EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Dead Poets Society (1989) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Alan B. Curtiss, Brian Fong, John Rusk, Peter Weir, Tom Seidman
Cast
Go Full Cast PageDead Poets Society (1989) | වචන සහ අදහස් මුළු ලෝකයක් වෙනස් කරයි..
අද මම අරගෙන ආවේ ඉතාමත් ලස්සන, සිනහා සාගරයේ ගිලුන, හැඟීම්බර කතාවක්.
චිත්‍රපටය ගැන කියනවා නම් මේක මේ වෙනකොට IMDb දර්ශකයේ 8.1 ක අගයක් හිමිකර ගැනීමට සමත් වෙලා තියෙනවා. ඒ වගේම මේක IMDB TOP 250 ලයිස්තුවේ 200 වැනි ස්ථානය දිනාගත්ත සිනමාපටයක්. ඒ වගේම හොඳම අධ්‍යක්ෂණය, හොඳම සිනමාපටය, හොඳම නළුවා සහ හොඳම තිර රචනය වෙනුවෙන් ඔස්කා සම්මානයට නිර්දේශ වී ඒ අතරින් හොඳම තිර රචනය වෙනුවෙන් වූ සම්මානය දිනාගෙන තියෙනව.
Dead Poets Society සිනමාපටය Peter Weir විසින් (1989) දී අධ්‍යක්ෂණය කරන ලද ප්‍රබල චිත්‍රපටයක් වෙනවා. ඒ වගේම අපි කවුරුත් දන්නා Robin Williams රංගනයෙන් දායක වෙනවා. අමුතුවෙන් කියල දෙන්න දෙයක් නෑනේ එයා ගැන, Night at the Museum 2006, Night at the Museum 2009, Night at the Museum 2014, Jumanji 1995, Good Will Hunting (1997), What Dreams May Come (1998) වගේ ඉතාමත් ජනප්‍රිය චිත්‍රපට රැසකට දායක වෙලා තියෙනවා.
Dead Poets Society කතාව පැත්තට හැරුනොත් විශ්ව විද්‍යාලයක ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස රොබින් විලියම්ස් විසින් රංගනය විශිෂ්ට ලෙස නිරූපණය කරන අතර, ඔහු තම සිසුන් ස්වාධීනව හිතන්න සහ කවියක අර්ථය වැළඳ ගන්න ළමයින්ව පොළඹවනවා. මේ දේවල් වලින් පස්සේ ළමයි එයාලගේ ජීවිතේ විඳිනවා. (ඇත්තටම පාසල් කාලේ කොතරම් සුන්දරද කියල ඔයාට මේ චිත්‍රපටයෙන් නැවතත් මතක් කරල දෙනවා නොඅනුමානයි). ඉතින් මේ දේවල් මෙහෙම වෙද්දි අවසානයේ මේ යහළුවෝ ටිකට ඉතාමත් අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දෙන්න වෙනවා. ඔයාලම බලන්නකෝ කොතරම් හිතට වදින මොහොතක්ද ඒ කියලා.











