EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

My Happy Marriage (2024) | අනාගතය වෙත

රෙන් මෙගුරො (Ren Meguro)කියොකො කුදො ලෙස

මියො ඉමාදා (Mio Imada) මියො සයිමෝරි ලෙස.

කතාව පැත්තට ටිකක් හැරුනොත්,

මියො සයිමෝරි කියන්නෙ ඉහළ පැලැන්තියෙ පවුලක පළවෙනි දුව. මේ ඉහළ පැලැන්තියෙ පවුල්වලට එයාලටම ආවේණිකව වෙච්චි බලයක් තියෙනවා. ඉතින් අවාසනාවකට අපේ කතා නායිකාව වන මියෝට එහෙම බලයක් උරුම වෙන්නෙ නෑ. ඉතින් ඒක විතරක් නෙමේ මියොගෙ අවාසනාව, මියො ඉපදිලා ටික කාලයකින් එයාගෙ අම්මා නැතිවෙනවා. මියොගෙ තාත්තා එයාගෙ කලින් පෙම්වතියව කසාද බදිනවා.

තාත්තටයි කුඩම්මටයි හම්බවෙනවා කායා කියලා දුවක්, සයිමෝරි පවුලෙ දෙවෙනි ළමයා, කායට අර කිව්වා විදිහට එයාට ආවේණීක වෙච්චි බලයක් පිහිටනවා. මියෝව කාටවත් වැදගත් වෙන්නෙ නෑ, එයා තමන්ගෙ තාත්තගෙ නිවසෙ ඉන්නෙ මෙහෙකාරියක් විදිහට කුඩම්මටයි කායටයි යටත් වෙලා.

මියෝගෙ නපුරු කුඩම්මා තීරණය කරනවා මියෝව විවාහ කරලා දෙන්න. එයාලා මියෝගෙ මහත්තයා විදිහට තෝරගන්නෙ දැඩිබව, දුෂ්ට බව නිසාම ප්‍රසිද්ධියට පත් වුන සේනාංක නායකයෙක් වෙන කියොකො කුදොව. කියොකොත් එක්ක විවහ ගිවිසගන්න එන එක තරුණියක්වත් ඔහුත් එක්ක රැදෙන්නෙ නෑ, ඔහුගෙ නපුරුකම් නිසාම.

ඉතින් මියෝට මොනවා වෙයිද,

මියොටත් කියොකොගෙ නපුරුකම් දරාගන්න බැරිවෙයිද? එයා හැමදාම වගේහැමදේම ඉවසගන කියොකො එක්ක ජිවත් වෙයිද? මියො හිතන විදිහට එයාට කවදාවත් සතුට හිමි නොවේවිද?

ඉතින් කතාව බලලම මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න වෙනවා.

Comments