EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageIrish Wish (2024) | “අයිරිෂ් පැතුම”
“Irish Wish” මේ අවුරුද්දේ මාර්තු මාසේ නිකුත් වුන Netflix චිත්‍රපටයක්. Comedy/Romance කියන Genres වලට තමයි මේ චිත්‍රපටය අයත් වෙන්නේ. කොහොම වුනත් Comedy හෝ Romance ගතියටත් වඩා, ජීවිතේට ගොඩක් හොඳ පාඩමක් කියලා දෙන චිත්‍රපටයක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. මොකක්ද ඒ උපදෙස කියල මම ඔයාලට දැන් කියන්න යන්නේ නෑ මොකද ඒකෙන් කතාව Spoil වෙන්න පුළුවන් හින්දා.
මැඩ්ලින් කේලී කියන්නේ පොත් සංස්කාරකවරියක්. මෙයා පෝල් කෙනෙඩි කියන කතුවරයත් එක්ක එක පොතක වැඩ කරනවා. මේ සිදුවීම අස්සේ මැඩ්ලින් එහෙමත් නැත්තම් මැඩී ට පෝල් ගැන හැඟීමක් ඇතිවෙනවා. මේ දෙන්නගේ කතාව තවත් කීපදෙනෙක් එක්කම ඉස්සරහට ගලාගෙන යනවා. මැඩී තමන්ගේ ජීවිතේ ඉතුරු කාලේ එකට ගතකරන්න ගැළපෙනම කෙනා හොයාගන්න දරන උත්සාහය තමයි මේ කතාවෙන් විස්තර වෙන්නේ.
තව විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි මේ චිත්‍රපටයට යොදාගෙන තියෙන ෆැන්ටසි බවින් තොර පරිසරය. දැක්කහම ඇස් ඇදලා යන ලස්සනම ලස්සන Location ටිකක් මේකට Capture කරගෙන තියෙනවා. ඒවත් ඔයාලට චිත්‍රපටය බලන ගමන් රසවිඳින්න පුළුවන්.









