EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Out Of Darknes (2022) | අදුරෙන් ඔබ්බට

මේ ෆිල්ම් එකට IMDb අගය 5.7ක් තමයි ලැබිලා තියෙන්නෙ, ඒ කොහොම වුනත් මේ ෆිල්ම් එකට British Independent Film Award සම්මාන 5කට නිර්දේශ වෙලා තියෙනවා වගේම එක සම්මානයක් ලබාගෙන තියෙනවා. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Andrew Cumming අධ්‍යක්ෂකවරයා. ඉතින් කියන්න බැරි වුන තව දෙයක් තමයි, මේ කතාව පුරාවට දිවෙන්නෙ අමුතුම අලුත් භාෂාවකින්. කතාව පුරාවට භීතීය වගේම ඔවුන් මුහුණ දෙන ආතතිය හොදින් නිරූපණය කරන්න අධ්‍යක්ෂකවරයා සමත් වෙලා තියෙනවා කියන එකත් කියන්නම ඕනි.

අපි එහෙනම් කතාව දිහාට යමු. කලින් කිව්වා වගේම කතාව තනියෙන් බලද්දි ටිකක් බය හිතෙන සිනමාපටයක් තමයි. හාර්ට් ඇටෑක් එහෙම තියෙනවා කියලා සැකයක් තියෙනවනම් ඉතින් තනියම බලන්න යන්න එපා. ඉතින් මේක වෙන්නෙ ගල් යුගයෙ කියලා කියන්න පුලුවන් මොකද මේ කතාව පුරාවට තියෙන්නෙ නොදියුනු මිනිස්සුන් සීතලෙන් ආරක්ෂා වෙන්න ගල්ගුහා සහ ආහාර සොයාගෙන යන අතර තුරේ මුහුණ දෙන්න වුණ බිහිසුණු අත්දැකීම්වලට.

ඉතින් කතාව පටන් ගන්නෙ ප්‍රාග් යුගයෙ මිනිස්සු 6 දෙනෙක් ගින්නක් වටා එකතු වෙලා රාත්‍රිය ගෙවන අතරෙ. මේ කණ්ඩායමේ නායකයා ඇඩෙම්,

එයාගෙ පුතා හෙරෝන්
සහෝදරයා ගියර්,
ගැබිණිය – අවේ
වැඩිහිටියා – ඔඩල්

සහ වෙන කණ්ඩායමකින් ආපු පිටස්තර බෙයර් ඇතුලු කණ්ඩායමකින්. එයාල ප්‍රධාන රැහෙන් වෙන් වෙලා, වැඩිහිටියන්ගෙ උපදෙස් වලට පිටින් කෑමයි,ඉන්න හොද තැනකුයි හොයාගෙන ඇවිත් තියෙන්නෙ මුහුද හරහා අලුත් ගොඩබිමකට. ඒත් එයලා බලාපොරොත්තු වුන දේශයනම් එයාලට හම්බවෙන්නෙ නැහැ. ඒ වෙනුවට ශාපලත් දේශයකට තමයි මෙයාලට එන්න වෙන්නෙ. ඒත් මෙයාලට දැන් ආපහු හැරීමක් නැහැ. මොකද සාගරය හරහා එද්දි හමුවුන මහා විශාල රැලි වලට මෙයාලා ආව බොට්ටුවත් කෑම බීමත් නැති වෙනවා.ඉතින් කරන්න ඉතිරි වෙන එකම දේ කෑමත්, ඉන්න ගුහාවකුත් හොයාගෙන ගොඩබිම ඇතුලට යන්න පටන් ගන්නවා.

ඒ යන පාරෙ තමයි මෙයාලගෙ අවසානය ලියවිලා තියෙන්නෙ. දවස් දෙක තුනක් කිසිම කරදරයක් නැතිව ගියත්, එක පාරට කණ්ඩායමේ නායකයගෙ පුතා බලන් ඉද්දිම අතුරුදහන් වෙනවා. ඉතින් මේ දේ මොකක්ද කියලා හොයා ගන්න හැමෝම උත්සහ කරනවා. විශේෂයෙන්ම මේ අත්භූත දෙයින් තම තමන්ගෙ ජිවිතේ පරිස්සම් කරගන්න. ඒත් කණ්ඩායමේ නායකයාගෙ පුතා වගේම, ඊ ලගට කණ්ඩායම් නායකයත් මිය යනවා. කොහොම වුනත් අනිතිමට මෙයලා හොයපු උනුසුම සහිත ගුහා හොයා ගත්තත් ඒ වෙද්දි කණ්ඩායමෙන් ඉතිරි වෙන්නෙ දෙන්නෙක් විතරයි. හොල්මන කවුද කියලා බලන්න කතාව බලන්න කියලා කියන ගමන්, කතාව ඊට වඩා කියන්න ගියොත් කතා රසය නැති වෙන නිසා නවතින්නම්.

Comments