EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Maboroshi (2023) | අත්‍යත යථාර්ථයක සිරවී…

 

මබොරොෂි ( まぼろし ); මේ ජපන් වචනයෙ සරලම සිංහල තේරුම වෙන්නෙ, “මායාව.” එහෙම නැත්නම් “යම් අස්වාභාවික දෙයක්” යන අර්ථයෙන් වුනත් අපිට මේක වරනගන්න පුලුවන්. ඉතින් ඇයි මේ වගේ අර්ථයකින් මේ චිත්‍රපටය නම් වෙලා තියෙන්නෙ? මේක බලාගෙන යනකොට ඒ ඇයි කියල ඔයාලට තේරෙයි.

කාර්මික විප්ලවය ඇරඹුනු දා පටන්, “මිෆුසෙ” නගරයෙ ජනතාව, “කන්සරි” කන්දෙන් ලැබුණු මහා යකඩ සම්පතේ ආශිර්වාදය සමඟිනුයි ජීවත්වුණේ. මේ මහා අයෝමය ආශිර්වාදය මිනිසුන්ට ප්‍රයෝජනයට ගතහැකි ලෙස සකසපු, මිෆුසෙ නගරයෙ යකඩ වැඩපොළ මේ නගරයෙ හදවත බඳු ස්ථානයක්. ඉතින් ගෙවීගිය තවත් එක දවසක, මේ මිෆුසෙ නගරයෙ ජීවත් වෙන “කිකුයිරි මසමුනේ” කියන කොලුවා තම මිතුරන් සමඟ ඇතුලත් වීමේ විභාගය වෙනුවෙන් අධ්‍යයන කටයුතුවල නිරතවෙනවා. එදා රාත්‍රියෙ ඉහත කිව්ව යකඩ වැඩපොළේ මහා පිපුරුමක් සිදුවෙන්නෙ කවුරුත් නොසිතපු මොහොතක අනපේක්ෂිත සිද්ධියක් ලෙසින්. මේ සිදුවීමට පසුව මිෆුසෙ නගරයට මොනවිදිහෙ අස්වාභාවික සංසිද්ධියකටද මුහුණ දෙන්න වෙන්නෙ කියල, මේ නගරයෙ ජීවත්වුණු කවුරුත් එදා රාත්‍රියෙ දැනගෙන හිටියෙ නෑ…

2023 සැප්තැම්බර් 15 වෙනිදා විකාශය වීම ඇරඹුණු මේ ඇනිමේ චිත්‍රපටය, මේ වෙනකොට කොයිකවුරුත් දන්නා පෙරළිකාර ඇනිමේ ස්ටුඩියෝවක් වෙන Maruyama Animation Produce Project Association නොහොත් “MAPPA” වෙතින් Original Anime එකක් විදිහට නිකුත් කරන්නක්. Original Anime එකක් කියන්නෙ මන්ගා එකක් හෝ ලයිට් නවල් එකක් මූලාශ්‍ර කරගන්නෙ නැතුව අලුතෙන්ම නිර්මාණය වෙන ඇනිමේ එකක්.

Drama කියන වර්ගීකරණයට අයත්වෙන පැය 1යි විනාඩි 51ක ධාවන කාලයක් සහිත මබොරොෂි; මේ ඇනිමේ චිත්‍රපටය මේ වසරෙදි පැවැත්වුණු 78වෙනි Mainichi Film Awards හීදී Best Animated Film Award එකත්, ඒ වගේම 2nd Niigata International Animation Film Festival හීදී Kabuku Award එකත් දිනාගන්න සමත්වෙනවා. ඒ විදිහට ගෞරව සම්මානවලට පාත්‍රවෙන මබොරොෂි, මේ ලිපිය ලියන මොහොත වෙනකොට ඇනිමේ වෙනුවෙන්ම වෙන්වෙලා ඇති MAL නොහොත් MyAnimeList තුළින් 7.2ක අගයක්, Imdb 6.3ක අගයක් සහ Rotten Tomatoes තුළින් 75%ක ප්‍රතිශතයක් දිනාගන්න සමත්වෙනවා.

ජනප්‍රිය හඬ නලුනිලියන් රැසකගෙ දායකත්වයෙන් රසවත් වී ඇති මබොරොෂි මට නම් බලන්න ලැබුණු තවත් සුපිරිම ඇනිමේ චිත්‍රපටයක් කියල සැක නැතිව කියන්න පුලුවන්. කොහොමත් MAPPA ගෙ වැඩක් කියන්නෙ ආයෙ සුපිරියක් තමයි. එහෙනම් අත්‍යත යථාර්ථයක වෙනස්ම අත්දැකීමක් විඳගන්න ආරාධනා කරමින් මං සමුගන්නවා.

Comments