EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageThundu (2024) | නල්ල මලේ තාත්තයි පුතයි
මේකත් පොලිස් කතාවක්. බිජු මෙනන් කියන දක්ෂ නළුවට කොහොමත් පොලිස් නිළ ඇඳුම හුරු පුරුදුයිනේ. අයියප්පනුම් කෝෂියුම් එකේ ඉන්න යකඩ පොලිස් නිලධාරියා වෙනුවට මේකෙ එයා ඉතාම අහිංසක පොලිස් කොස්තාපල් වරයෙක් වශයෙන් සුපිරි රඟපෑමක් දෙනවා. එයාගෙ තරහ කාරයත් පොලිස් නිලඇඳුමට හුරු පුරුදු ශයින් ටොම් චාකෝ. මේ දෙන්නයි උන්නිමායා ප්‍රසාද්, ගෝකුලන් මෙන්ම ගොඩක් පොලිස් ඇඳුමට හුරු පුරුදු නළුවො රැසක්ම මේ පොලිස් කතාවෙ ඉන්නවා.
රියාස් ශෙරීෆ්ගෙ කුළුඳුල් අධ්‍යක්ෂනය වන මෙම කතාව ගැන පොඩ්ඩක් කියනව නම්, අවුරුදු 21ක සේවයක් තිබිලත් විභාග භීතිකාව නිසා කිසිම උසස් වීමකට ලක් උන බේබි නැමැති අහිංසක පොලිස් කොස්තාපල් වරයා නිතරම විවිධ අහිංසක ගැටළු වලට මැදි වෙනවා.ඒ වගේම තමයි ලොකු අවුලකුත් නැතිව ගැලවෙනවා.ඒ අස්සෙ එයාට තරහකාරයොත් නැතුව නොවෙයි. ඉහලට ගිහිල්ල ඉන්න තමන්ට වඩා අඩු සේවාවක් තියෙන පොලිස් කාරයින්ට පීචං වෙලා ඇති වෙලා එයත් යනව විභාගෙ ලියන්න.එහෙනම් එයා විභාගෙ ලිව්ව හැටි බලන්න.



