EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Bohemian Rhapsody (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageBohemian Rhapsody (2018) | වී විල් රොක් යූ!
“මේකෙ කිසිම දියුණුවක් නෑ බං. මං හම්පි බොන්ග් එකට යනවා ඒ නිසා. ට්‍රයි කරලා බලන්න වෙනවා.”
අන්න ඒ විදිහට “ස්මයිල්” කියන රොක් සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායකයා සහ බේස් ගිටාර් වාදකයා වුන ටිම් ස්ටැෆ්ල් කණ්ඩායමෙන් අයින් වෙලා “හම්පි බොන්ග්” කියන සංගීත කණ්ඩායමට බැඳෙනවා. මේ නිසා අන්තිමට ස්මයිල් සංගීත කණ්ඩායමේ ඉතුරු වෙන්නෙ ලීඩ් ගිටාර් වාදක බ්‍රයන් මේ සහ ඩ්‍රම්ස් වාදක රොජර් ටේලර් විතරයි. මේ සිදුවීම නිසා ස්මයිල් කියන සංගීත කණ්ඩායම නැති වෙලා යනවා. සිදුවීම වෙන්නෙ 1970 වර්ෂයේ. ඊට පස්සෙ මේ කාලෙදිම වගේ තමයි ටිම්ගෙ යාළුවෙක් වගේම ස්මයිල් කණ්ඩායමේ ප්‍රබල ප්‍රේක්ෂකයෙක් වෙච්ච ෆරොක් බුල්සාරා, එහෙමත් නැත්නම් ෆ්‍රෙඩී මර්කියුරි, බ්‍රයන්ටයි රොජර්ටයි කතා කරලා සංගීත කණ්ඩායම ආයෙම පටන් ගන්න කියලා කියන්නෙ. හැබැයි පරණ “ස්මයිල්” කියන කණ්ඩායම විදිහට නෙවෙයි. අළුත් නමක් එක්ක අළුත් කණ්ඩායමක් විදිහට. මේ අළුත් කණ්ඩායමේ ප්‍රධාන ගායකයා වෙන්නෙ ෆ්‍රෙඩී. ආරම්භ කරපු කාලෙදිම කණ්ඩායමට හරියන විදිහේ ගැළපෙන බේස් ගිටාර් වාදකයෙක්ව හොයාගන්න හම්බුණේ නෑ. ඒ නිසා කණ්ඩායමට තුන් වතාවක්ම වාදකයන්ව මාරු කරන්න සිද්ධ වුණා. පස්සෙ හතර වෙනි වාදකයා විදිහට කණ්ඩායමට සම්බන්ධ වෙන ජෝන් ඩීකන් තමයි එතන ඉඳන් කණ්ඩායමේ ස්ථීර බේස් ගිටාර් වාදක ශිල්පියා වෙන්නෙ. මේ විදිහට සාමාජිකයන් හතර දෙනෙක්ගෙන් යුක්තව අළුතෙන් බිහිවෙච්ච සංගීත කණ්ඩායම තමා “කුයීන්”. අපි හැමෝගෙම කනට හොඳට හුරු පුරුදු “We Will Rock You”, “We Are The Champions”, “Bohemian Rhapsody” වගේ ගීත නිර්මාණය වුණේ මොවුන් අතිනුයි. පුද්ගලිකව මම නම් කුයීන් කියන සංගීත කණ්ඩායම ගැන මුලින්ම ඇහුවෙ මීට අවුරුදු දහතුනකට විතර කළින්. ඒ ඇහුවෙත් Five කියන සංගීත කණ්ඩායම කවර් සෝන්ග් එකක් විදිහට ගායනා කරපු We Will Rock You සින්දුව නිසා. ඔයාලා Five ලගෙ මේ සින්දුවේ වීඩියෝ එක බලලා තියෙනවා නම් දකින්න ඇති කුයීන් කණ්ඩායමේ බ්‍රයනුයි, රොජරුයි මේ සින්දුවට ආයෙම වතාවක් ඩ්‍රම්ස් වාදනයකුයි ගිටාර් වාදනයකුයි ලබා දෙනවා. ඒ සින්දුව මේ විදිහට ආයෙ නිකුත් වෙන්නෙ ෆ්‍රෙඩී මේ ලෝකයෙන් සමුගෙන හරියටම අවුරුදු 10ක් පිරෙන්න ඉතාම ආසන්න කාලයකදි. ආයෙ මේ සින්දුවම 2004 පෙප්සි ඇඩ් එකකටත් අරගෙන තිබුණා මට මතකයි. බ්‍රිට්නි ස්පියර්ස්, පින්ක් සහ බියෝන්සෙ තමයි එකේදි නම් සින්දුව කියන්නෙ.
ඉතිං කොහොමින් කොහොම හරි මේ විදිහට මූලාරම්භයක් ගත්තෙ මේ මාසයේ 24 වෙනිදා පැවත්වූ 91වැනි ඔස්කා සම්මාන උළෙල සඳහා නාමයෝජනා 5ක් ලැබ, ඉන් Best Performance by an Actor in a Leading Role, Best Achievement in Film Editing, Best Achievement in Sound Editing සහ Best Achievement in Sound Mixing යන ඔස්කා සම්මාන 4ම ජයග්‍රාහනය කරමින් උළෙලේ වැඩිම සම්මාන ලබාගත් සිනමාපටය වුන Bohemian Rhapsody (බොහීමියන් රැප්සඩි) සිනමාපටයයි.











