EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Shawshank Redemption (1994) | ලොව අංක එකේ චිත්‍රපටය!

එක්තරා පුද්ගලයෙක් හිරයට නියම වෙනව තමන්ගෙ බිරිද මැරු චෝදනාවට වරදකරු වීමෙන්, මෙතැනින් තමයි ෆිල්ම් එක පටන් ගන්නෙ. මේ පුද්ගලයා හිරගෙදර ජීවිතයට හැඩගැසෙන අයුරුත් එහිදී ඔහුට හමුවන සුවිශේෂී පුද්ගලයෙකුත් වට කරගෙන කතාවෙ මුල් භාගය ගෙවෙනව. සිරගෙදර ඇතුලත සමලිංගිකත්වය, මිනිසෙක්ට නිදහස කියන දේ කොච්චර වටිනවද යන මාතෘකා මෙහිදි අපිට අවධාරණය කරනව. මොහු හිරගෙදර ජීවිතයට හැඩ ගැසුන පසු හිරගෙදර වෙනස්ම තැනක් කරන්න උත්සාහ කරනව. ඒක සාර්තක වෙයිද කියල ඔයාලට ෆිල්ම් එක බැලුවොත් තේරෙයි…

මේ චිත්‍රපටයේ අවසාන භාගය ගැන කතා කරනව නම් ඔබව අන්ද මන්ද කරන මොහොතක් එලැබෙනව.. මුල් භාගයෙම ඔබේ මනස තුල ගොඩනැගුන සියලුම අදහස් වෙනස් කරමින් අවසන් භාගය ගෙවෙනව.. ඇත්තටම ඔබ මවිත කරන චිත්‍රපටයක්.. ඒ වගේම මිනිස් හැගුම්, අධිශ්ටානය, කැපවීම වගේම බුද්ධියෙන් ප්‍රයෝජනය ගන්න හැටි කියල දෙන මේ ෆිල්ම් එක ඇත්තෙන්ම ලොව හොදම ෆිල්ම් එක ලෙස වැජඹෙන්න සියළු සුදුසුකම් සපුරා තියෙනව…

ඔබ චිත්‍රපටයකින් බලාපොරොත්තු වන සියළු දේ මෙහෙ අන්තර්ගතයි කියල කෙටියෙන් කියන්න පුලුවන්.. මේකෙ කතාව ගැන කියනවට වඩා සමස්ථ චිත්‍රපටයම ගැන කිව්වෙ ඔයාලට උපරිමෙන් රසවිදින්න ලැබෙයි කියන බලාපොරොත්තුවෙන්…

Comments