Cast
Go Full Cast PageThalapathi AKA Dalapathi (1991) | මගේ තලපති.
තලපති නැත්නම් ඩලපති සිනමා අධ්‍යක්ෂක මනිරත්නම් විසින් කළ තවත් අද්විතීය නිමැවුමක්. දමිළ සිනමාවේ හොඳම චිත්‍රපට ලැයිස්තුවේ ඉහළ ස්ථානයක් මේ තලපති චිත්‍රපටයට ලැබෙනවා. මහාභාරතයේ එන කර්ණන් සහ දුර්‍යෝධනාගේ මිත්‍රත්වය පාදක කරගෙන මේ කතාව නිර්මාණය කර තිබෙනවා. සූරියා – කර්ණන්, දේවරාජ් – දුර්යෝධනා, සුබ්බුලක්ෂ්මි – ද්‍රෞපති, අර්ජුන් – අර්ජුණා, කල්‍යාණි – කුන්ති යන ආකාරයට පාදක කරගෙන තිබෙනවා. ඒ සමයේ ඉ.රු. කෝටි 3ක අති දැවැන්ත වියදමක් දරා මෙය නිෂ්පාදනය කරනු ලැබුවා. කොහොම වුණත් මනි රත්නම් හා රජිණිකාන්ත් එක්ව කළ එකම චිත්‍රපටය තලපති පමණයි.
Thalapathi (1991) Sinhala Subtitles
මෙහි සුපර් ස්ටාර් රජිණිකාන්ත් සහ මෙගා ස්තාර් මම්මුට්ටි සමඟින් ජයි ශංකර්, අරවින්ද් සාමි, ශෝභනා, අම්රීෂ් පූරි, ශ්‍රීවිද්‍යා, භානුප්‍රියා, නාගේෂ්, චාරුහසන්, චාර්ලි, තලපති දිනේෂ් යන අය රඟපානවා.












