EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Geethanjali Malli Vachindi (2024) | ගීතාංජලි නැවතත්..

2014 වසරේදී නිකුත් කරපු Geethanjali ෆිල්ම් එක නොබලපු කෙනෙක් නැති තරම්. ඉතින් ඒකෙම sequel එක තමා අද ඔයාලට දෙන්නේ. ඒ තමා Geethanjali Malli Vachindi කියන ෆිල්ම් එක. කොමඩි හොරර් ශානාරයට අයිති මේ ෆිලුම මේ අවුරුද්දේ අප්‍රේල් 11 තමා නිකුත් වෙන්නේ. (නමුත් මේ ෆිල්ම් එක නිකුත් වෙන්න තිබ්බේ මාර්තු 22. ඒත් ඒක කල් ගියපු හින්දා තමයි මේ දවසේ නිකුත් කලේ.) මුල් ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය රාජ් කිරාන් කලාට මේකේ අධ්‍යක්ෂණය කරන්නේ ශිවා තුලාපටි විසින්. මේ ෆිල්ම් දෙකේම එකම විශේෂත්වය තමා ෆිල්ම් දෙකම එයාලගේ පළමු අධ්‍යක්ෂණයෙන් දායක වෙන ෆිල්ම් දෙකක් වෙන එක. සංගීතය ප්‍රවීන් ලක්කරාජුගෙන්. (ෆිල්ම් දෙකේම සංගීතය සැපයුවේ එයාම තමයි.) නිෂ්පාදනය කෝනා වෙන්කට් හා M.V.V සත්‍යනාරායනගෙන්.

 

Geethanjali Malli Vachindi කියන්නේ අපේ කතා නායිකාවට නම් සුවිශේෂී දෙයක්. වෙන හේතුවක් නිසා නෙමෙයි, මේක එයාගේ 50 වෙනි ෆිල්ම් එක වෙන හින්දා. ඒ වෙන කවුරුත් නෙමෙයි, අංජලි. මේ දවස්වල විශ්වන්ක් සෙන් ගේ Gangs Of Godavari ෆිල්ම් එකේ එයා රංගනයෙන් දායක වෙනවා. (දැන් ඒකේ OTT නිකුත් වෙලා)

රේටින් ගැන කතා කලොත් IMDB අගය 5.0/10කුත් ගුගල් පරිශීලක අගය 47% කුත් තියෙනවා.

OTT නිකුත් කරන්නේ Amazon Prime Video හා Aha Stream වලින්, මැයි මාසේ 8 වෙනිදා හා 11වෙනිදා යන දවස් දෙක ඇතුලේ.

කතාව යන්නේ මෙහෙමයි.
පළමු කොටසේ වෙච්ච දේ මතක ඇති නේ කට්ටියට. ඒ කියන්නේ රමේෂ් රාඕ කියන මනුස්සයාව මරන සිද්ධිය. මේ ෆිල්ම් එකේ වෙන්නේ එයාගේ පුතා වෙචිච විශ්නුව මරන සිද්ධිය. මං ඔය කිව්වේ අන්තිමට වෙන දේ.

හැබැයි පළමු කොටසේ හිටපු අපි දන්නා අදුනන චරිත කිහිපයකුත් මේ ෆිල්ම් එකෙත් ඉන්නවා.

කාස්ට් එක ගත්තොත්..
Anjali
Srinivasa Reddy
Satya
Satyam Rajesh
Shakalaka Shankar
Teja Sajja
Sunil varma
Rao Ramesh (Cameo)
Rahul Madhav
වගේ හොද කාස්ට් එකක් එනවා.

පොඩි දෙයක් කියන්න ඕනේ. පුලුවන් නම් මේකේ පළමු කොටස අරගෙන බලලා දෙවෙනි කොටස බලන එක කෝකටත් හොදයි. මොකද මේකටයි ඒකටයි සම්බන්ධයක් තියෙන නිසා.(සම්බන්දේ මොකක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. )

Comments

June 29, 2024

❤️👍

July 3, 2024

Direct download eror ekak thiyenawa