CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට
වරිසු (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

වරිසු (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 11, 2023India169 Min.
Your rating: 6
8 176 votes
Varisu (2023) | “උරුමක්කාරයා” | Original Quality

IMDb 6.9/10

Action | Drama

2hrs 45 mins

Thalapathy Vijay | Rashmika

” Thee Idhu Thalapathy

Pera Kettaa Whistle Adi

Thee Idhu Thalapathy

Unga Nenjin Adhipathi …

තලපති විජෙයි රංගනයෙන් දායක වූ 66 වන චිත්‍රපටය හෙවත් අලුත්ම චිත්‍රපටය තමයි ” වාරිසු” කියන්නේ.. සිංහල තේරුම “උරුමක්කාරයා” කියලයි. මේ අවුරුද්දේ තෛපොංගල් වෙනුවෙන් ජනවාරි 11 වෙනිදා ලොව පුරා සිනමා ශාලා විශාල සංඛාවක තිරගත වුණා.

ආදායම් වාර්තා බිද හෙලමින් අති සාර්ථකව තිරගත වූ වාරිසූ මේ වන විට කෝටී 200 -250ක ආදායමක් ලබමින් තවමත් තිරගත වෙමින් පවතී.. (මම මේ ලිපිය ලියන දා සිට) කෙසේ හෝ එදිනම තල අජිත්ගේ ” Thunivu” චිත්‍රපටයද තිරගත වූ අතර දෙකටම මිශ්‍ර ප්‍රතිචාර ලැබෙමින් කරට කර තරග කරන්න සිදු වුණා.. ඉන්දියාවේ වගේම සෙසු රටවලද ඒ වගේම ලංකාවේ ද අති විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් කෝටී 9 ක ආදායමක් ලබා ඇති බවයි වාර්තා වෙන්නෙ.. Thunivu තිරගත වීමත් සමග මදක් පලමු දිනයේ ආදායම් අතින් තමිල්නාඩුවේ පහත් බැස්සද දෙවන තුන්වන දිනවල එය නැවතත් ප්‍රවේගකාරී ලෙස Thunivu අභිබවා යෑමට පටන් ගත්තා. හයිඩ්‍රාබාද් වල කේරලේ වගේ ඉහල ප්‍රතිචාර ලැබීම සිදු වුණා.. කෙසේ හෝ අවසානයේ මේ වන තෙක් Thunivu අභිබවා ආදායම් වාර්තා තබන්නට වාරිසු සමත් වූ බවයි පෙනෙන්නේ…

