EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageThe Deer Hunter (1978) | යුද්ධයෙන් අගනා පාඩමක්!
The Deer Hunter 1978
අපූරු යාළුවෝ ටිකක්. දුකේදීත් සැපේදිත් එකටම ඉන්න. මේ අතරින් තුන් දෙනෙක් වියට්නාම් යුද්ධෙට යනවා. එහිදී යුධ සිරකරුවන් බවට පත්වන මොවන්ට මුහුණ දෙන්න වෙන්නේ ඉතාම කුරිරු ඉරණමකටයි. ඉරණමට වඩා මේක සූදුවක්. සල්ලි උඩ මියැදෙන ජීවිත. කෙසේ හෝ ඔවුන් මෙයින් පලා ආවත්, ඒ යුද්ධයේ අඳුරු සෙවණැලි මෙයාලගේ ජීවිත ඇතුලේ හොල්මන් කරනවා. හිත හයිය සමහරු එයින් එළියට ආවත් දුර්වල හිත් ඇති අය ඒ තුලම මියැදෙනවා. අපිත් යුද්ධෙන් දශක තුනක් බැට කාපු අය. අපෙත් හිත් ඇතුලේ අදුරු අහුමුළු වල යුද්ධයේ කුරිරු බව හොල්මන් කරනවා.
යුද්ධය පසුබිම් වුනත් මෙය යුධ චිත්‍රපටයක් නෙවෙයි. එනිසාම මේක මඟහැරගන්නත් එපා. චිත්‍රපටයේ රංඟනයෙන් දායක වෙන්නේ Robert De Niro, John Cazale, John Savage, සුරූපී Meryl Streep සමඟින් Christopher Walken ය. චිත්‍රපටයේ කතාව Deric Washburn, Michael Cimino සහ Louis A. Garfinkle සමඟින් Quinn K. Redeker විසිනි. තිර රචනය Deric Washburn ය. Barry Spikings, Michael Deeley, Michael Cimino සහ John Peverall නිෂ්පාදනය කල අතර අධ්‍යක්ෂණය Michael Cimino විසිනි. චිත්‍රපටය මුලින්ම ලෝස් ඇන්ජලීස් වල 1978 දෙසැම්බර් 08 වන දා තිරගත වූ අතර 1979 පෙබරවාරි 23 වන දා සිට එක්සත් ජනපදය පුරා තිරගත වීම ආරම්භ කෙරුණි. විනාඩි 184 ක් (පැය 03 විනාඩි 04ක්) ධාවන කාලයකින් යුත් මෙම චිත්‍රපටයේ නිෂ්පාදන පිරිවැය ඇ.ඩොලර් මිලියන 15 වන අතර ආදායම ඇ.ඩොලර් මිලියන 49 ක් පමණ වේ.
ඉංග්‍රිසි බසට අමතරව පසුව රුසියානු, වියට්නාම් සහ ප්‍රංශ බසින්ද මෙම චිත්‍රපටය තිරගත වී ඇත. The Deer Hunter චිත්‍රපටය වෙනුවෙන් ඔස්කාර් සම්මාන (Academy Awards), American Cinema Editors Awards, American Movie Awards, British Academy Film Awards, Golden Globe Awards ඇතුළු සම්මාන උළෙල රැසකින් සම්මාන පිදුම් ලබා ඇත. චිත්‍රපටය සඳහා IMDb දර්ශකයේ 8.1ක්, Rotten Tomatoes 92% ක් සහ Google පරිශීලිකයින්ගෙන් 86%ක කැමැත්ත ලැබී ඇත.











