CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2326 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
The Ministry of Ungentlemanly Warfare (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Ministry of Ungentlemanly Warfare (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 18, 2024United States120 Min.
Your rating: 0
8.8 12 votes
The Ministry of Ungentlemanly Warfare (2024) | දෙවැනි ලෝක යුධ-වාර්ථාවන්ගෙන් වසන් කල මෙහෙයුමක්.

යුද්ධයක් කියන්නේ කොහොමත් මිලේච්ජ දෙයක්නේ, ඒ මිලේච්ජ දේ වුණත් යම්කිසි සීමාවන් පණවාගෙන තමයි සිදු කරන්නේ. හැබැයි මේ මෙහෙයුම බ්‍රිතාන්‍යයන් විසින් සිදු කරන්නේ අන්න ඒ කියපු දේවල් වලට පිටින් යමින්. හරියටම කිව්වොත් Inglourious Basterds (2009) සිනමාපටයේ එන කණ්ඩායම වගේ කණ්ඩායමක් විසින් සිදු කරපු ඔපරේෂන් පෝස්ට්-මාස්ටර් මෙහෙයුම ගැන තමයි මේ සිනමපටයෙන් කියැවෙන්නේ. දෙවැනි ලෝක යුධ සමයේ බිතාන්‍යයේ අගමැතිව සිටි චර්චිල් විසින් දේශපාලනික සහ යුධමය කාරනා නිසාවෙන් මේ මෙහෙයුම ඕෆ් ද රෙකෝඩ් එහෙමත් නැත්නම් කිසිදු කරුණක් පිටතට හෙළිදරව් නොකරන, අවසර නොලත්, අනීතික, නොනිල මෙහෙයුමක් බවට පත් කරනවා. ඉතිං මේ කණ්ඩායම ගැන 2014 වසරේදී “Churchill’s Secret Warriors: The Explosive True Story of the Special Forces Desperadoes of WWII” නමින් කෘතියක් පලවෙනවා.

ඉතිං ඒ ඇසුරින් ප්‍රවීණ හොලිවුඩ් අධ්‍යක්ෂක Guy Ritchie විසින් මෙම සිනමාපටය නිර්මාණය කරන්න කටයුතු කරනවා. ඔහු මේ සඳහා ප්‍රධාන වශයෙන් ස්නයිඩර්-වර්ස් එකේ සුපර් මෑන චරිතය සිදුකරපු Henry Cavill, ඇමසොන්ලගේ සුපිරිම කතා මාලාවක් වෙන Reacher කතා මාලාවේ ජැක් රිචර් චරිතය සිදු කරන Alan Ritchson දෙදෙනාව දායක කරගන්නවා. ඒ වගේම තමයි සුප්‍රසිද්ධ ජේම්ස් බොන්ඩ් . ඊට අමතරව Magic Mike (2012) සිනමාපටයේ ඇඩම්ගේ චරිතය සිදුකල Alex Pettyfer, Baby Driver (2017) සිනමාපටයේ ඩාලිං චරිතය සිදුකල Eiza González සහ සෙසු චරිත වශයෙන් Babs Olusanmokun, Cary Elwes සහ After (2019), After We Collided (2020), After We Fell (2021), After Ever Happy (2022), After Everything (2023) සිනමාපට මාලාවෙන් ප්‍රසිද්ධියට පත් Hero Fiennes Tiffin යන පිරිස ප්‍රධාන වශයෙන් දායක කරගන්නවා.

ඉතිං මේ සඳහා imdb වෙබ් අඩවියේ සාමාජිකයින් එකොලොස්දහස + ප්‍රමාණයකින් 7.8ක් වැනි ඉහල අගයක කැමැත්තක් ලැබිල තියෙනවා. ඒ වගේම RT වෙබ අඩවියේ විචාරකයින් වෙතින් 71%ක අගයකුත් ප්‍රේක්ෂකයින් වෙතින් 93%ක අගයකුත් මේ සඳහා ලැබිලා තියෙනවා.

