EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

One Flew Over the Cuckoo’s Nest (1975) | උන්මත්තකයන් හා පිස්සන්

ලෝකයේ තවත් නමක් තියන්න සමත් වුනු IMDB අඩවියේ හොඳම චිත්‍රපට වර්ගීකරණයේ දැනට 12 වෙනි තැන රැදී තියෙන චිත්‍රපටය සිංහල උපසිරැසිය ඔබේ අතට පත්කරන්නයි මාගේ මේ සූදානම. ඔස්කාර් සම්මාන 5ක්, තවත් සම්මාන 30 දිනා නිර්දේශ වීම් 11 ලබන්න සමත්කම් ලබපු මේ චිත්‍රපටිය ඇකඩමි සම්මාන උළෙලේ ප්‍රධාන සම්මාන පහක් (හොඳම චිත්‍රපටිය, හොඳම ප්‍රධාන නළුවා, හොඳම ප්‍රධාන නිළිය, හොඳම අධ්‍යක්ෂක හා හොඳම තිරරචනය) එක විට දිනාගන්න සමත්වෙච්ච දෙවන චිත්‍රපටියයි. එහෙම ඇකඩමි සම්මාන 5 එකවර දිනූ පළමු චිත්‍රපටය වූනේ 1934 දී (It Happened One Night චිත්‍රපටය) වන අතර මෙම චිත්‍රපටයෙන් පසු එසේ නැවත වරක් සිදු වීමට 1991 (The Silence of the Lambs) වෙනකම් බලාඉන්න සිදුවුනා.

මේ චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නෙ 1962 දී Ken Kesey විසින් මේ නමින්ම ලියවෙච්ච නවකතාවක්. මේ පොත ඇසුරෙන් වේදිකා නාට්‍ය පවා තිරගත වෙලා තියෙන බව සඳහන්.

කතාව ගැන බොහොමත්ම කෙටියෙන්ම කියනවනම් ප්‍රධාන චරිතය වෙච්ච රැන්ඩල් මැක්මර්ෆි ව කතාවට කියන විදියට පිස්සන් කොටුවකට ගේනවා ඇගැයුමකට ලක් කිරීම සඳහා. ඔහු තම අපරාධයකට දඬුවම් විදියට හිරේදි ලැබෙන බරපතළ වැඩ මඟහැරීම සඳහා පිස්සු විදියට රඟපාලා පිස්සන් කොටුවට වෙලා ඉන්න එක තමා එයාගේ අදහස වෙන්නෙ. ඉතින් මෙයාට හරියටම පිස්සු ද කියලා වාර්තාවක් ගන්න තමා එයාව මානසික රෝහලට ගෙන එන්නේ. මෙතනදි වෙන දේවල් සැබෑවටම හාස්‍යජනකද, සැබෑවටම පිස්සු රෝගීන්ටද නැතිනම් පාලකයින්ටද, මේ කතාවේ සැඟවුන අරුත මොකක්ද කියන එක බුද්ධිමත් විදියට, වෙනස් විදියට කල්පනා කරන හැකියාවක් තියෙන ඔබට බාරයි. ඔබත් එහෙම කෙනෙක් නම් බාගෙන බලන්න කියලා ඉල්ලනවා.

Comments