EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Premalu (2024) | කියා ගන්න බැරි ආදරේ

මේ චිත්‍රපටය ගත්තොත් සම්ප්‍රදායක රාමුවෙ චරිත ටික එහෙම්ම තියෙනවා. පෝසත් උගත් කෙල්ල, දුප්පත් නිකමෙක් වන කොල්ලා. පෝසත්, බලසම්පන්න දුෂ්ඨයෙක්, කෙල්ලගෙයි කොල්ලගෙයි ළඟම යාළුවෝ, සිංදු, කොමික් අඩු නැතුව තියෙනවා ෆයිට් නම් නෑ වගේ. මේ දවස් වල ආපු මලයාලම් චිත්‍රපට දිහා බලන්න මම්මුටිගෙ බ්‍රහ්මයුගම්, ඔස්ලර්, ටොවිනෝගෙ අන්වේශිපින්,මෝහන්ලාල්ගෙ වාලිබන් සහ දැන් කප් එක ගහපු මංජුමෙල් බෝයිස් වගේ සුපර් හිට් ෆිල්ම් අස්සෙ ඉහත කිව්ව සම්ප්‍රදායක රාමුව තුල තියෙන ලව් කතාවකට ගේමක් ගහන්න පුළුවන්ද? බැරි කමක් නෑ ඒක වටහා ගන්න පුළුවන් මේක බැලුවම. මේ වෙනකොට මංජුමෙල් බෝයිස් වලට පමණක් දෙවෙනි වෙලා රුපියල් කෝටි 136ක ආදායමක් සහිතව කේරළය පමණක් නොවේ ආන්ද්‍රා තමිල්නාඩු ප්‍රාන්ත වලත් දැඩි ලෙස ජනප්‍රිය වෙමින් තිර ගත වෙන්න නම් මේක සාමාන්‍ය චිත්‍රපටයක් වෙන්න බෑ. ඉහත චිත්‍ර පට බොහොමයල් ත්‍රිලර්, හොරර් ඝණයට වැටෙන කොට මේ රොමැන්ටික් කොමඩිය කෙලින්ම කතා කරන්නෙ වර්ථමාන තරුණ පරම්පරාවට.මේ පරම්පරාවෙ ජනප්‍රිය යොවුන් නළු නිළි දෙපළක් වන නස්ලන් සහ මමිතා බයිජු තමයි මෙහි ප්‍රධාන චරිත දෙක. නස්ලන්ගෙ සුපුරුදු සගයා මැතිව් තෝමස් වෙනුවට සංගීත් ප්‍රතාප් කියන යොවුන් නළුවා තමයි මේකෙ නස්ලන්ගෙ යාළුවා. මැතිව්ත් අපූරු චරිතයකට පෙනී සිටිනවා.මේකෙ ඉන්න අපූරු දුෂ්ඨයාගෙ චරිතයත් ශ්‍යාම් මෝහන් විසින් ලස්සනට රඟපානවා.

මෙවැනිම නව පරම්පරාවෙ රොමෑන්ටික් කොමඩි හිට් එකක් උන තන්නීර් මාතන් දිනංගල්, සුපර් ශාරන්‍යා අධ්‍යක්ෂක ගිරිෂ් ඒ. ඩී තමයි මේකෙ අධ්‍යක්ෂක. නිශ්පාදකයින් නම් එසේ මෙසේ අය නෙමෙයි. ෆහාද් ෆසිල්, ඩිලිෂ් පොතාන්,ශ්‍යාම් පූෂ්කරන් තුන් දෙනා හිතන්නවත් නැතිව ඇති කෝටි 3ක් බජට් එකකින් මලයාලි ඉතිහාසෙ දැනට හතර වෙනි වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටිය හදන්න මේ වගේ තරුණ නළු පිරිසක් එක්ක. මේ චිත්‍රපටය බොහොමයක් පටි ගත කරල තියෙන්නෙ කතාවට පාදක වෙන හයිද්‍රාබාද් නගරය තුලයි.ඒ නිසා මේ චිත්‍රපටයෙ තෙළිඟු වර්ෂන් එකත් ආන්ද්‍රා ප්‍රදේශයේ ජනප්‍රිය උනා.

කතාවෙ නොකිව්වත් කෙටියෙන්ම කියනව නම් කේරළයෙන් හයිද්‍රාබාදයට ඉගෙනීම සඳහා ගිය ලැජ්ජශීලී තරුණයෙක් එහිදී මුණ ගැහෙන තවත් මලයාලි තරුණියක් සමග ඇති වන ඒක පාර්ශවීය ආදරය ද්විපාර්ශවික කර ගැනීමට දරන උත්සාහයත් එ සඳහා තවත් තරුණයකුගෙන් ඇති වන ප්‍රතිරෝධයත් සම්බන්ධ් කතාවක්. පැය දෙකහමාරක් කිසිම කම්මැලිකමක් නැතිව බලන්න පුළුවන් මේ නිවාඩු දවස් ටිකේ.

Comments

November 22, 2024

Please ..the crown,fast Lady, Game of carts වැනි වටිනා නිර්මාණ සිංහල උපසිරසි සමගින් ලබා ගැනීමට කටයුතු කරන්න.

February 19, 2025

Very Good Site. Thanks

April 13, 2025

කතුරු මිතුරු ෆිල්ම් එක ඕනේ