කතාව පැත්තට හැරුනොත්,

ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන රාජේන්ද්‍රන් පලනිසාමිගේ බාල පුත්‍රයා වන විජේ රාජේන්ද්‍රන්, ආහාර බෙදා හැරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තීරණය කිරීම නිසා පවුලේ ව්‍යාපාරයට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහුව නිවසින් එළියට පන්නලා දානවා. වසර හතකට පසු, රාජේන්ද්‍රන් අග්න්‍යාශයේ පිළිකාවකින් පෙළෙන බව හඳුනා ගන්නා අතර ඔහුට ජීවත් වීමට ඇත්තේ තවත් මාස කිහිපයක් පමණයි. ඔහුගේ තත්ත්වය හෙළි කිරීමටත් ඔහුගේ මරණයට පෙර ඔහුගේ වැඩිමහල් පුතුන් දෙදෙනාගෙන් කෙනෙකු වන ජායි හෝ අජේ සමාගමේ සභාපති ලෙස පත් කිරීමට ඔහු තීරණය කරනවා. මේ කාරණාව පවුලේ සියලු දෙනාටම කියන්න ඕනේ නිසා රාජේන්ද්‍රන් සිය 65 වැනි උපන්දිනය ඉතා උත්කර්ෂවත් ලෙස සැමරීමට සැලසුම් කරන්නේ, සැමරුම අතරතුර කරුණු දෙකම ප්‍රකාශ කිරීමේ අදහසිනි. විජයට ද ආරාධනා ලැබෙන්නේ ඔහුගේ මව වන සුධාගේ ඉල්ලීම පරිදි වන අතර ඔහු තවමත් තම පුතා ලෙස සලකමිනි.. විජය පැමිණෙන්නේ ඔහුගේ නිවස අවුල් වී ඇති බව දැනගෙන. විජෙයිගේ බාල සොහොයුරා වන ජයි තවත් කාන්තාවක් වන ස්මිතා සමඟ ඔහුගේ බිරිඳ වන ආතිට වංචා කරන අතර ඔහුගේ නව යොවුන් වියේ දියණිය වන රියා ඇතුළු ඔහුගේ පවුල නොසලකා හරිමින් සිටිනවා. ආතිගේ නැගෙනිය වන දිව්යා සමග සමීප ඇසුරක් එය ආදරයක් කිව්වොත් හරි විජේ ගොඩ නගා ගන්නවා. අජේ මුදල් සම්පාදකයෙකු වන මුකේෂ්ට විශාල මුදලක් ණයයි. ඔහුට මුදල් ආපසු ගෙවීමට නොහැකි වූ විට, ඔහු තම පියාගේ ව්‍යාපාරික ප්‍රතිවාදියා වන ජයප්‍රකාශ් “ජේපී” වෙත තම සමාගමේ රහස් හෙළි කිරීමට ඉදිරිපත් වෙනවා. මෙය දුර දිග යෑම නිසා වැඩිමහල් සහෝදරයන් දෙදෙනාම එකිනෙකා සමඟ කතා නොකරන අතර පවුලෙන් ද පිටව යෑමට පටන් ගන්නවා.. අන්තිමට සියලු බර කරට අරන් සියලු දෙනාගෙම යහපත සැලසීමේ වගකීම පවුලේ බාලයා වන විජෙයි බාර ගන්නවා. ඔහොම තමා කතාව ගලාගෙන යන්නෙ.. පවුලේ කතාවක්.

ඒකාකාරී මසාලා කතාවලින් මිදිලා වෙනස් චරිතයක් වාරිසූ තුලින් තලපතිගේ දැක ගන්න පුලුවන්. විජෙයි සමග රංගනය රශ්මිකා මන්දනා තමා මෙවර තේරීම. රශ්මිකාගේ දෙවන දමිල නිර්මාණය මෙයයි. පලමු එක කාර්ති සමග රග පෑ “සුල්තාන්” ඔයාලට මතක ඇති. රශ්මිකාගේ කැමැති ම නළුවා වගේම “Crush” එක ද තලපති විජෙයි කියලා තමා ඇය කීපවරක්ම මාධ්‍යයට කිව්වෙ. ඒ වගේම ඇය ගොඩක් ආසාවෙන් වගේම ගොඩක් ගෞරවයෙන් විජෙයි සර් එක්ක රංගනයෙන් යෙදුනා කියලා ඇය කියලා තිබුණා. මෙවරත් 2009 න් පසු දුශ්ටයා විදිහයට ප්‍රකාශ් රාජ් එකතු වෙනවා තලපති තලපතිත් සමග. ඒ Villu, Athi, Pokkiri, Sivakasi, Gilli යන චිත්‍රපටවල මේ සංයෝගය අති විශිෂ්ටයි. ඒ වගේම යෝගී බාබුත් ඉන්නවා නොනවතින සිනහා රැල්ලක් අරන්.. මීට අමතරව සෙසු චරිත ලෙස මෙසේ පෙල ගස්වන්න පුලුවන්,

❃ R. Sarathkumar as Rajendran Palanisamy

❃ Prabhu as Dr. Anand Padmanabhan

❃ Jayasudha as Sudha Rajendran

❃ Prakash Raj as Jayaprakash “JP”

