CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2295 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
The Watchers (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Watchers (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 06, 2024Ireland102 Min.
Your rating: 0
7.5 10 votes
The Watchers (2024) | ශාපලත් වනාන්තරයේ අභිරහස් සත්වයෝ

 

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ තරමක් විශේශ හොරර් ෆිල්ම් එකක්. විශේශත්වෙ තමයි මේක The Sixth Sense (1999), Unbreakable (2000), Split (2016) වැනි විශිෂ්ට හොරර් චිත්‍රපට ගනනාවක් අධ්‍යක්ෂණය කෙරූ M. Night Shyamalan මහතාගේ දියණිය වන Ishana Night Shyamalanගේ ප්‍රථම චිත්‍රපට අධ්‍යක්ෂණය වීම. ෆිල්ම් එක ගැන කිව්වොත් මේක තරමක් සංකීර්ණ කතා තේමාවක් රැගත් වෙනස්ම විදිහේ ෆිල්ම් එකක්. ඒ බව ඔයාලටත් තේරෙයි මේකෙ නිකුත් වෙලා තියෙන ට්‍රේලර් දෙක බැලුවාම. හැබැයි ඉතිං ඔයාලත් දකින්න ඇති ෆිල්ම් එකට ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර නම් එච්චරම හොඳ නෑ කියලා.

ඒකට මූලිකම හේතුව වෙලා තියෙන්නේ මේ ෆිල්ම් එකේ කතා තේමාවෙ තියෙන සංකීර්ණ බව වෙන්න ඕනෙ. මේක අධ්‍යක්ෂකතුමියගෙ කුළුදුල් අධ්‍යක්ෂණය නිසාම වෙන්නත් ඇති චිත්‍රපටයෙ සමහර තැන් වල නොවිසඳුණු කරුණු කීපයක් අපිට බලාගන්න හැකිවෙනවා. මං කියන්නෑ ඒවා චිත්‍රපටයට ලොකුවටම බලපාල තියෙයි කියලා හැබැයි චිත්‍රපටයෙ තාත්වික බව එමගින් ටිකක් අඩුවෙලා තියෙනවා. ඒ වගේම රංඟන ශිල්පීන්ගෙත් සමහර තැන්වල දුර්වල රඟපෑම් බලාගන්න හැකිවෙනවා. හැබැයි චිත්‍රපටය රසවිඳීමට ඒවාගෙන් කිසිම බාදාවක් නම් වෙන්නැ කියල කිව්වෑකි. මේ දේවල් නිසා තමයි චිත්‍රපටය අඩු රේටින් අරන් තියෙන්නේ. ඒ අනුව මේකට IMDb දර්ශකේ 5.7 අගයකුත් කුණු තක්කාලි 31% ලැබිල තියෙනවා. හැබැයි මං කිව්ව කරුණු ටික ඇරුණාම ඔයාලට සුපිරි කතා තේමවක් නම් මේකෙන් බලාගන්න පුළුවන් වගේම චිත්‍රපටයෙ අවසානයත් ඉතාමත්ම සාර්ථකයි කියලත් කියන්න පුළුවන්.

කතාව ගැන කිව්වොත්, මීනා කියන්නෙ පොඩි කාල සිද්ධ වුණ සිදුවීමක් නිසා ලොකු පීඩාවකින් ඉන්න තරුණියක්. ඇය වැඩ කරන්නේ සුරතල් සතුන් විකුණන ශොප් එකක. එහිදී ඇයට වැඩක් වැටෙනවා ගිරවෙක්ව බෙල්ෆාස්ට් පැත්තෙ තියෙන සත්තු වත්තකට ගෙනියන්න කියලා. බෙල්ෆාස්ට් යනව කියන්නේ දවසක ගමනක්. ඊටත් එදාට ඇයගෙ අම්මා නැතිවෙලා අවුරුදු 15 කුත් වෙනවා. මෙයා ඒකටත් අවුලෙන් ඉන්නේ. කොහොම හරි මීනා වැඩේ බාරගෙන ගමන පිටත් වෙනවා. මෙයාට යන්න තියෙන්නේ පිටිසර කැලෑබද පාරකින්. ඔහොම කැලෑව ඇතුලෙන් මගක් දුර ගියාම වාහනේ නවතිනවා. කරුවල වැටෙන්නත් ඔන්න මෙන්න.

