EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Rashomon (1950) | කවුරු කියු දේ වී ද ඇත්තට…

අකිර කුරොසවගේ නිමැවුමක් වන රෂෝමොන් ගැන අහල නැති කෙනෙක් නැතුව ඇතිනේ. හැබැයි මේ චිත්‍රපටය බලපු අය නම් ඒ තරම් නැතුව ඇති. 1950 වසරේ නිර්මාණය වුණත් මෙම සිනමාපටය ගැන අදටත් තියෙන්නේ ඉහළම මට්ටමේ පිළිගැනීමක්. IMDb දර්ශකයේ දී මීට හිමිව ඇති 8.4 ක් පමණ වූ රේටින්ස් අගය ඒ සම්බන්ධයෙන් දක්වන්න පුළුවන් එක් නිදසුනක් පමණයි. ඒ වගේම එදා සිට අද දක්වා මේ නිර්මාණය වෙනුවෙන් ලියැවුණු විචාර සංඛ්‍යාව ද අප්‍රමාණයි.

එකම සිදුවීමක් සම්බන්ධයෙන් පුද්ගලයින් සිව් දෙනකු පවසන කතා හතරක් ඔස්සේ ගලා යන මෙම කතා පුවත විටෙක ඔබ කුතුහලය සයුරක ගිල්වා තවත් විටෙක ප්‍රශ්නාර්ථ ‍රැසකට මඟ පාදනු ඇත. එමෙන්ම අපරාධ, නාට්‍ය සහ අද්භූත යන ශෝනර ත්‍රිත්වය යටතේ ප්‍රභේද කොට ඇති මේ වෘත්තාන්තය යථාර්ථය යනුවෙන් පවතින ගල් ගැසුණු යමක් වෙනුවට එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන බව අපට මතක් කරදෙන්නේ ද ඉතා අපූර්ව අන්දමිනි.

Comments

April 14, 2024

මෙහි සිංහල නාට්‍ය මනමේ වේ