❃ Srikanth as Jai Rajendran

❃ Shaam as Ajay Rajendran

❃ Yogi Babu as Kicha

❃ Sangeetha Krish as Aarthi Jai

❃ Samyuktha Karthik as Ajay’s wife

❃ Sanjana Tiwari as Ria

❃ Nandini Rai as Smita

❃ Ganesh Venkatraman as Mukesh

❃ Sriman as Thambi Durai

❃ VTV Ganesh as Velraj

වාරිසූ අධ්‍යක්ෂක Vamshi Paidipally වෙනවා. මොහු තෙලුගු අධ්‍යක්ෂකවරයෙක් වන අතර මෙය මොහුගේ දෙවන දමිළ නිර්මාණයයි. පලමු එක කාර්ති හා නාගාර්ජුනා රංගනය යෙදුන “තෝලා” වෙනවා.. මෙහි නිෂ්පාදනය Dil Raju, Pearl Potluri, Param Potluri, Sireesh වෙනවා. T serise ලේබලයෙන් මාධ්‍ය සහය ලැබුණා. සංගීත අධ්‍යක්ෂණය S.Thaman වෙනවා. හරිම ලස්සන ගීත 5ක් ඇතුලත් වෙනවා.

🎶 Thee Thalapathy

🎶 Rajithame

🎶 Jimiki Ponnu

🎶 Vaa Thaleiva

🎶 Soul of Varisu

මෙහි ” Rajithame” ගීතය තලපතිගෙ හඩින් අහන්න පුලුවන්. ඒ වගේම “Thee thalapathy” ගීතය සුපිරි නළු STR හෙවත් සිම්බු විසින් ගායනා කරයි. ඒ වගේම “Jimiki ponnu” අනිරුද් හා ජොනීටා විසින් ගායනා කරනවා. ( බීස්ට් හි Halamathi Habi bo ගීතය ගායනා කළ දෙපල)

කෙසේ හෝ මේවන විටත් තවම මෙය සිනමාශාලා වල සාර්ථක ලෙස තිරගත වෙනවා. තලපති හා රශ්මිකා රංගනය බොහෝ දෙනා පහත් මට්ටමින් කතා කරලා තිබුණා. කෙසේ හෝ වැඩි අවස්තාවක් ඇයට මෙහි රංගනය යෙදීමට අවස්තාවක් නෑ. ගීත ටික වගේම නර්තනය ද ඇය මෙවර සාර්ථක වෙලා තියෙනවා. මතක් කරලා කියන්න ඕනේ තලපතිගේ එදා වගේම අදටත් ඒ නර්තනය නම් අති විශිෂ්ටයි. ඒ පෞරුෂය වගේම ඒ ශක්තිය කිසි අඩුවක් නෑ.. හරිම අපූරු රංගනයක් වගේම කඩවසම් පෙනුමකින් මෙවරත් තලපති වාරිසූ තුලින් හමුවෙනවා..

 

 

 

ලින්ක්

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අශේන් මදුරංග ( චූටියා ) (Cinerulk )
IMDb 6 /10 38,343 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Vijay isVijay Rajendran
Vijay Rajendran
R. Sarathkumar isRajendran Palanisamy
Rajendran Palanisamy
Shaam isAjay Rajendran
Ajay Rajendran
Srikanth isJai Rajendran
Jai Rajendran
Prakash Raj isJayaprakash 'JP'
Jayaprakash 'JP'
Prabhu isDr. Anand Padmanaban
Dr. Anand Padmanaban
Jayasudha isSudha Rajendran
Sudha Rajendran

Similar titles

Madagascar (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Batman: Under the Red Hood (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Hitman’s Bodyguard (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Radhe (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Along With the Gods: The Last 49 Days (2018)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Squad (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pulikkuthi Pandi (2021) Sinhala Subtitles
Scooby-Doo: Return to Zombie Island (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
High Risk (1995) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Singham Returns (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Don (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Spycies (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published