EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Double Team (1997) | සුපිරි ඩබලක්

 

Jean-Claude Van Damme සහ Dennis Rodman සුසංයෝගයෙන් සැදුනු Double Team මුලින්ම තිරගත වුනේ 1997 අප්‍රියෙල් 04 දින ඇමෙරිකාවේදී. ඇ.ඩො.මිලියන 48.1 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගන්න සමත්වුනු වෑන් ඩෑම්ගෙ තවත් පැරණි ජනප්‍රිය චිත්‍රපටයක්. Action, Comedy, Sci-Fi, Thriller යන කැටගරිවලට අයත්වෙන ෆිලුමක්. ධාවන කාලය විනාඩි 93 යි. Jet Li ගේ Black Mask (1996), Once Upon a Time in China film series (1991–97), Donnie Yen ගේ Iron Monkey (1993) සහ වෑන් ඩෑම්ගෙම Knock Off (1998) යන සුපිරි චිත්‍රපට සිනමා ලොවට දායාද කල හොංකොං චිත්‍රපට අධ්‍යක්ෂක Tsui Hark ගේ ප්‍රථම ඇමරිකන් නිර්මාණය. Jean-Claude Van Damme (ජැක් ක්වින්) සහ Dennis Rodman (යෑස්) සමග රංගනයට එකතුවෙන්නේ Mickey Rourke (ස්ටාව්රෝස්), Paul Freeman (ඇලෙක්ස් ගෝල්ඩ්ස්මයිත්) සහ Natacha Lindinger (කැත්රින්).
ත්‍රස්ත මර්දන ඒකකයක සාමාජිකයෙකු වන නියෝජිත ජැක් ක්වින්ගේ අවසාන පැවරුම වෙන්නේ ජාත්‍යන්තර ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වල යෙදෙන ස්ටාව්රෝස්ව අල්ලාගැනීම. එය අසාර්ථක වන අතර එහිදී ක්වින් බරපතල තුවාල ලබනවා. ක්වින්ගේ නොසැලකිල්ල නිසා මෙහෙයුම අසාර්ථක වූ බව තීරණය වෙන අතර, ක්වින් මියගිය බව ලෝකයට දන්වා, ඔහුව “කොලනි රෙසිඩන්ස්” නමැති තැනකට යවනවා. එය රහසිගතව පවත්වාගෙන යන විශේෂිත ත්‍රස්ත මර්දන ඒකකයක්. හැබැයි එක්තරා ආකාරයක හිරගෙයක්. ඒක දූපතක්. මුහුදෙ පවා ලේසර් සවිකරල තියෙන්නෙ. කාටවත් පැනගන්න බෑ. එහෙ ඉන්න සියලුම සාමාජිකයො, මැරුනයි කියල ලෝකයා හිතාගෙන ඉන්න ප්‍රහාරක ඒජන්ට්ලා. ක්වින්ගෙ අවසන් මෙහෙයුමේදි අතුරු ඵලයක් ලෙස ස්ටාව්රෝස්ගේ එකම පුතා වෙඩී වැදී මිය යනවා. මේකට පලිගන්න ඔහු ක්වින්ගේ ගැබ්බර බිරිඳව පැහැරගන්නවා. මෙය දැනගත්තම හිර ගෙදරක ඉන්න ක්වින්ට මොනා හිතේවිද? කොලනියෙන් පැනගැනීම ඔහුගේ පළමු අභියෝගයයි. ස්ටාව්රෝස් සමග සටනට ක්වින්ට තවත් කෙනෙක් සහයට එනවා. ඒ තමයි ආයුධ වෙළෙඳාම්කරුවෙක් සහ පිස්සු පූසෙක් වන යෑස්.

මේකෙ ලොකු 18+ සීන් කෑලි නම් නෑ. නමුත් පොඩි පොඩි කෑලි කීපයක් නිසා ළමයින්ට සුදුසුයි කියන්න බෑ.

Comments

June 1, 2024

මේ වගේ ඒවා දිගටම දාන්න අපි ආසයි පරන ෆිල්ම් වලට