EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Memory (2023) | මතකය [සිංහල උපසිරසි] (18+)

 

අමතකවූ මතකය යලි මතක් කර ගැනීමට උත්සහ දරන්නෙක්, අමිහිරිවූ මතකය අමතක කරගැනිමට උත්සහ දරන්නියක්…

වෙනස්මවූ සිනමා රසයක් විඳගැනීමට කැමති සිනමාරසිකයන් වෙනුවෙන් නිර්මාණයවූ සිනමාපටයක්…

2024.06.22 වන විට,

*IMDb rating               –       6.6
*නිෂ්පාදන වියදම     –       $ 100, 000 ($ = ඇමරිකන් ඩොලර්)
*Box Office ආදායම  –       $ මිලියන 1.3
*ප්‍රේක්ෂක වර්ගය     –       R (Restricted)
*නිර්දේශවීම්             –       1) Jessica Chastain – Best Lead Performance (Independent Spirit Awards),
                                           2) Michel Franco – Golden Lion (Venice International Film Festival)
*සම්මාන                   –       1) Peter Sarsgaard – Volpi Cup for Best Actor (Venice International Film Festival),
                                           2) Feature Low Budget For Comedy or Drama (Casting Society of America)

(තොරතුරු Wikipedia, IMDb ඇසුරෙනි.)

සිනමා  ලෝකයට විශේෂිත වසරක්වූ 2023 වර්ෂයේදී නිකුත්වූ සුපිරි සිනමාසිත්තම්වල සෙවනැළිවලින් වැසීගිය එතරම්ම අවධානයට ලක්නොවූ Michel Franco විසින් අධ්‍යකෂනය කළ Oscar(Academy) සම්මානලාභී Jessica Chastain, ජනප්‍රිය නළු Peter Sarsgaard, Brooke Timber, Merritt Wever, Jessica Harper ප්‍රධාන චරිත ලෙසින් රංගනයෙන් දායක වන පුද්ගලයින් දෙදෙනෙකුගේ මතකයන් පදනම්කරගත් නාට්‍යමය වරගයේ සිනමාපටයකි Memory 2023.

කතාවේ, කතානායිකව වන්නේ Sylvia නැමැති එක්දරු තනිකඩ මවක්. කතානයකයා වන්නේ Saul. ඔහු ***Dementia*** (ඩිමෙන්ෂියා /Dementia – තම ජීවිත කාලයේ එක් එක් කාලවකවානුවන්හිදි සිදුවූ සිදුවීම්, හමුවූ පුද්ගලයන් කොටස් වශයෙන් අමතකවන රෝගයකි) රෝගයෙන් පෙලෙන මැදිවියේ කණවැන්දුම් පුද්ගලයෙක්. දෙදෙනා  මුනගැසැන්නේ ඔවුන් දෙදෙනාම ඉගෙනගත් පාසලේ ආදිශිෂ්‍යයන් නැවත හමුවීම සඳහා  පවත්වනු ලබන සුහද-හමු උත්සවකදී, වැරදීමකින් (ඔහුගේ රෝගය නිසාවෙන්). එතැන් පටන් ඔවුන්ගේ ජීවිතය ගලායන ආකාරය, දැනගැනීමට ඔබට සිනමාපටය නැරඹීමට සිදුවේ.

සිනමා පටයේ මුල් අවස්වථාවලදි Sylvia ගේ එක් එක් ක්‍රියාකලාප හේතුවෙන් ඇය සෑම පිරිමියෙකුම හෙලාදකින දැඩි ස්ත්‍රීවාදියක ලෙස පෙනීගියත් ඇයගේ එම ක්‍රියා කලාපයන්ට හේතුව සිනමාපටය අවසානභාගයේදි ඉතා රසවත්ව හා වඩා නාට්‍යරූපීව ගෙනහැරපා තිබේ.

සිනමා පටයේ විශේෂයෙන් අවධානයට ලක්වන්නේ එහි ජවනිකා වලට අදාළව පසුබිම් සංගීතයක් නොමැති වීමයි. එය එසේ වුවද Academy සම්මානලාභී Jessica Chastainගේ චරිත ආරූඪකරගැනීමේ සුවිශේෂී හැකියවෙන් (ඇය එසේ තමා රංගනයේ යෙදෙන චරිතයට ආරූඪ වන විස්මිත ආකාරය දැකබලාගැනීමට Scenes From A Marriage නරඹන්න) සහ සෙසු රංගනශිල්පීන්ගේ විශිෂ්ඨ රංගනයෙන් එහි අවශ්‍යතාවක් සිනමා පාඨකයන්ට අමතක කරවීමට සමත්කම්පා තිබේ. නිශ්චිත ආරම්භයක් නොමැති සහ විවෘත අවසානයක් ඇති මෙය Sylvia ගේ ජීවිතයේ එකතරා  කාලවකවානුවක වැදගත් සංධිස්ථානයක් සංෂිප්ත ලෙස සිනමාවට ගොඩනැංවීමක් බව පෙනීයයි. එමෙන්ම සිනමාපටයේ සිද්ධීන් ගලා යන ආකාරයට මෙම සිනමාපටය, සාමාන්‍යය සිනමාපටයක දක්නට ලැබෙන සිනමාරූපීභවෙන් මිදී සැබෑ  ජීවිතයේ යථාර්ථවාදීබවට වඩාත් ආසන්නව ගොඩනඟා ඇති බව ඔබට අවසානයෙදී හැඟීයනු ඇත. මෙවැනි කරුණු කාරණා  හේතුවෙන් මා මෙම ලිපිය ආරම්භයේදී, හැඳින්වීමේ සදහන් කල පරිදි වෙනස්ම සිනමා රසයක් මෙම සිනමාපටයේ අන්තර්ගතවී ඇත.

සිනමාපටයට R වර්ගීකරණය ලැබී ඇත්තේ අවස්ථා කිහිපයකදී වැඩිහිටියන්ට පමණක් සුදුසු දර්ශන සහ දෙබස් කිහිපයක් අන්තර්ගතවීම නිසාවෙන් වුවද, සිනමාපටයේ හරය සියල්ලන්ට ගැලපෙන පරිදි සකසා ඇත.

ජීවිතයේ සිදුවන සමහරක් සිදුවීම්, ලෙහෙසියෙන් සුවනොවන තුවාල මෙන් ජීවිතයේ විටින් විට රිදුම්දෙන බවටවූ ජීවිත සත්‍ය‍ය මෙම සිනමාපටයෙන් විශිෂ්ඨ ලෙස නිරූපනය කර තිබේ. එමෙන්ම Sylvia වැනි පුද්ගලයන් ඔබට ඉදිරි ජීවිතයේදී මුණගැසුනහොත්, ඔවුන්ව විනිශ්චයට ලක් නොකොට ඔවුන්ව බුද්ධිමත්ව තේරුම් ගැනීමටත්, ඔවුන්හට කාරුණික වීමටත් ඔබට මෙම සිනමාපටය ඉදිරියේදී සිහිපත්කරදෙනු ඇත.

Comments