම අපිවත් නොදැනීම අරගෙන යන මතක යතුරක් වගේ මේක..ලෞකික ලෝකයක් ඇතුළේ මිනිසුන් විදිහට අපි මොන තරම් බැඳීම් ඇලීම් වලට යටත්වෙලා තියනවාද අපි මොන තරම් කාර්යබහුල ජිවිතයක් ගත කරන්න හුරු වෙලා හිටියත් කොහොම කොතනක හිටියත් මොනයම්ම හෝ මොහොතක් අපිට එනවා පොඩ්ඩක් අර අපේ ආගිය උන් හිටි තැන් පරණ මිනිසුන් කල්පනාවට එන..තත්පර කීපයක මනෝ පාරකින් අපි යනවා සෑහෙන දීර්ඝ ගමනක් ආපස්සට.. අරමුණක් නැති මේ ගමන පුරාවට අපි ඇත්තටම බලාපොරොත්තු වන දේ ඒ දැනෙන දේ ඒ හැඟීම් කිසිම විදිහකින් නිශ්චිත ඒවා කියල හිතෙන්නේ නෑ..සුන්දර අසුන්දර තැන් ස්පර්ශ කරමින් මේ යන ගමනේ නිශ්චිත එකම දේ ගමනේ අවසාන තත්පර කීපය විතරයි..ඒ තමයි ඒ ගමන හැමදාමත් ඉවර වෙන්නේ එක දීර්ඝ හුස්මකින්..ඒ දීර්ඝ හුස්මේ හේතුව අතීතයට අපි දක්වන ගිජු කමේ තරම කියාපානවාද නැත්තම් මතු පිටින් වෙහෙසකරකයි වගේ හිතුනට ඇත්තටම මේ අපි හැමදාමත් කලේ ප්‍රශ්න වලින් පුංචි බ්රේක් එකක් ගන්න එක වෙන්න පුළුවන්ද..

මේ ගැන අපූරු විග්‍රහයක් අවිනාෂ් අරුන්ගේ Three of Us තුළ තිබුණ බලන්න කියල ආරාධානා කරනවා..නිර්මාණයක් විදිහට ලෞකික අරමුණු, තෝරාගැනීම් පරායත්ත ගිලිහීම් මත ජීවිතය, අනියත බව වැනි ගැඹුරු වෙහෙසකරවන තේමාවන් සිනමාපටයක තුළ අන්තර්ගත තුළ අතපත ගාල තිබුණත් බලන කෙනෙකුට මේ කිසි දෙයක් නීරස විඩාබර අත්දැකීමක් නොවෙන විදිහට පුංචි කුතුහලයක් දැනෙන අයුරින් ලස්සන රූප පෙළහරක් මවමින් ඉතාමත් සංවර අනන්‍ය අයුරකින් ලබාදෙන්නට සිනමාකරුවා වග බලාගන තිබුණ..සංවරයි කියන වචනේ මේ ලිපිය පුරාම වුණත් ටයිප් කරගෙන යන්න පුළුවන්..මේක ඒ වගේ..මේ තුළ ඇති නොස්ටැල්ජියාව පවා ආවේණික හැඟීමක් තමයි දෙන්නේ.. මුළු නිර්මාණයම අපිට නිකං නිස්කලංක දැකුම්කළු පරිසරයක් දිහා ආසාවෙන් බලන් ඉන්නකොට දෙන හැගීම තමයි දෙන්නේ… Shefali Shahගේ අති විශිෂ්ට රංගනය විතරක් අපිට වෙනම වෙලාවක් අරගෙන රස විඳින්න පුළුවන් ඒක වෙනම ලෙවල් එකක රංගනයක්. ඒ වෙනුවෙන් ඇයට ෆිල්ම්ෆෙයා සම්මාන උළෙලේ හොඳම නිළියට හිමි විචාරක සම්මානය හිමි වෙලා තිබුණා.. ඒ ගැන පුංචි සතුටක් අනිවාර්යෙන තියනවා..ඒ වගේම තමයි Jaideep Ahlawat, Swanand Kirkire මේ හැමෝම මාර සංයමයකින් බ්ලෙන්ඩ් වුණේ ඒ පරිසරයත් එක්ක..හරියට නිකං පසුබිමෙන් මවන ඒ නිස්කලංක භාවය බිඳෙන්නේ නැති වෙන්න පරෙස්සමට ඒ තුළ ජිවත් වුණා කියල හිතුනා..ඇයි මේකට මේ විදිහට ටයිට්ල් එක දුන්නේ කියනෙක විතරයි මට තියෙන ප්‍රශ්නය..කොහොම වුණත් හරිම සුන්දර සිනමාපටයක්. ඉතිං නොබලපු ඈයෝන්ට බලන්න කියල ආරාධනා කරනවා එහෙනම්…ජය වේවා!

Three of Us (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Three of Us (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Three of Us (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Three of Us (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Three of Us (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අචින්ත උදයංග (Baiscopelk)
IMDb 7.5 /10 3,184 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Avinash Arun
Director

Cast

Shefali Shah isShailaja Desai
Shailaja Desai
Jaideep Ahlawat isPradip Kamat
Pradip Kamat
Swanand Kirkire isDipankar Desai
Dipankar Desai
Kadambari Kadam isSarika Kamat
Sarika Kamat
Rasika Agashe isGayatri Jayant
Gayatri Jayant
Nina Kulkarni isMrs. Kurankar
Mrs. Kurankar

Similar titles

A1 Express (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kasargold (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nightmare Alley (2021) Sinhala Subtitles
Raabta (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Jhund (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Table No. 21 (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hum Dil De Chuke Sanam (1999) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kondal (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Karate Kid (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kingston (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Witch (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ka Pae Ranasingam (2020) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published