CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1877 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 01 [With Ads]
Higuita (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Higuita (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 31, 2023India150 Min.
Your rating: 0
5.5 2 votes
Higuita (2023) | වෙඩික්කාරයෙක්

 

2023 Theatre release උනත් වසරකට වැඩි කාලයක් ප්‍රමාද වී මේ ජූනි 28 දින OTT release උන දැනට IMDB අගය 8.2 ක් ගත්තු political drama ඝනයට අයත් මේ සිනමා පටයේ තිබෙන්නෙ අම්වුට්සතුම ඒත් ලස්සන කතාවක්. මලයාලි රසිකයො මග හරින්නෙ නැතුව බලන්නම ඕනෙ කතාවක් හැටියට මම කියනවා.

හිගුයිටා කියන නම අනූව දශකයේ ලෝකයේ ප්‍රසිද්ධ වෙන්නෙ ඉන්දියාවෙන් නම් නෙමෙයි කොලොම්බියාවෙන්. කොලොම්බියානු පාපන්දු කණ්ඩායමේ අනූව දශකයේ සිටි ප්‍රකට දැල රකින්නා වන ඔහු  සුවිශේෂ ක්‍රීඩකයෙක්. දෙවුර දක්වා කොණ්ඩය වවා ගත් ඔහුටම ආවේණික ක්‍රීඩා රටාවක් තියෙන මොහු ඒ කාලයේ පාපන්දු ලෝලීන්ට නම් අමතක නෑ. ඔහුගේත් දුර්ලභ සුවිශේෂත්වය තමයි ඔහු සිය දැල රැකීමට පමනක් සීමා නොවී ප්‍රතිවාදී ගෝල සීමාව ආක්‍රමනය කරමින් ගෝල රැස් කිරීම Higuita: The Way Of The Scorpion (2023) කියන චිත්‍රපටය ඔහු ගැනයි. ඒත් ඒ කිසිවක් අපේ කතාවට අදාළ නෑ. ඒකෙ පාපන්දුවට සම්බන්ධ කිසි දෙයක් නෑ. හිගුයිටා ගැන නිකම් දැම්මෙ දැන ගන්න.

මේකෙ ප්‍රධාන චරිතයක් වන මුකුන්දන් නම් වාමාංශික ප්‍රභල දේශපාලකයා තරුණ කාලයේ පාපන්දු ක්‍රීඩා කරන විට ඔහුට පට බැඳුනු නමක් තමයි හිගුයිටා.එහෙනම් ඔහුගේ චරිතය තේරුම් ගන්න පුළුවන් නේ?. කතාවේ අනිත් ප්‍රධාන චරිතය දාස් නම් තරුණයාගේ පියා සිවිල් පොලිස් සේවයේ සිටියදී මිය යනවා ඒ නිසා පොලිසියට බැඳීමට ඔහුට අවස්ථාවක් හිමි උනත් නියමිත කාලය තුලදී ඔහු එම රැකියාව භාර ගන්නේ නෑ. මදක් අලස අහිංසක චරිතයක් වන ඔහු තුල ඇති බිය එයට හේතුවක් වෙනවා නමුත් සිය මවගේ දැඩි බලපෑමත් පවුලේ අමාරු කම් නිසා ඔහුට අකමැත්තෙන් හෝ පොලිසියට බැඳෙන්නට සිදු වෙනවා.

ඒත් මේ පාර නිකම්ම ලැබුනු අවස්ථාව නිසා නෙමෙයි පාලක දේශපාලක පක්ෂයේ සහයෝගය ඇතිව. ඇත්තෙන්ම ඔවුන් මේ පත් කිරීමට ප්‍රති උපකාරයක් ලෙස ඔහුව දේශපාලන භීෂනයක් ඇති කන්නූර් වල මුලින් සඳහන් දේශපාලකයාගේ ආරක්ෂකයා ලෙස අනුයුක්ත කරනවා. නිරන්තරයෙන් මරණ තර්ජන ඇති මෙම නායකයාගේ ආරක්ෂකයා වීම මරු කටට යාමක්. ඒත් පක්ෂයට අනුව පාක්ෂිකයෙකුගේ ජීවිතයේ පාලනය තිබෙන්නේ පක්ෂය මතයි. එක් පසකින් දේශපාලනය සහ ඒ හා අත්වැල් බැඳුන පොලිසිය අතර හිර වෙන අහිංසක ඔහුට කටයුතු කරන්න වෙන්නේ ප්‍රභල සහ ප්‍රචණ්ඩ යැයි හංවඩු ගැසුණු දේශපාලන නායකයෙකු සමග. එම සම්බන්ධය කෙසේ වේද? පහු ගිය දවස් වල අපිට අපේ රටේ සිදු වීම් වලදිත් මේ ගැන හිතන්න සිදු උනා. එහෙනම් බලල ඉන්න.

කාලෙකට පස්සෙ සුරාජ් වෙන්ජාරමුඩුගෙ රංගනයක් දකින්නෙ ධ්‍යාන් ශ්‍රීනිවාසන් සමග. අමතරව ඉන්ද්‍රන්ස්. විනීත් කුමාර් මනෝජ් ජයන් රංගනයෙන් දායක වෙනවා. අධ්‍යක්ෂණය හේමන්ත් නායර් ගෙන්.

Higuita (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Higuita (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම BANDULA K (Baiscopelk)
IMDb 7.6 /10 415 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Spiderhead (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Epic Tails (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chandu Champion (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Girls Will Be Girls (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rustom (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Halloween Ends (2022) Sinhala Subtitles
Ranam Aram Thavarel (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Imaikkaa Nodigal (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dhoomam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mikhael (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anpodu Kanmani (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Anaconda (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published