EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Maharaja (2024) | සර් ලක්‍ෂ්මිව හොයලා දෙන්න සර්.

 

මේ චිත්‍රපටය ඔබට නැරඹීමට ඔබට ප්‍රධාන වශයෙන් කරුණු තුනක් හේතු ලෙස ඉදිරිපත් කරන්නට කැමතියි තිර රචනය, විජේසේතුපතිගේ අපරිමිත රංගනය, අන්තර්ගතයේ ඇති සංවේදි හරය. ඉහත රූප වලින් පවා දක්වා ඇති ආකාරයට මෙම සිනමාපටය ඉන්දියාවේ පමණක් නොව විදේශයන්හි පවා ඉතාමත් හොඳ ප්‍රේක්‍ෂක ප්‍රතිචාරයන් මෙන්ම ආදායම් වාර්තාවන්ද තබමින් ජයග්‍රාහී ගමනක් යෑමට සමත් වුනා. සිනමාපටයේ අන්තර්ගතය පිළිබඳව වචන කිහිපයක් පැවසුවහොත් මෙය No Heroine, No Romance, No Unwanted Songs යන මැයෙන් නිර්මාණය වූවක්. ඒ වගේම ” මක්කල් සෙල්වන් විජේ සේතුපති” මෙහි ප්‍රධාන චරිතය රඟදක්වනවා. මේ ඔහුගේ සිනමා දිවියේ 50 වන සිනමාපටය. විජේ සේතුපති ගැන දමිළ සිනමා රසිකයින්ට මා අමුතුවෙන් විස්තර කලයුතු නෑ. මීට අප අඩවියේම ඔහු රංගනයේ යෙදුනු සිනමාපට සඳහා උපසිරැසි නිර්මාණය කර ඉදිරිපත් කිරීමේදි ඔහුගේ හැකියාවන් දක්‍ෂතාවයන් පිළිබඳ මා මෙන්ම අපගේ අනෙකුත් සහෝදර උපසිරැසිකරුවන් පවා ලිපි වලින් සටහන් තබා ඇති. ඔහුගේ රංගන දිවිය තුල පවා ලොකු වෙනසක් ඇතිකරමින් නිකුත් වූ ඉතාමත් පහසුවෙන්ම BlockBuster ලේබලය අලවාගත් මේ චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟින් නැරඹීමට ඔබටත් අවස්ථාව…..

ක්‍රමානුකූල නොමැති තිර රචනය විශිෂ්ට සිනමා රසවින්දනයක් ලබාදෙනු ඇත….
அன்புள்ள திரு.விஜய் சேதுபதி அவர்களே,
உங்கள் 50வது படத்திற்கு எங்களின்
அன்பான வாழ்த்துக்கள்!
(ආදරණීය විජේ විජේසේතුපති ඔබගේ 50 වන සිනමාපටය වෙනුවෙන් අපගේ උණුසුම් සුභපැතුම්!)

 

Comments

July 21, 2024

It is a sad story

August 1, 2024

❤️❤️❤️