ඉතිං මේ සඳහා පසුබිම් වෙන්නේ මම මුලදීම කිව්වා වගේ දෙවැනි ලෝක යුද්ධයේ සිදුවීමක්. මේ සිදුවීම වෙන කාලය වෙනකොට ජර්මානු නාසීන් ඉතාම ප්‍රභල තැනක ඉන්නේ. බ්‍රිතාන්‍යය තමයි යුරෝපයේ අවසාන බලාපොරොත්තුව. හැබැයි බ්‍රිතාන්‍යයට මේක තනියම කරන්න බැහැ. ඇමරිකාවේ සහය ඕන වෙනවා. හැබැයි ඇමරිකාවට තමන්ගේ සේනාවන් අත්ලාන්තික් සාගරය හරහා යුරෝපයට අරගෙන එන්න විධියක් නැහැ. ඒකට හේතුව තමයි දෙවැනි ලෝක යුධ සමයේ මහ මුහුදේ ආධිපත්‍යය පතුරවාගෙන හිටිය යූ-බෝට් නමින් හැදින්වූ ජර්මානු සබ්මැරීන. යුධ නැවක්ද, භාණ්ඩ ප්‍රවාහන නැවක්ද, මගී ප්‍රවාහන නැවක්ද යන්න කිසිවක් නොබලා ඔවුන් විසින් එකල ප්‍රහාර එල්ල කල බවයි කියැවෙන්නේ. ඉතිං හිට්ලර්ගෙන් හොඳටම බැට කාලා ඉන්න අතරේ චර්චිල්ව බලයෙන් පහ කරන්න පාර්ලිමේන්තුව ඇතුලේ යම් සිදුවීම් වගයක් වෙනවා. ඒ හැම දේම එක්ක ලොකු අවධානමක් අරගෙන චර්චිල් විසින් මේ “මහත්මා නොවන” මෙහෙයුම ක්‍රියාත්මක කරවනවා. සිනමාපටය අවසානයේදී ඔයාලට ඒ සැබෑම පුද්ගලයින්ව දැක බලාගන්න ලැබේවි.

මේ සිනමාපටයේ ඉන්නවා සිනමා ලෝකයේ සුප්‍රසිද්ධ චරිතයක් වෙන ජේම්ස් බොන්ඩ්ව නිර්මාණය කරපු ඉයන් ෆ්ලෙමින් කියන චරිතය නිර්මාණය කරපු ඉයන් ෆ්ලෙමින්. ඔයාට දකින්න ලැබේවි එයා තමන්ව හඳුන්වාදෙන ආකාරය, මෙන්න මෙහෙම. “ෆ්ලෙමින්, ඉයන් ෆ්ලෙමින්”. ඒ විතරක් නෙමෙයි, මේ සිනමාපටයේ එන කැප්ටන් ගස් මාච් ෆිලිප්ස් තමයි ඉයන් ෆ්ලෙමින් විසින් ජේම්ස් බොන්ඩ් චරිතය නිර්මාණය කිරීමේදී පාදක කරගත්තේ කියලත් කියවෙනවා. ඔන්න ඒක අමතර කරුණක්. 🙂

ඒ වගේම කතාවට අමතරව කියන්න ඕනා කරුණක් තියෙනවා, ඒ තමයි මෙහි ප්‍රධාන චරිතය වන ගස් මාච් ෆිලිප් මෙමෙ සිදුවීම සිදුවී මාස අටකට පසු ක්‍රියාන්විතයේදී මිය යනවා. 🙁 එහෙනම් මේ මහත්මා නොවන, ඔපරේෂන් පෝස්ට්-මාස්ටර් මෙහෙයුම මොකක්ද කියල බලාගන්න ඔයාලට ඉඩකඩ සලසා දෙන්නම් ඔන්න මම.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශාන් විමුක්ති [විමා] (Baiscopelk)
IMDb 7 /10 20,999 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Guy Ritchie
Director

Cast

Henry Cavill isGus March-Phillips
Gus March-Phillips
Alan Ritchson isAnders Lassen
Anders Lassen
Henry Golding isFreddy Alvarez
Freddy Alvarez
Alex Pettyfer isGeoffrey Appleyard
Geoffrey Appleyard
Eiza González isMarjorie Stewart
Marjorie Stewart
Til Schweiger isHeinrich Luhr
Heinrich Luhr
Henry Zaga isCaptain Binea
Captain Binea
Danny Sapani isKambili Kalu
Kambili Kalu

Similar titles

Indiana Jones and the Raiders of the Lost Ark (1981) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dune (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Asuran (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Seeru (2020) Sinhala Subtitles
Anacondas: The Hunt for the Blood Orchid (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Emmanuelle (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Raana (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Superman: Red Son (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Sarpatta Parambarai (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Theerpugal Virkapadum (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hate Story IV (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
The Kung Fu Master (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published