EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Psycho (1960) | ඝාතකයකුගේ ඇතුලාන්තය

ලොව බිහිවූ සම්භාවය චිත්‍රපටි අධ්‍යක්ෂවරුන් අතරින් Alfred Hitchcockට හිමි වන්නේ ප්‍රමුඛ තැනකි. ඔහුව ලෝක සිනමාව හදුන්වන්නේ Master of suspense ලෙසය. ඒ ඔහුගේ චිත්‍රපට සැකය හා අවිනිශ්චිත බව පදනම් කරගත් නිසාය.

Alfred Hitchcock නිර්මාණය කල Psycho ඔහුගේ අග්‍රගණයම කෘතිය යැයි හදුන්වන අතර එය ලෝක සිනමාව හදුන්වන්නේ mother of all modern HORROR suspense films ලෙසය.

Imdb ratings 8.7/10 දිනාගනිමින් ලොව හොදම චිත්‍රපටි අතර 22 වන තැන දිනාගන්නා මේ නිර්මාණය ඔස්කාර් සම්මාන 4කටද නිර්දේශ වී ඇත.

හොලිවුඩ් නිමැවුමක් වුවද නිරුවත විකුනාගෙන නොකා එම දර්ශන බොහෝම සංවර ලෙස ඉදිරිපත් කර ඇති අතර.. කලු සුදු චිත්‍රපටියක් වුවද කලු සුදු වර්ණ යොදා ගැනීම අවස්ථාවට උචිත ලෙස යොදාගන්නා වර්ණ පරස්පරතාව අග්‍රගණය සිනමාකරුවාගේ හැකියාව මනාවට පෙන්වයි.

අපේක්ෂා භංගත්වයෙන් ජීවත්වන මේරියන් විවාහක පිරිමියකු ඇසුරු කරන්නේ හුදෙක් ලිංගික ආශ්වාදය උදෙසාය. එයිනුදු එතරම් සතුටක් නොලබන ඇය සිය සේවා ස්ථානයට අයත් විශාල මුදලක් රැගෙන පලායයි. නුමුත් ඇය ලැගුම් ගන්නා නවාතැනේ හිමිකරු ඇයව ඝාතනය කරන්නේ කිසිවකු බලාපොරොත්තු නොවන පරිදිය…

එතැන් පටන් සිදුවන්නේ කුමක්ද? අවසානයේ කුමක් වෙයිද? බාගෙනම බලන්න…
(දත්ත GO සගරාව ඇසුරින්)

Comments