EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Kida (2023) | සතුටින් සමරමු දීපාවලිය

අපෝ මේකෙ ඉන්න නළුවෝ කවුද දැකලවත් නෑනේ

නළුවයි නිළියයි දෙන්නම කැතයිනේ

ෆයිට් නෑනේ මේකේ

අපේ අය ගොඩක් ලස්සන ෆිල්ම් මගහැර ගන්නේ මෙහෙම කියලා තමයි. ඒ වගේම තමයි ඒවට උපසිරැසියක්වත් හොයාගන්න ටිකක් අමාරුයි. ඉතින් මට ඕනේ වුනේ මේ වගේ ෆිල්ම් හොයන් ගිහින් සබ් කරන්න තමයි. එහෙම හොයන් යනකොට හම්බුන ලස්සන එකක් තමයි මේ Kida කියන්නේ. ඇත්තටම පුදුම ලස්සනක් තියෙන්නේ ඒ වගේම තමයි සමහර මිනිස්සු ජීවත්වෙන්න විඳින දුක මාර විදියට පෙන්නන්න මේකේ සමත් වෙලා තියෙනවා. IMDB Rating අතින් ගත්තොත් මේකෙ 8 ක් වගෙ හම්බෙලා තියෙනවා. එතනින්ම තේරෙනවා මේ ෆිල්ම් එක ගැන

Director – Ra Venkat
Writer – Ra Venkat
Cast – Kaali Venkat, Poo Raam, Dileep

කතාව ගැන කියනව නම් මේ කතාව යන්නේ ඉන්දියාවේ මදුරෙයි වල කම්බූරු කියන ගම වටා තමයි. ඉතා දුශ්කර ගමක් මේක. එහෙ ඉන්න මිනිස්සු දීපවාලි වලට සැරසෙන හැටි තමයි මේකෙ තියෙන්නේ. කතාව පටන් ගන්නකොටම එළුවෙක් හොරකම් කරපු සිද්දියකින් තමයි මේක පටන් ගන්නේ. මං වැඩිය කතාව කියන්නේ නම් නෑ

Comments