EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Perfect Days (2023) | තනිකඩ ජීවිතේ සුන්දරද අසුන්දරද?

තනිකඩ ජීවිතේ සුන්දරද අසුන්දරද?

ඒක දැනගමුද සුන්දර චිත්‍රපටයක් හරහා?

මේ අරගෙන එන්නේ හොඳම ඉංග්‍රීසි නොවන විදෙස් චිත්‍රපටය සඳහා ඔස්කා සම්මානයට නිර්දේශිත වූ Perfect Days කියන ජපන් චිත්‍රපටය. මේක ප්‍රේක්ශකයො අතරෙ තරමක් කතා බහට ලක්වුණ චිත්‍රපටයක් කිව්වොත් මා නිවැරදි. ඒ මේ චිත්‍රපටයෙ තියෙන සුන්දරත්වය නිසාම වෙන්න ඕනෙ. IMDb දර්ශකේත් 7.9 ඉතා ඉහල අගයකුත් කුණු තක්කාලි 96% ගන්න හැකි වෙලා තියෙන්නවා. දැං කට්ටියට හිතාගන්න පුළුවන් ඇතිනේ පිටින් පේන තරම් මේක සාමාන්‍ය චිත්‍රපටයක් නෙවෙයි කියලා.

මේක සිනමා ශාලාවල් වලට නිකුත් වුණේ 2023 දෙසැම්බර් 21 වෙනිදා. ආදායම අතින් ඩොලර් මිලියන 23.5 උපයලා තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Wim Wenders කියන සම්මාන ලාබී අධ්‍යක්ෂකවරයා විසින්. රංගනයෙන් දායක වෙනවා Kōji Yakusho, Tokio Emoto, Arisa Nakano, Aoi Yamada, Yumi Asō, Sayuri Ishikawa, Tomokazu Miura, Min Tanaka වැනි අය.

චිත්‍රපටයේ කතාව ගලාගෙන යන්නේ තනිකඩව හුදෙකලාව තම ජීවිතය ගෙවන හිරයාමා කියන මහලු පුද්ගලයා වටායි. ඔහුගේ ජීවිතය හරිම ඒකාකාරී. උදේට වැඩට යනවා, කෑමට බීමට එකම අවන්හලකට යනවා, රෑට ගෙදර යනවා. ඔහු සමාජ ආශ්‍රයත් තරමක් දුරට තමා කරගෙන යන්නේ. කතා බහත් හරිම අඩුයි. පරණ තාලෙ මනුස්යෙක්. හැබැයි හරිම කරුණාවන්තයි. හිරයාමා මහත්මයාගෙ ජීවිතේ කොහොම ගලා යනවද කියන එකයි අපිට මේ තුලින් බලාගන්න හැකිවෙන්නේ.

සමහරුන්ට මේ කතාව ගැලපෙන්නේ නැතිවෙන්න පුළුවන්, හැබැයි මෙවැනි නිස්කලංක සුන්දර කතා බලන්න කැමති අයට ඉහලින්ම ගැලපෙන්න පුළුවන් මේක.

Comments