ඉතිං මීනා ගිරවත් අරන් පයින් උදව් හොයාගෙන වැඩි දුරක් යන්න මත්තෙන් කාර් එකත් අතුරුදහන් වෙනවා. මෙයා හොඳටම බයවෙලා දුවගෙන යද්දි අත්භූත ගෙදරයක් හමුවෙලා ඔවුන් මෙයාව ඇතුලට ගන්නවා. එතනදි තමයි මීනට වැඩේ තේරෙන්න ගන්නේ. ඒ කැලෑව ශාපලත් තැනක්, රෑට අත්භූත සත්වයො ටිකක් ඒ කැලෑවේ සැරිසරනවා, ඔවුන්ට එයාල කියන්නේ “නිරීක්ෂකයෝ” කියලා. මේ නිරීක්ෂකයො බලන් ඉන්නෙ මිනිස්සුන්ව බිලිගන්න. එයාල අර ගෙදර ඇතුලෙ ඉන්නකල් තමයි ආරක්ෂිත. මේ සත්තුන්ට ඉර එළියෙ ගමන් කරන්න බෑ, ඒ නිසා දවල්ට උන් පොළව යට හැංගිලා ඉන්නේ. ඉතිං කවුද මේ සත්තු? ඔවුන් කොහොමද ඇතිවුණේ? කොහොමද මේ වනාන්තරේට ආවේ? ඒක අවුරුදු බර ගානක් ඈතට දිවයන කතාවක්. මොකක්ද ඒ කතාව කියන එක වගේම, මීනා ඇතුළු මේ පිරිස ඉන්න ආරක්ෂිත ගෙදර ඇතිවුණේ කොහොමද කියන හැමදේකටම උත්තර ඔයාලට මේ චිත්‍රපරයෙන් හොයාගන්න පුළුවන්.

මේක සිනමාශාලාවල් වලට නිකුත් කෙරුණේ ලංකාවෙත් ඇතුලුව ජූනි 07 වෙනිදා. බෙදාහැරීම් කටයුතු කරේ  Warner Bros. Pictures ආයතනය විසින්. මීට රංගනයෙන් දායක වෙනවා Dakota Fanning / Georgina Campbell / Olwen Fouéré / Oliver Finnegan වැනි අය.

ඕක තමයි එහෙනම් ෆිල්ම් එක ගැන විස්තරේ. මං උඩ කිව්ව දේවල් තමා මේකෙ රේටින් අඩුවෙන්න හේතුවෙලා තියෙන්නෙ ඊට වඩා කිසිම අවුලක් නැතුව බලන්න පුළුවන් සුපිරි කතා තේමාවක් තියෙන හොරර් චිත්‍රපටයක් මේක. මොකද මේක ඇමරිකානු ඩොලර් මිලියල 30 වැනි ලොකු මුදලක් වැය කරලා හදපු චිත්‍රපටයක්, ඒ නිසා ෆිල්ම් එකේ ගුණාත්මකබාවෙ ගැන නම් කිසිම සැකයක් තියාගන්නෙපා ඒ අතින් වැඩේ සුපිරියටම තියෙනවා

The Watchers (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Watchers (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Watchers (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Watchers (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Watchers (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Watchers (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Watchers (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Watchers (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Watchers (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Watchers (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම Bimsara Yashan (ඔලිව) (Baiscopelk)
IMDb 5.7 /10 15,158 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Clean (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
What Lies Below (2020)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dance of Death (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Flipped (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Crisis (2021) Sinhala Subtitles | Watch Online
Sick Girl (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Look Back (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spy Kids 2: Island of Lost Dreams (2002) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Mazhai Pidikatha Manithan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Time Cut (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Iron Mask (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mr. & Mrs. Mahi (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published