EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Murder Mubarak (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Celina John, Homi Adajania, Shikhar Shrivastava
Cast
Go Full Cast PageMurder Mubarak (2024) | සිංහල උපසිරැසි සමඟ
Murder Mubarak (2024) Sinhala Sub
Murder Mubarak (2024) Sinhala Subtitle
Murder Mubarak (2024) Sinhala Subtitles
Club You To Death by නැමැති කෘතිය ආශ්‍රයෙන් නිර්මාණය උන හින්දි රහස්පරික්ෂක චිත්‍රපටියක් තමයි අද මේ අරන් ආවේ. මේක ටිකක් බැලැක් කොමඩි ඝණයටත් අයත් වෙනවා. ඒ වගේම මේ චිත්‍රපටිය නම් වැඩිහිටියන්ට වඩාත් සුදුසු එකක් කියලා මතක් කරන්නම වෙනවා. පසුගිය මාර්තු 15 තමයි මේ චිත්‍රපටිය නෙට්ෆිලික්ස් හරහා නිකුත් කලේ. බැනර් එක බැලුවාම උනත් පේනවා ඇති හින්දි චිත්‍රපටිවල ප්‍රසිද්ධ නළු නිලියන් රැසක්ම මෙහි රංඟනයෙන් දායක වෙනවා කියලා. ඒ වගේම මෙහි රහස්පරික්ෂක වරයාගේ චරිතය කරන්නේ Pankaj Tripathi විසින්. ඔහු ගැන ඉතින් වැඩි විස්තර කියන්න උවමනා නැහැ නේ.
කතාව ගැන කිව්වොත් දිල්ලියේ ප්‍රසිද්ධ සමාජ ශාලාවක් තියනවා. මෙහි වාසය කරන්නේ කුලවත් වගේම ධනවත් අය. සල්ලි තිබ්බා කියලා මේකේ මෙම්බර් ෂිප් එකක්වත් ගන්න බැහැ. කුලය හොද වෙන්නත් ඕනි. ආවාට ගියාට මේකට කිසිම කෙනෙක්ට ඇතුල් වෙන්නත් බැහැ. හැබැයි මේක ඇතුලේ එක්තරා මිනිමැරුමක් සිද්ධවෙනවා. කට්ටිය කියන්නේ මේක සියදිවි නසාගැනිමක් කියලා. නමුත් මේක මිනිමැරුමක් කියලා පොලිසිය සැක කරනවා. මේක රහස් පරික්ෂක කතාවක් කියලා මං කිව්වානේ. ඉතින් මේක ගැන කිසිම ඉගියක් නොදි ඉන්නම්. මේ චිත්‍රපටියේ නම් ඇත්තටම කවුද මිනිමැරුවා කියලා සැක කරන එක ටිකක් නම් අමාරු වැඩක් වේවි. එහෙනම් අරන් බලන්න




