CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3279 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Love Me If You Dare (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Love Me If You Dare (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

May. 25, 2024India128 Min.
Your rating: 0
9.4 27 votes
Love Me If You Dare (2024) | “ඔයාට එයාව දෙපාරක් දකින්න බෑ..

 

ඕනම කතාවක් පටන්ගන්නකොට,
‘එකමත් එක කාලෙක’ කියලා පටන් ගන්නවා..
ඒත් මට එහෙම පටන් ගන්න බෑ.
මොකද කියනවනම් මගේ කතාව, තාමත් පටන්ගෙන නෑ..
මිනිස්සු බය කරන හොල්මන් කතා ගොඩක් තියනවා..
ඒත් හොල්මනකට ආදරේ කරපු මනුස්සයෙක්ගේ කතාවක්, කවදා හරි අහලා තියනවද?

 

මේ චිත්‍රපටයේ කතාව සහ අධ්‍යක්ෂණය Arun Bhimavarapu අතින් තමයි සිද්ධ වෙලා තියෙන්නේ..ඒ වගේම Harshith Reddy, Naga Mallidi කියන අය විසින් තමයි මේ චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ.. Romantic / Thriller / Horror කියන කාණ්ඩ වලට අයිත් මේ චිත්‍රපටය මේ වෙද්දි IMDb දර්ශකයේ 7.6/10 ක අගයක් ලබාගන්නත් සමත් වෙලා තියනවා..

 

කාස්ට් එක පැත්තට හැරුණොත් මේ චිත්‍රප⁣ටයේ ප්‍රධාන චරිත දෙක වෙන අර්ජුන් සහ ප්‍රියා කියන චරිත දෙක 2022 වසරේ නිකුත් වුණු Rowdy Boys තෙළිඟු චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟදක්වපු Ashish Reddy සහ ගිය අවුරුද්දේ නිකුත් වුණු දැනටත් ගොඩ දෙනෙක් අතරේ ජනප්‍රිය චිත්‍රපටයක් වෙන Baby චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වුණ Vaishnavi Chaitanya විසිනුත් රඟදක්වනවා..ඊට අමතරව Ravi Krishna, Simran Choudhary, Rajeev Kanakala වගේ තවත් නලු නිළි පිරිසක් වගේම Samyuktha Menon ගේ Cameo එකකුත් මේ චිත්‍රපටයෙදි දැකගන්න ලැබෙනවා..Samyuktha⁣ ගේ Cameo එක ෆිල්ම් එකේ අවසානේ වෙනම පැත්තකට හරවනවා ඔයාලට බලාගන්න ලැබෙයි..😁

 

කතාව ගැන කියනවනම් කතාව පටන් ගන්නේ එක ගමක් මැද්දේ තියන එක බංගලාවකින්..මේ බංගලාවේ ජීවත් වෙන්න එක ජෝඩුවක් ආවත් ඒ දෙන්නගෙන් පිරිමි කෙනාව විතරයි ගමේ මිනිස්සු දැකලා තියෙන්නේ..ඒ ගෑණු කෙනා කවමදාවත් කාටවත් පේන්න ඇවිත් නෑ..ඒ නිසා ගමේ මිනිස්සු ඒ ගෙදර දිහා බලන්නවත් බයයි..ඒකට තවත් හේතුවක් වෙන්නේ හැමදාම රෑ 8ට මේ බංගලාවෙන් එලාම් සද්දයක් ඇහෙනවා..ඊට පස්සේ හරියටම පැයක් මේ බංගලාවේ ඉන්න කාන්තාව හොඳටම අඬනවා..හැබැයි හරියටම පැයයි..ඒත් අවුරුදු 6කට පස්සේ දවසක් රෑ අටට මුලු ගමම නිහඬ වෙනවා..මිනිස්සුන්ටත් මේක ලොකු පුදුමයක්..ඉතින් ඒ පුදුමය බයක් බවට පත් කරමින් කවදාවත් අර බංගලාවෙන් එළියට ආව නැති කාන්තාව සිරුරට ගිණි තියාගෙන බංගලාවෙන් එළියට එනවා..ඉතින් ඒ කාන්තාව ඒ විදියට සියදිවි නසාගන්නවා..ඔය අතරෙම ඊට දවසකට වගේ පස්සේ ගමේ අයට එයාගේ මහත්තයත් බංගලාව ඇතුලේ මැරිලා ඉඳලා හම්බවෙනවා..ඉතින් මේ වෙලාවෙම ගමේ අය තිගැස්සිලා යන දෙයක් දකිනවා..ඒ තමයි මේ බංගලාවේ පුංචි ගෑණු දරුවෙක් ඉන්නවා..ඒ වෙන කවුරුත් නෙවෙයි..මේ අත්භූත ජෝඩුවගේ දියණිය..ඉතින් ඒ දරුවව පොලීසියට භාරවෙනවා..කොහොමින් කොහොම හරි කාලය ගෙවුණම අපේ කතා නායකයා වෙන අර්ජුන් වගේම අර්ජුන් එක්කම එකට ඉන්න ප්‍රතාප් කතාවට ප්‍රවිශ්ට වෙනවා..

අර්ජුන් වගේම ප්‍රතාප් කියන්නේ අත්භූත දේවල් නෑ කියලා ඔප්පු කරන පොඩි පොඩි එක්ස්පෙරිමන්ට් කරන යූටියුබ් චැනල් එකක් කරගෙන යන දෙන්නෙක්..ඉතින් ඔහොම ඉද්දි මෙයාලට ඕන වෙනවා අතීතෙදි වුණ අර පොඩි ගෑණු ළමයා හම්බුණ සිද්ධිය ගැන හොයන්න…ඉතින් මේ ගැන ප්‍රතාප් එයාගේ පෙම්වතිය වුණ ප්‍රියාට කියලා කියාගේ උදව් බලාපොරොත්තු වෙනවා…ඉතින් අර්ජුන්ටයි ප්‍රතාප්ටයි මේ පොඩි ගෑණු ළමයා ගැන හොයන්න හේතුවක් තියනවා..

  • ඒ හේතුව මොකද්ද?
  • අර්ජුන්, ප්‍රතාප්, ප්‍රියා කොහොමද මේ සිද්ධි එක්ක සම්බන්ධ වෙන්නේ ?
  • ඇත්තටම මොකද්ද මෙතන වෙන්නේ?

මේ වගේ ප්‍රශ්න වැලක්ම ඔයාලට මේ චිත්‍රපටය නරඹද්දි ඇතිවෙයි..මම මේ කියලා තියෙන්නේ මුල් විනාඩි කීපය ඇතුලේ යන පොඩිම පොඩි කොටසක්..ඒත් මේක නෙවෙයි මේ කතාවේ තියන හොඳම කොටස..ඒක ඔයාලට නරඹන්න ඉඩ ඉතුරු කරලා තමයි මම චිත්‍රපටයට පොඩි ප්‍රවේශයක් අරගෙන දුන්නේ…ඉතින් විනාඩි 128ක් පුරාවට කිසිම කම්මැලිකමක් නැතුව ලොකු කුතුහලයක් එක්ක මේ චිත්‍රපටය ඔයාලට නරඹන්න පුලුවන්..

 

 

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම අංජුල උමේෂ් (Cinerulk)
IMDb 7.6 /10

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Mavka: The Forest Song (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Den of Thieves 2: Pantera (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Silent Night (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Underworld: Endless War (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Annapoorani (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maharaj (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Japan (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pari (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Joshua Imai Pol Kaakha (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ne Zha (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Salaar: Part 1 – Ceasefire (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sergeant (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published